නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් සිදුකරන වංචා ගැන තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්
නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් සිදුකරන ව්‍යාජ රැකියා ජාවාරම් පිළිබඳව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය මහජනතාවට අනතුරු අඟවා තිබේ. මුදල් ගෙවීමට පෙර රැකියා අවස්ථාවල සත්‍යතාව තහවුරු කරගන්නා ලෙසද එම කාර්යාලය ඉල්ලා සිටියි.
නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් ඇතැම් පාර්ශ්වයන් විසින් ජනතාවට ව්‍යාජ පොරොන්දු ලබාදී වංචා සිදුකරන බවට ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ.
මෙවැනි වංචා හේතුවෙන් ඇතැම් පුද්ගලයන් දැනටමත් පීඩාවට පත්ව ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව තානාපති කාර්යාලය සඳහන් කරයි.
සාමාන්‍යයෙන් සියලුම රැකියා වර්ග සඳහා නෙදර්ලන්තය රැකියා වීසා (Work Visa) නිකුත් නොකරන බව ද තානාපති කාර්යාලය අවධාරණය කර තිබේ.
ඉහළ වෘත්තීය නිපුණතා සහ ඉහළ තාක්ෂණික දැනුම (High Skilled / High Tech) අවශ්‍ය වන නිශ්චිත රැකියා අවස්ථා කිහිපයක් සඳහා පමණක් සැබෑ රැකියා අවස්ථා ලබාගත හැකි බව ද එහි සඳහන් වේ.
එමෙන්ම, නෙදර්ලන්තයේ රැකියා සඳහා තානාපති කාර්යාලය කිසිදු බඳවා ගැනීමේ කටයුත්තක් සිදු නොකරන බව ද පැහැදිලි කර තිබේ.
එබැවින්, රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ගෙවීමට පෙර අදාළ සමාගම් සමඟ සෘජුව සම්බන්ධ වී එම රැකියා අවස්ථාවල සත්‍යතාව තහවුරු කරගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
තවද, මෙවැනි වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් කඩිනමින් නීති උපදෙස් ලබාගන්නා ලෙස ද ජනතාවට උපදෙස් දී තිබේ.
මෙම අනතුරු ඇඟවීම නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලය විසින් 2026 நவம்பர் 12 වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
editor