චීනයේ එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සඳහා දෙදින සම්මන්ත්‍රණයක් BRISL ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුනක සිසුන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන BRISL දෙදින සම්මන්ත්‍රණයෙන් චීනයේ BRI වැඩසටහන, ආයෝජන අවස්ථා සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කෙරේ.
විශ්වවිද්‍යාල තුනක සිසුන් 25 දෙනෙක් සහභාගී වෙති; ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් සහ කලාපීය සහයෝගීතාව පිළිබඳව අවධානය
කොළඹ, ඔක්තෝබර් 19: “ශ්‍රී ලංකාව සහ එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන: තිරසාර සංවර්ධනය සඳහා සහයෝගීතා අවස්ථා ගොඩනැගීම” (Sri Lanka and the Belt and Road Initiative: Building Synergies for Sustainable Development) යන තේමාව යටතේ පැවැත්වෙන දෙදින උපාධි අපේක්ෂක සම්මන්ත්‍රණය Belt and Road Initiative Sri Lanka (BRISL) ආයතනය විසින් අද කොළඹ අමාරි හෝටලයේදී ආරම්භ කරන ලදී.
කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් උපාධි අපේක්ෂක සිසුන් 25 දෙනෙක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වෙති. ඔවුහු ආර්ථික විද්‍යාව, ව්‍යාපාරික ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා සහ ජාත්‍යන්තර අධ්‍යයනය යන විෂය ක්ෂේත්‍ර නියෝජනය කරති.
චීනයේ එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන (Belt and Road Initiative – BRI) පිළිබඳ සිසුන්ගේ අවබෝධය පුළුල් කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි එහි බලපෑම විමසා බැලීම සහ වෙළෙඳාම, ආයෝජන, යටිතල පහසුකම්, සම්බන්ධතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව යන ක්ෂේත්රවල පවතින නව අවස්ථා හඳුනාගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.
දෙදින වැඩසටහන තුළ කීර්තිමත් විද්වතුන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ සංවර්ධන විශේෂඥයන් විසින් මෙහෙයවනු ලබන සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඒ අතරට මහාචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය ජෝර්ජ් අයි. එච්. කුක්, අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ, ආචාර්ය පාලිත ටී. බී. කොහොන සහ ආචාර්ය වගීෂා ගුණසේකර ඇතුළත් වෙති.
BRISL අධ්යක්ෂ මායා මජුරන් “උසස් ප්‍රමිතියෙන් යුත් එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන සහ ශ්‍රී ලංකාව: තිරසාර සංවර්ධනය සඳහා නව මංපෙත් විවර කිරීම” (High-Quality BRI and Sri Lanka: Unlocking New Pathways for Sustainable Development) යන මාතෘකාව යටතේ ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට නියමිතය.
මෙම සැසිවලදී එක් තීරයක් – එක් මාවතක් වැඩසටහනේ ඓතිහාසික හා රාජ්‍යතාන්ත්‍රික පැතිකඩ, ඉන්දියානු සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වාධීනත්වය, සංවර්ධන මූල්‍යකරණය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික අවස්ථා සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කෙරේ.
සම්මන්ත්‍රණයේ විශේෂ අංගයක් ලෙස Huawei Technologies Lanka, Port City Colombo සහ Colombo International Container Terminals (CICT) යන ආයතන වෙත අධ්‍යාපනික නිරීක්ෂණ චාරිකා ද සංවිධානය කර ඇත.
මෙම චාරිකා මඟින් ඩිජිටල් තාක්ෂණය, ප්‍රධාන යටිතල පහසුකම් ආයෝජන, වරාය මෙහෙයුම් සහ කලාපීය වෙළෙඳ හා සැපයුම් සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඉටු කරන වර්ධනය වන කාර්යභාරය පිළිබඳව සිසුන්ට සෘජු අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසේ.
අධ්‍යයන කටයුතු ප්‍රායෝගික අත්දැකීම් සමඟ සම්බන්ධ කිරීමත්, එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන හා සම්බන්ධ අවස්ථා සහ අභියෝග පිළිබඳව තොරතුරු මත පදනම් වූ සාකච්ඡා දිරිගැන්වීමත් මෙම වැඩසටහනේ අරමුණ වේ.
අධ්‍යයන කුසලතා මත පදනම්ව අදාළ විශ්වවිද්‍යාල විසින් සිසුන් නම් කර ඇති අතර, ඒ තුළින් අර්ථවත් අධ්‍යයන සහභාගීත්වයක් සහ අදහස් හුවමාරුවක් ඇති කිරීම අපේක්ෂා කෙරේ.
චීනයේ එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය කෙරෙහි ඇති කළ හැකි බලපෑම් පිළිබඳව තරුණ විද්‍යාර්ථීන්ට ගැඹුරින් අධ්‍යයනය කිරීමටත්, ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් ආර්ථික වර්ධනයට සහ කලාපීය සම්බන්ධතාවට දායක විය හැකි ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත් මෙම සම්මන්ත්‍රණය වේදිකාවක් සපයයි.
editor