ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතා නියෝජනය කරන එක්සත් ජනපද පීස් කෝර් අනාගතය සඳහා ආයෝජනයකි.

ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතා නියෝජනය කරන එක්සත් ජනපද පීස් කෝර් අනාගතය සඳහා ආයෝජනයකි.

කොළඹ, 2024 අද කොළඹදී එක්සත් ජනපද පීස් කෝර් ස්වේච්ඡා සේවකයින් 19 දෙනෙකු දිවුරුම් දුන්නේ, පසුගිය වසරේ මෙම වැඩසටහන ඉතිහාසගතව නැවත ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට නැවත පැමිණි දෙවන කණ්ඩායම ලෙසයි. මෙම අවස්ථාව ඇමරිකා
එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධ්‍යාපනය සහ අන්තර් සංස්කෘතික හුවමාරුව සඳහා ඇති හවුල් කැපවීම අවධාරනය කරයි.


2024 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි ස්වේච්ඡා සේවකයන් සිංහල හෝ දෙමළ භාෂා, ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ ඉගැන්වීමේ ක්‍රමවේද පිළිබඳව සති 12ක විශේෂ පුහුණුවක් අවසන් කළහ. ඉදිරි වසර දෙක තුළ, ඔවුන් මධ්‍යම සහ ඌව පළාත්වල පාසල්වල ඉංග්‍රීසි භාෂා ගුරුවරු ලෙස කටයුතු කරනු ඇති අතර, ග්‍රාමීය පාසල්වල ඉංග්‍රීසි
අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලාංකික ගුරුවරුන් සහ පාසල් විදුහල්පතිවරුන් සමඟ සම්බන්ධ වෙති.

උත්සවය අමතමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිතුමිය, ස්වේච්ඡා සේවකයන්ගේ සිංහල සහ දෙමළ භාෂා දැනුම පිළිබඳව ලබා ඇති ආකර්ෂණීය ප්‍රගතිය,වෙනස්වීම් වලට හුරුවීමේ හැකියාව සහ සේවාවට ඇති කැපවීම පිළිබඳව ප්‍රශංසා කළාය. “පීස් කෝර් වැඩසටහන ජනතාව විසින් ජනතාවට ලබාදෙන රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ හරය විදහා දක්වයි.

තරුණ පරපුර සඳහා ආයෝජනය කිරීමට සහ අපගේ අනාගත හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ ඇති කැපවීම මෙම ස්වේච්ඡා සේවකයෝ පිළිබිඹු කරති. ශ්‍රී ලාංකීය ප්‍රජාවන් සමඟ අත්වැල් බැඳගෙන ක්‍රියා කිරීමෙන්, ඔව්හු අධ්‍යාපනයේ දියුණුව, අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ දීප්තිමත් අනාගතයක් ගොඩ නැංවීම සඳහා අප දෙරටෙහිම තරුණ තරුණියන් සවිබල ගැන්වීමට ගැන්වීමට උපකාර කරති.”


අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි සහ විදේශ භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිමාලි බදුරලිය මහත්මියද වැඩසටහනේ වැදගත්කම පිළිබඳව අදහස් පළ කළාය. “පීස් කෝර් සමඟ පවතින අපගේ සහයෝගීතාවය, ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ඉහළ නංවන අතර සියලුම ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාද නිර්මාණය කරයි. අපගේ පාසල් සහ ප්‍රජාවන් සඳහා දායක වන මෙම ස්වේච්ඡා සේවකයන්ට ඉදිරියේදී ලැබෙන පොහොසත් සංස්කෘතික
හුවමාරු අවස්ථා වැලඳ ගන්නා මෙන් මම ඔවුන්ව දිරිමත් කරමි.


අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය නිශාද් හඳුන්පතිරණ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

වර්ෂ 1962 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ පීස් කෝර් වැඩසටහනට දීර්ඝ ඉතිහාසයක් ඇත. අධ්‍යාපනය,සෞඛ්‍ය සහ කෘෂිකර්මය වැනි විවිධ අංශවල ස්වේච්ඡා සේවකයන් 500 කට වැඩි පිරිසක් වර්ෂ 1998 දක්වා මේ යටතේ සේවය කළහ. විරාමයකින් පසුව,විශේෂයෙන් ග්‍රාමීය පාසල්වල ඉංග්‍රීසි භාෂාව කෙරෙහි අවධානය යොමු කරමින් 2018 දී මෙම වැඩසටහන නිල වශයෙන් නැවත ආරම්භ කරන ලදී.

 ශ්‍රී ලංකාවේ පීස් කෝර් (Peace Corps in Sri Lanka) පිළිබඳව: පීස් කෝර්හි ස්වේච්ඡා
සේවකයෝ අධ්‍යාපනය සහ සංස්කෘතික හුවමාරුව කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලාංකික ප්‍රජාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරති.


ග්‍රාමීය පාසල්වල ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස තරුණ ශ්‍රී ලාංකිකයන් පුහුණු කළ, දිස්ත්‍රික් ඉංග්‍රීසි ඉගෙනුම් වැඩිදියුණු කිරීමේ මධ්‍යස්ථාන (DELIC) වැනි වැඩසටහන් සඳහා 1962 සිට 1998 දක්වා කාලය තුල පීස් කෝර් සැළකියයුතු දායකත්වයක් ලබා දී ඇත. 2018 දී වැඩසටහන නැවත දියත් කිරීම අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා ඇති කැපවීම නැවත තහවුරු කළේය.


පීස් කෝර් (Peace Corps) පිළිබඳව: 1961 දී ආරම්භ කරන ලද,පීස් කෝර් ලෝක සාමය සහ මිත්‍රත්වයේ මෙහෙවර ඉදිරියට ගෙන යමින් ලොව පුරා රටවල් 144 ක ස්වේච්ඡා සේවකයන් 240,000 කට අධික සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත. අන්තර් සංස්කෘතික අවබෝධය ගොඩනඟා ගනිමින් සහ ගෝලීය නායකත්වය පෝෂණය කරමින්,අධ්‍යාපනය,සෞඛ්‍යය,පරිසරය, කෘෂිකර්මය සහ තවත් බොහෝ අංශවල දේශීයව ප්‍රමුඛත්වය දුන් ව්‍යාපෘති සඳහා සත්කාරක රටවල් සමඟ ස්වේච්ඡා සේවකයෝ සහයෝගයෙන් කටයුතු කරති.

 
ඡායාරූප සිරස්තල

ජූලි චංග් තානාපතිතුමිය ශ්‍රී ලංකාවේ සේවය කරන පීස් කෝර්හි 26 වැනි ස්වේච්ඡා කණ්ඩායම අමතමින්.

කොළඹ පැවති නිල දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන පීස් කෝර්හි ස්වේච්ඡා සේවකයන්.

කොළඹදී පැවති උත්සවයේදී එක්සත් ජනපද තානාපතිතුමිය සහ ශ්‍රී ලංකා නිලධාරීන් සමඟ අලුතින් දිවුරුම් දුන් පීස් කෝර්හි ස්වේච්ඡා සේවකයන්.

ජූලි චංග් තානාපතිතුමිය, පීස් කෝර්හි ජාතික අධ්‍යක්ෂිකා කවිතා පුල්ලපිලි මහත්මිය සමඟ පීස් කෝර්හි දිවුරුම් දුන් නව ස්වේච්ඡා සේවකයන්.