ඩිජිටල් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන වන 'සයිබර් හීරෝ ' ජංගම යෙදුම (Cyber Hero mobile app) දියත් කිරීම සඳහා එක්සත් ජනපදය විසින් කාන්තාවන් මුල් කොට ගත් නිර්මාණ කණ්ඩායමට සහාය දක්වයි
ඔක්තෝබර් 28 වන දින,කොළඹ, ශ්‍රී ලංකාව - ආරක්‍ෂිත අන්තර් ජාල භාවිතය සහ
අන්තර් ජාලයෙහි වගකීම් සහගත හැසිරීම පිළිබඳව තරුණ පරපුර සහ ආන්තික
ප්‍රජාවන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීම සඳහා නිර්මාණය කර ඇති ජංගම යෙදුමක්
(Mobile app) විම්සිකල් විට්ස් (WhimsicalWits) සමග සහයෝගිතාවයෙන් යුතුව එක්සත්
ජනපද තානාපති කාර්යාලය විසින් සාඩම්බරයෙන් දියත් කරයි. විම්සිකල් විට්ස් හි
(WhimsicalWits) කාන්තාවන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද, මෙම
නවෝත්පාදන යෙදුම, එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත්
හවුල්කාරිත්වය මෙන්ම සයිබර් ආරක්ෂණය සහ ඩිජිටල් සාක්ෂරතාවය දියුණු කිරීම
සඳහා වන දෙරටෙහි ඇති කැපවීමද අවධාරණය කරයි.
කොළඹ ඇමරිකානු මධ්‍යස්ථානයේ පැවති ජාත්‍යන්තරය සඳහා මෙම නිර්මාණය එළි
දැක්වීමේ උත්සවය එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් සහ විම්සිකල්විට්ස් හි
(WhimsicalWits) කළමනාකාර අධ්‍යක්ෂ උත්පලා පතිරණ යන මහත්මීන්ගේ
මුලිකත්වයෙන් පැවැත්විණි. එහිදී සයිබර් හීරෝ (Cyber Hero) යෙදවුම පිලිබඳ
ප්‍රායෝගික ආදර්ශනයක්ද ඇතුළත්වූ අතර මෙම අවස්ථාවට මාධ්‍යවේදීන් ,තරුණ
පරපුර නියෝජනය කරන නායකයින් සහ අනෙකුත් ප්‍රධාන හවුල්කරුවෝ සහභාගී
වූහ.
Cyber Hero යනු Google Play Store හි ඇති නොමිලේ ලබා ගත හැකි අධ්‍යාපනික
මෙවලමක් වන අතර,වංචනික ඊ මේල් (Phishing), හානිකර මෘදුකාංග (Malware ) සහ
පෞද්ගලික දත්ත රහස්‍යතා උල්ලංඝනය කිරීම් (Privacy Breaches ) වැනි සයිබර් තර්ජන
ප්‍රයෝගික පරිසරයක් තුළ හඳුනාගෙන, ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය මෙම යෙදුම
මගින් පරිශීලකයින්ට උගන්වයි. එය තරුණයින් සහ ප්‍රජාවන් තුළ ඩිජිටල් තාක්ෂණයට
අනුවර්තනය වීමේ හැකියාව ගොඩ නංවන ඵලදායී සම්පතක් ලෙසද ක්‍රියා කරයි.
සිය ප්‍රකාශයේදී ,චංග් තානාපති තුමිය සයිබර් ආරක්ෂණ අධ්‍යාපනයේ වැදගත්කම
පිලිබඳව අවධාරණය කළාය. “සයිබර් ආරක්‍ෂාව ගෝලීය ගැටලුවක් පමණක් නොවේ; එය
පෞද්ගලිකව මෙන්ම දේශීය වශයෙනුත් බලපායි. විම්සිකල් විට්ස් (WhimsicalWits) හි
දක්ෂ තරුණ කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද සයිබර් හීරෝ (Cyber Hero) යෙදවුම
, වඩාත් තියුණු ,ආරක්ෂිත ඩිජිටල් ලෝකයකට දායක වන ආකාරය දැකීමෙන් අපි සතුටට
පත් වෙමු. මෙම මෙවලම නොමිලේ ලබා දීමෙන්, අපි ක්ෂණික අධ්‍යාපනය ලබා දෙනවා
පමණක් නොව, ඉදිරි වසර සඳහා පුද්ගලයන්ට, පවුල්වලට සහ ප්‍රජාවන්ට ප්‍රතිලාභ
ලබා දෙන ඩිජිටල් මාධ්‍ය භාවිතයේ වගකීම් සහ ආරක්ෂාව පිළිබඳ සංස්කෘතියද
පෝෂණය කරන්නෙමු.
සයිබර් හීරෝ (Cyber Hero) දියත් කිරීම යනු සයිබර් මාධ්‍යයේ ආරක්ෂණය පිලිබඳ
දැනුවත් කිරීමේ මාසයට(Cybersecurity Awareness Month) සමගාමීව, ආරක්ෂිත අන්තර්
ජාල භාවිතයන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ගෝලීය මුල පිරීමකි. ඉන්ටර්නිව්ස්
විසින් අනුග්‍රහය දැක්වූ සහ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් අරමුදල් සැපයූ,
Protecting Online Rights of Changemakers (PORCH) ව්‍යාපෘතියේ කොටසක් ලෙස
නිර්මාණය කරන ලද සයිබර් හීරෝ (Cyber Hero) යෙදවුම යනු වංචනික ඊ මේල්
(Phishing),හානිකර මෘදුකාංග (Malware ) සහ පෞද්ගලික දත්ත රහස්‍යතා උල්ලංඝනය
කිරීම් (Privacy Breaches ) වැනි ඩිජිටල් තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා තරුණයින්
සවිබල ගැන්වීමට නිර්මාණය කර ඇති ප්‍රධාන අධ්‍යාපනික මෙවලමකි. අන්තර්ජාලයේ
විශ්වාසයෙන් යුතුව සැරිසැරීම සඳහා,සංකීර්ණ ඩිජිටල් හිමිකම් පිලිබඳ සංකල්ප වලට
සරල ලෙස ප්‍රවේශ වෙමින් මෙම ක්‍රීඩාව,ක්‍රීඩකයින්ට ආකර්ශනීය හා විනෝද ජනක
අත්දැකීමක් ලබා දෙයි.
මෙම ක්‍රීඩාව දකුණු ආසියාව පුරා සිටින ප්‍රධාන හවුල්කරුවන් සම්බන්ධ වන සහයෝගී
ප්‍රයත්නයක් වන අතර ත්‍රිමාණ ක්‍රීඩාවේ සැලසුම් සහ සංවර්ධනය සඳහා විම්සිකල්
විට්ස් ස්ටුඩියෝ ( WhimsicalWits Studio) නායකත්වය ලබා දෙයි. මෙම ක්‍රීඩාවේ
ආඛ්‍යානය තරුණ ක්‍රීඩකයින් සමග ආකර්ශනියව සම්බන්ධ වන බවට සහතික
කරමින්, ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් සකසමින් හා විශේෂඥ දැනුම ලබා දෙමින්
සයිබර් හීරෝ (Cyber Hero) සඳහා පිටපත නිර්මාණය කරන ලද්දේ බංග්ලාදේශයේ
ඩිජිටලි රයිට් (Digitally Right) විසිනි,
සයිබර් හීරෝ (Cyber Hero) සමඟින්, එක්සත් ජනපද තානාපති කාර්යාලය, එක්සත්
ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වන සිය කැපවීම යලි
තහවුරු කරමින්,ඩිජිටල් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමටත්,සැමට වඩාත් සුරක්ෂිත
ඩිජිටල් අනාගතයක් උදා කර දීමටත් දායක වේ.
සයිබර් හීරෝ (Cyber Hero) පිළිබඳ වැඩි විස්තර සඳහා සහ යෙදුම බාගත කිරීම සඳහා,
Whimsicalwits.com/cyberhero වෙත පිවිසෙන්න.
විම්සිකල් විට්ස් (WhimsicalWits) පිලිබඳ හැඳින්වීම: විම්සිකල් විට්ස් (WhimsicalWits) යනු
ශ්‍රී ලංකාව පදනම් කරගත් ක්‍රීඩා සංවර්ධන සහ සජීවිකරණ චිත්‍රාගාරයක් වන අතර,
එය මෙහෙයවනු ලබන්නේ, ප්‍රජාවන් සවිබල ගන්වන සහ ධනාත්මක වෙනසක් ඇති
කරන ,නව්‍ය තාක්ෂණික මෙවලම් සංවර්ධනය කිරීමට කැප වූ ක්‍රියාශීලී කාන්තාවන්
ප්‍රමුඛ වූ කණ්ඩායමක් විසිනි. ඩිජිටල් මාධ්‍යයේ නිර්මාණාත්මක කතන්දර කීමේ(Digital
storytelling ) සහ ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ වන සිය විශේෂඥ දැනුම සඳහා ප්‍රසිද්ධ
විම්සිකල් විට්ස් (WhimsicalWits), කලාපීය ඩිජිටල් උපදේශන සහ උපාය මාර්ග පිළිබඳ වූ
සංවිධානය වන ඩිජිටල් ටර්ට්ල්ස් හි (Digital Turtles) ක්‍රීඩා භාර අංශය වේ. ආකර්ෂණීය
සහ ඵලදායි ව්‍යාපෘති හරහා ඩිජිටල් සාක්ෂරතාවය දියුණු කිරීමටත්,අන්තර්ජාල
අවකාශයේ වග කිවයුතු ලෙස හැසිරීම ප්‍රවර්ධනය කිරීමටත් විම්සිකල් විට්ස්
(WhimsicalWits ) කැපවී සිටී.
අපගේ ඇමරිකන් ස්පේසස් (American Spaces) ජාලය පිළිබඳව : කොළඹ, එක්සත් ජනපද
තානාපති කාර්යාලයේ ඇමරිකන් ස්පේසස් (American Spaces) ජාලය,කොළඹ, යාපනය,
මහනුවර, මාතර සහ මඩකලපුව යන ස්ථානවල පිහිටි සිය ශාඛා සමග සම්බන්ධ වන
අතර එහි පැමිණෙන පුද්ගලයන්ට වැඩසටහන් සහ දේශන මෙන්ම පොත්පත් ,චිත්‍රපට
සහ සඟරා හරහා එක්සත් ජනපදය හා සම්බන්ධ වීමට මෙන්ම ඉගෙන ගැනීමට හැකි
ආකර්ශනීය පරිසරයක් නිර්මාණය කරයි. මෙම ඇමරිකන් ස්පේසස් (American Spaces)
මධ්‍යස්ථාන සෑම තරාතිරමකම සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සහ ගෝලීය වශයෙන්
වැදගත් ගැටළු සම්බන්ධයෙන් එකට එක්වී දැනුම බෙදාගැනීමේ සහ සහයෝගීතාවයේ
වේදිකා ලෙස කටයුතු කරයි.පුළුල් සම්පත් සැපයීම සහ ප්‍රජා සහභාගිත්වය තුළින්, මෙම
ඇමරිකන් ස්පේසස් (American Spaces) මධ්‍යස්ථාන,අධ්‍යාපනික වර්ධනය, සංස්කෘතික
හුවමාරුව සහ සමාජ සංවර්ධනය සඳහා කැපවී සිටියි. ඇමරිකන් ස්පේසස් (American
Spaces) විසින් අන්තර් ජාලය හරහා සහ පුද්ගල වශයෙන් අන්තර්ක්‍රියාකාරී
වැඩසටහන් රාශියක් සංවිධානය කරයි. ඉංග්‍රීසි භාෂා වැඩමුළු, ව්‍යවසායක
උපදේශනය, එ.ජ. උසස් අධ්‍යාපනය පිළිබඳ සැසි, හෝ එක්සත් ජනපද ප්‍රතිපත්ති,
සමාජය සහ සංස්කෘතිය පිලිබඳ වූ සම්පුර්ණ කතිකාවත්, චිත්‍රපට තිරගත කිරීම් සහ
නිර්මාණාත්මක කථා ඉදිරිපත් කිරීම ආදී වශයෙන් , මෙම වැඩ සටහන් තුළ සැමටම
ගැළපෙන යමක් තිබේ. 2023 දී, ගෝලීය ඇමරිකන් ස්පේසස් (American Spaces) ජාලය -
ඇමරිකානු මධ්‍යස්ථාන, ඇමරිකානු කෝනර් (American Corners) සහ ද්විජාතික
මධ්‍යස්ථාන (Binational Centers) ඇතුළත්ව මිලියන 1.5 කට ආසන්න වැඩසටහන් සහ
අවස්ථා හරහා සම්බන්ධ වෙමින් ලොව පුරා මිලියන 41 කට අධික ජනතාවක් වෙත ළඟා
විය.
වැඩි විස්තර දැන ගැනීම සඳහා American Spaces ශාඛාවක් වෙත පිවිසෙන්න
editor