මෙන්න ඇය ලංකාවට ඇවිල්ලා. හිත පිරෙන්න කෙටි නිවාඩුවක් ගත කරන්න. ලංකාවේ රසිකයෝත් ආදරය කරන ඇය

Indian actress Rashmika Mandanna visits Sri Lanka for a short vacation with friends, sharing moments from a serene and scenic location. The visit has thrilled her Sri Lankan fans.

මෙන්න ඇය ලංකාවට ඇවිල්ලා. හිත පිරෙන්න කෙටි නිවාඩුවක් ගත කරන්න. ලංකාවේ රසිකයෝත් ආදරය කරන ඇය

ඉන්දීය සිනමාව විතරක් නෙවෙයි, මුළු ආසියාවම තමන්ගේ හුරුබුහුටි හිනාවෙන් වසඟ කරගත්තු රශ්මිකා මන්දනා මෙන්න ලංකාවට ඇවිත්. හැබැයි මේ ආවේ ශූටින් එකකට නම් නෙවෙයි, තමන්ගේ හිත පිරෙන්න කෙටි නිවාඩුවක් ගත කරන්නයි.

රශ්මිකා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි දාලා තිබුණු සටහනකට අනුව, ඇය මේ දවස් දෙකේ නිවාඩුව ගත කරලා තියෙන්නේ ඇගේ අතිජාත මිතුරියන් කීප දෙනෙක් එක්ක. ලංකාවේ හරිම සුන්දර, නිස්කලංක තැනක නවාතැන් අරගෙන තියෙනවා කියලා සඳහන් වෙනවා.

ඇය යෙහෙළියන් එක්ක හිනාවෙලා සතුටින් ඉන්න අපූරු පින්තූර කීපයක්ම සමාජ මාධ්‍යට එක් කරලා තිබුණා. ලංකාවේ ස්වභාවික සෞන්දර්යය ඇය හරිම ආසාවෙන් රසවිඳලා තියෙන බව ඒ පින්තූර වලින් පේනවා.

මේ දිනවල Netflix හරහා විකාශනය වන "The Girlfriend" සිනමා පටය නිසා රශ්මිකා ගැන ආයෙමත් ලොකු කතාවක් හැදිලා තියෙන්නේ. ලංකාවේ අපේ රසිකයෝ අතරත් ඇය අතිශය ජනප්‍රිය නිසා මේ ආරංචිය ලංකාවේ හැමෝම අතරේ ලොකු උද්යෝගයක් ඇති කරලා තියෙනවා.