දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා අතිරේක මානුෂීය ආධාර ලබා දෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි
The U.S. Embassy in Sri Lanka has announced an additional $2 million in humanitarian assistance for communities affected by Cyclone Ditwah, bringing total U.S. support to $4 million to aid relief and recovery efforts.
අද දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා අතිරේක මානුෂීය ආධාර ප්‍රකාශයට පත් කළ අතර, එමඟින් ආපදා ප්‍රතිචාරය සඳහා එක්සත් ජනපදය ලබා දුන් සමස්ථ ආධාර වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් බවට පත් වේ.
මෙම නව අරමුදල් 2025 දෙසැම්බර් මාසයේදී සුළි කුණාටුව ගොඩබිමට පැමිණ පැය 72 ක් ඇතුළත ප්‍රකාශයට පත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් වටිනා එක්සත් ජනපද ආධාර මත ගොඩනැගී ඇති අතර, ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට කාලෝචිත හා ඵලදායී සහාය ලබාදීමට එක්සත් ජනපදය දක්වන කැපවීම මෙයින් අවධාරණය කරයි.
ශ්‍රී ලාංකිකයන්ට සහාය අවශ්‍ය වූ විට, එක්සත් ජනපදය ප්‍රතිචාර දැක්වූවා එක්සත් ජනපද තානාපති ජූලි චංග් මහත්මිය පැවසුවාය. “යුද දෙපාර්තමේන්තුව විසින් මුල් අවධියේ ලබා දුන් ගුවන් ප්‍රවාහන සහ සැපයුම් විශේෂඥතාවයන්ගෙන් ආරම්භ කර, ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් දක්වා මානුෂීය ආධාර සහාය, දිට්වා සුළි කුණාටුවෙන් පසු ඉදිරියට ගමන් කරන අපගේ ප්‍රධාන ඉන්දු–පැසිෆික් හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකාවට අප ලබා දෙන්නෙමු. මෙවැනි ව්‍යසනයන් ප්‍රජාවන්ට හා ජීවනෝපායන්ට දැඩි බාධා ඇති කරන අතර, ජනතාවටත් ආර්ථිකයන්ටත් නැවත ඉදිරියට ගමන් කළ හැකි වන පරිදි ස්ථාවරත්වයට දායක වීමට එක්සත් ජනපදය අඛණ්ඩව සම්බන්ධව සිටියි,” ඇය තවදුරටත් පැවසුවාය.
අම්පාර, බදුල්ල, ගම්පහ, කෑගල්ල, පුත්තලම සහ රත්නපුර ඇතුළු ශ්‍රී ලංකාවේ වඩාත් දැඩි ලෙස බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක කිහිපයකද, මධ්‍යම පළාතේ වතු ප්‍රජාවන්හිද, සහන සේවා සහ මුල් අවධියේ යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන් සඳහා එක්සත් ජනපද ආධාර සහාය ලබා දෙමින් පවතී.
මෙම ආධාරවලට පවුල්වල ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා අවැසි හදිසි ආහාර සහ මුළුතැන්ගෙයි කට්ටල, සනීපාරක්ෂක කට්ටල වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, මෙන්ම ගංවතුර අවම කිරීම සඳහා භාවිතයට ගන්නා වැලි කොට්ට සකසන පොලිසැක්ස් වැනි ද්‍රව්‍ය ද ඇතුළත් වේ.
එමෙන්ම, ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට පිරිසිදු පානීය ජලය වෙත ප්‍රවේශය ලබාදීමට, මව්වරුන්ට සහ දරුවන්ට අත්‍යවශ්‍ය පෝෂණ සහාය සපයීමට, සහ නවාතැන්වල ආරක්ෂිත හා ළමා- හිතකාමී අවකාශයන් පවතින බව සහතික කිරීමටද මෙම ආධාර සහාය ලබා දෙයි. තවද, ගංවතුරෙන් බලපෑමට ලක් වූ ග්‍රාමීය සහ වතු ප්‍රදේශවලදී, මූලික යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම, ජලාපවාහන සහ කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති වැඩිදියුණු කිරීම, සහ ජීවනෝපායන් සඳහා සහාය වීම මගින් පවුල්වලට දේශීය ආහාර නිෂ්පාදනය සහ ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට එක්සත් ජනපද ආධාර උපකාරී වේ.
බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට ආධාර ඉක්මනින්, ඵලදායීව සහ වගවීමෙන් යුතුව ළඟා වන බව සහතික කිරීම සඳහා, ලෝක ආහාර වැඩසටහන (WFP) සහ වර්ල්ඩ් විෂන් (World Vision) වැනි විශ්වාසදායක සංවිධාන මගින් එක්සත් ජනපද ආධාර ක්‍රියාත්මක කරමින් සිටියි.
ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් පසු හට ගන්නා අවශ්‍යතාවන් අඛණ්ඩව තක්සේරු කර ගෙන යන අතර, නැගී එන ප්‍රමුඛතා සඳහා සහාය විය හැකි ක්‍රම සොයා බැලීමට එක්සත් ජනපදය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරයි.
editor