ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්‍රාහකත්වය දෙයි

Fashion Bug, Sri Lanka’s leading fashion brand, has once again sponsored the ongoing renovation of the Colombo Fort Railway Station as part of its CSR efforts. Improvements include updated signage, platform numbers, and passenger-friendly facilities.

ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්‍රාහකත්වය දෙයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය සඳහා අනුග්‍රාහකත්වය මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමය වන ෆැෂන් බග් ආයතනය මෙවරත් ලබා දී තිබේ. කොළඹ කොටුව දුම්ර්ය ස්ථානය නවීකරණය 2013 වසරේ සිටම ක්‍රියාත්මක වෙන්නේ ෆැෂන් බග් හී ආයතනික සමාජ සත්කාරයක් (CSR) ලෙසයි.


මේ අනුව මඟීන් දහස් ගණනක් උදෙසා එදිනෙදා අපහසුතාවන් ඉවත් කරමින්, පැහැදිලි කාලසටහන්, වේදිකා අංක හා මඟ පෙන්වීමේ පුවරු මෙන්ම, සංඥා පුවරු නවීකරණය කර නැවත ස්ථාපිත කොට තිබේ.


මේ පිළිබඳ අදහස් දක්වමින් ෆැෂන් බග් හී අධ්‍යක්ෂ ෂබීර් සුබියන් මහතා පැවසුවේ "අපි මේ කාර්යයන් ආරම්භ කළේ 2013 දීයි. මේ වසරේදී රජයේ "Clean Sri Lanka" වැඩසටහන යටතේ දුම්රිය ස්ථාන නවීකරණයේ ඉදිරි කාර්යයන් සඳහා සම්බන්ධ වීමට ලැබීම අපලත් වරප්‍රසාදයක් ලෙසයි සලකන්නේ. අප විසින් මූලිකම වටිනාකමක් ලෙස සලකන සමාජ සත්කාර ක්‍රියාවන්, රජයේ දැක්ම හා සමපාත කිරීමට හැකියාව ලැබීමක් ලෙසයි අපි මෙය දකින්නේ" යනුවෙන් ඔහු සඳහන් කළේය.


නවීකරණය කළ දුම්රිය ස්ථාන භාරදීමේ උත්සවය, ෆැෂන් බග් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සිදුවිණි. ඒ සඳහා, සහකාර
සාමාන්‍යාධිකාරී මෙහෙයුම් වී. එස්. පොල්වත්තගේ නියෝජ්‍ය අධිකාරී (විකුණුම් සහ අලෙවිකරණ) ඩබ්ලිව්. එස්. චන්දන, හා කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපති අධිකාරී එස්.


එම්. එල්. සිරිවර්ධන, සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපති බී. එස්. පී. මෙන්ඩිස් යන මහත්වරුන් ද ඇතුළත් විය. ෆැෂන් බග් වසර ගණනාවක් පුරා අගනුවර රෝහල් වාට්ටු ප්‍රතිසංස්කරණය ඇතුළු ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් බොහොමයක් සඳහා ක්‍රියාකාරීව දායකවී තිබේ.


කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණය කරන ලද සංඥා පුවරු සවි කිරීම වැනි ව්‍යාපෘති සඳහා සමාගම අඛණ්ඩව දායක වීමෙන් මෙම උත්සාහයන් තවදුරටත් වර්ධනය විය.

ෆැෂන් බග් හි අධ්‍යක්ෂ ෂබීර් සුබියන් මහතා විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා හට අනුග්‍රාහකත්වය ලබා දීම