ජපන් සාම්ප්‍රදායික බෙර වාදන කණ්ඩායමක් වන Wadaiko Daigen-gumi ශ්‍රී ලංකාවේදී 1,000කට ආසන්න පිරිසක් වසඟයට ගනී
ජපානයේ සාම්ප්‍රදායික බෙර වාදන කණ්ඩායමක් වන Wadaiko Daigen-gumi, ඔක්තෝබර් 6 සිට 9 දක්වා ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර මොරටුව විශ්වවිද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වූ ප්‍රසංග මගින් 1,000කට ආසන්න පිරිසක් ආකර්ෂණය කළේය. ජපාන තානාපති කාර්යාලය සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන් මගින් විශ්වවිද්‍යාල සිසුන්ට, ආචාර්ය මණ්ඩලයට, පාසල් දරුවන්ට සහ අනෙකුත් ප්‍රේක්ෂකයන්ට ජපන් සාම්ප්‍රදායික බෙර වාදනයේ ගතික රිද්මයන් සහ ජපන් සංස්කෘතිය සජීවීව අත්විඳීමට අවස්ථාව ලැබිණි. මෙම වැඩසටහන් සඳහා නිල ගුවන් ගමන් හවුල්කරු ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සහයෝගය ලබා දුන්නේය.
ජපානයේ සාම්ප්‍රදායික වඩයිකෝ (Wadaiko) බෙර වාදනයේ නිරත වෘත්තීය ශිල්පීන්ගෙන් සමන්විත Wadaiko Daigen-gumi කණ්ඩායම, ඔක්තෝබර් 6 සිට 9 දක්වා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය අතරතුර මොරටුව විශ්වවිද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැති ප්‍රසංගවලදී 1,000කට ආසන්න පිරිසකගේ සිත් ඇදගැනීමට සමත් විය.
ජපානයේ සිට මෙරටට පැමිණි මෙම ශිල්පීන්ගේ සාම්ප්‍රදායික බෙර වාදනයේ විස්මයජනක රිද්මයන් සහ උද්යෝගිමත් ඉදිරිපත් කිරීම් විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්ය මණ්ඩල සාමාජිකයන්, පාසල් දරුවන් ඇතුළු පිරිසක් රසවිඳින ලදී. එමෙන්ම, ශිල්පීන් සමඟ සෘජුව අදහස් හුවමාරු කරගැනීමට ද සහභාගි වූවන්ට අවස්ථාව හිමි විය.
ජපාන තානාපති කාර්යාලය සහ අදාළ විශ්වවිද්‍යාල එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන් මඟින් ජපන් සංස්කෘතිය සහ සාම්ප්‍රදායික රංග කලාව සෘජුව අත්විඳීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට සුවිශේෂී අවස්ථාවක් උදා විය.
මෙම වැඩසටහන් සඳහා නිල ගුවන් ප්‍රවාහන සහකරු ලෙස වටිනා සහයෝගයක් ලබා දුන් ශ්‍රීලංකන් ගුවන් සේවයට ජපාන තානාපති කාර්යාලය සිය කෘතඥතාව පළ කළේය.
editor