සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදලේ අනුග්‍රහයෙන් මහනුවර ඓතිහාසික උඩරට රජ මාළිගාව යළි විවෘත කෙරේ
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, සංස්කෘතික අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව, ශ්‍රී දළදා මාලිගා සංකීර්ණය තුළ පිහිටි, අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද පැරණි උඩරට රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය යළි විවෘත කිරීමේ උත්සවය දෙසැම්බර් 11 වැනි බදාදා අභිමානවත් ලෙස සමරන ලදී.
මෙම උත්සවයට එක්සත් ජනපද තානාපතිනි ජුලී චංග් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ. සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපතිවරුන්ගේ අරමුදල (AFCP) වෙතින් ලද ඇමරිකානු ඩොලර් 265,000 (රුපියල් මිලියන 77 කට අධික) ප්‍රදානයක් හරහා මෙම වැදගත් සංස්කෘතික සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවිය.
2021 දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් සිදු කරන ලදී. පළමු
අදියරේදී රජ මාලිගයේ ඓතිහාසික යටිතල පහසුකම් සංරක්ෂණය කිරීම සහ ආබාධ
සහිත අමුත්තන් සඳහා ප්‍රවේශවීමේ හැකියාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය
යොමු කරන ලදී. දෙවන අදියර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශන සහ පහසුකම්
වැඩිදියුණු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය ආරක්ෂා
කරමින් නරඹන්නන් සඳහා වඩාත් ආකර්ෂණීය සහ අධ්‍යාපනික අත්දැකීමක් ලැබෙන
පරිදි නිර්මාණය කරන ලදී .
උත්සවයේ දී, චංග් තානාපතිතුමිය සංස්කෘතික සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කරමින්, “පැරණි උඩරට රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ප්‍රබල හවුල්කාරිත්වය පිළිබඳ සාක්ෂියක් වනවා. මෙවැනි මුලපිරීම් හරහා අපි ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අනාගත පරම්පරාවන් සඳහා සංරක්ෂණය කරනවා පමණක් නොව එහි ඉතිහාසය සහ සම්ප්‍රදායන් ලොවට ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කරමු.
මෙම කෞතුකාගාරය සංස්කෘතික සංචාරක ව්‍යාපාරයට සහාය වන අතරම,ශ්‍රී
ලාංකිකයින්ට සහ ලොව පුරා විවිධ රටවලින් පැමිණෙන අමුත්තන්ට රටේ ගැඹුරු
ඉතිහාසය ගවේෂණය කිරීමට, ඒ පිලිබඳ අවබෝධය ලබන්නට සහ එහි අගය
වර්ධනය කරන්නට හැකි පිවිසුම් දොරටුවක් වෙනවා. ශ්‍රී ලංකාවේ උරුමය සමරන සහ
එහි ආර්ථික හා සංස්කෘතික ප්‍රබෝධයට දායක වන ව්‍යාපෘති සඳහා සහයෝගයෙන්
එක්ව කටයුතු කිරීමට අපි කැපවී සිටිමු.
සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපතිවරුන්ගේ අරමුදල හරහා එක්සත්
ජනපදයේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය උඩරට රජුගේ
මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය මහජනතාවට වඩාත් ප්‍රවේශ විය හැකි සහ
ආකර්ශනීය අයුරින් සකස් කර තිබේ යැයි අමාත්‍ය මහාචාර්ය සුනිල් සෙනෙවි
පැවසීය.
“ඓතිහාසික යටිතල පහසුකම් සංරක්ෂණය කිරීමෙන් සහ කෞතුකාගාරයේ
ප්‍රදර්ශන තත්වයන් ඉහළ නංවාලීමෙන්, ආබාධ සහිත අය ඇතුළුව අමුත්තන්ට ශ්‍රී
ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමයන් සමඟ අර්ථවත් ආකාරයෙන් සම්බන්ධ
විය හැකි බව අපි සහතික කර ඇත්තෙමු. මෙම සහයෝගීතාවය අපගේ ඉතිහාසය
ආරක්ෂා කරනවා පමණක් නොව අධ්‍යාපනයට සහ ඇගයීමට අවකාශයක් නිර්මාණය
කරමින් අපගේ සංස්කෘතික අනන්‍යතාවය ශ්‍රී ලාංකිකයින්ට සහ ලෝකයට ප්‍රදර්ශනය
කරයි.
එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මහජන කටයුතු පිළිබඳ උපදේශක හයිඩි
හැට්න්බාක් මහත්මිය,සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපතිවරුන්ගේ අරමුදල
(AFCP), ගෝලීය වශයෙන් සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වන වැදගත්
මෙවලමක් ලෙස අවධාරණය කලාය. “සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති
අරමුදල (AFCP) හරහා උඩරට රජුගේ මාලිගාව ප්‍රතිසංස්කරණය කිරීම, තිරසාර
සංචාරක ව්‍යාපාරය සහ ආර්ථිකදියුණුව ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික
උරුමය සුරැකීමට ඇති අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියකි. දේශීය හා ගෝලීය
වශයෙන් පැමිණෙන අමුත්තන්ට, මහනුවර රාජධානියේ පොහොසත් ඉතිහාසය සහ
උරුමය පිළිබඳ වඩාත් ගැඹුරු සහ අර්ථවත් අත්දැකීමක් ලබා දෙමින් මෙම භුමිය
සංරක්ෂණ කටයුතු මගින් වැඩිදියුණු කර ඇත.”
සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපතිවරුන්ගේ අරමුදල (AFCP) පිළිබඳව:
පසුගිය වසර 23 පුරා, සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති
අරමුදල (AFCP) ලොව පුරා රටවල් 140 කට වැඩි ගණනක සංස්කෘතික සංරක්ෂණ
ප්‍රයත්නයන් සඳහා සහාය ලබා දී ඇත. වර්ෂ 2001 සිට, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ
පුරාවිද්‍යාඥයින්, ඉතිහාසඥයින් සහ විවිධ ආගමික ප්‍රජාවන් සමඟ සුවිශේෂි
සංස්කෘතික හා ඓතිහාසික සංරක්ෂණ ව්‍යාපෘති 17ක් සඳහා සහයෝගයෙන් කටයුතු
කර ඇත. ඇමරිකානු ජනතාවගෙන් ලැබුණු ඩොලර් මිලියන 1.3 ක අරමුදල්වලින් සිදු
කරන ලද මෙම මුලපිරීම්වලට රජගල බෞද්ධ ආරණ්‍ය සේනාසනය සංරක්ෂණය
කිරීම, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තු එකතුව සංරක්ෂණය කිරීම
සහ මඩකලපුව ලන්දේසි බලකොටුව ප්‍රතිසංස්කරණය කිරීමද ඇතුළත් වේ.
සංරක්ෂණ උත්සාහයන් ගොඩබිමෙන් ඔබ්බට ද විහිදේ. AFCP හරහා, හම්බන්තොට
වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති ආසියා පැසිෆික් කලාපයේ පැරණිතම නැවක සුන්බුන්
වන ගොඩවාය නැව ආරක්ෂා කිරීමටද එක්සත් ජනපදය උපකාර කරයි.
මෙම ව්‍යාපෘතින් මගින් දෙරට අතර ගැඹුරු සම්බන්ධතා වර්ධනය කරමින් ශ්‍රී
ලංකාවේ පොහොසත් සංස්කෘතික හා ඓතිහාසික උරුමයන් සුරැකීමට එක්සත්
ජනපදයේ ඇති කැපවීම පිළිබිඹු කෙරේ.
editor