එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉංග්ලිෂ් ඇක්සෙස් (English Access) ශිෂ්‍යත්ව ලාභී සිසුන් 90 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමකට පාඨමාලා සහතිකපත් ප්‍රදානෝත්සවය පවත්වයි
The U.S. Embassy in Sri Lanka celebrated the graduation of 90 students from Jaffna, Trincomalee, and Nuwara Eliya who completed the two-year English Access Scholarship Program, enhancing English and leadership skills for youth from underserved communities.
ගාල්ල, ශ්‍රී ලංකාව: 2025 ජුනි 09 – එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන ලද ඉංග්ලිෂ් ඇක්සෙස් (English Access) ශිෂ්‍යත්ව වැඩසටහන සම්පූර්ණ කළ යාපනය, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන ප්‍රදේශවලින් පැමිණි ද්විතීයික පාසල් සිසුන් 90 දෙනෙකුගේ පාඨමාලා සහතිකපත් ප්‍රදානෝත්සවය, 2025 ජුනි 09 වන දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් සමරන ලදි. ගාල්ලේ පැවති මෙම උත්සවයේදී ඇමරිකානු තානාපති ජූලි චන්ග් සහ Smart International Professionals for Leadership Education (SIPLEE) ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණි ෆොන්සේකා යන මහත්ම මහත්මීහු පාඨමාලාව සාර්ථකව නිම කල
සිසුන්ට සහතිකපත් ප්‍රදානය කළහ. SIPLEE ආයතනය සමඟ සහයෝගිතාවයෙන් වසර දෙකක කාලයක් පුරා පැවැත්වූ මෙම වැඩසටහන මඟින් ආර්ථික අපහසුතා සහිත තරුණ තරුණියන්ට පුළුල් ලෙස ඉංග්‍රීසි භාෂාව සහ නායකත්ව පුහුණුව ලබා දෙමින් ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීය අවස්ථා පුළුල් කරන අතරම, එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කරයි.
සහතිකපත් ප්‍රදානෝත්සවයේදී, Access ශිෂ්‍යත්ව ලාභී සිසුහු, දේශන පැවැත්වීමෙන්, කෙටි නාට්‍යයක් රඟ දැක්වීමෙන් සහ ගායනයෙන් තම වර්ධනය වන විශ්වාසය සහ ඉංග්‍රීසි ප්‍රවීණතාවය ප්‍රදර්ශනය කළහ. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිසුන්ගේ ජයග්‍රහණ අගය කරමින් මෙම වැඩසටහන තුළින් ඇති කරන පුළුල් බලපෑම පිළිබඳව අවධාරණය කළාය: “Access වැනි වැඩසටහන් ඉංග්‍රීසි ඉගැන්වීමට වඩා වැඩි යමක් ලබා දෙනවා - ඒවා නායකත්වය ගොඩනගනවා.
මෙම සිසුන් තාක්ෂණයේ සිට රාජ්‍ය සේවය දක්වා ඔවුන් තෝරා ගන්නා ඕනෑම ක්ෂේත්‍රයක සාර්ථක වීමට උපකාරී වන සන්නිවේදන කුසලතා, විශ්වාසය සහ ගෝලීය මානසිකත්වය වර්ධනය කරමින් සිටිනවා. එයින් සිදුවන්නේ ශ්‍රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බට නායකත්වය දීමට අවශ්‍ය මෙවලම්වලින් ඊළඟ පරම්පරාව සන්නද්ධ කිරීමයි.” අධ්‍යාපනය සහ අවස්ථා තුළින් තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම මගින් අප දෙරටට සහ ගෝලීය ප්‍රජාවට වඩා ශක්තිමත්, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ලෝකයක් නිර්මාණය කරන බැවින් එක්සත් ජනපදය Access වැනි මුලපිරීම් සඳහා සහාය දක්වයි.
ඉංග්ලිෂ් ඇක්සෙස් (English Access) වැඩසටහන පිළිබඳව: English Access ශිෂ්‍යත්ව වැඩසටහන යනු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අරමුදල් මගින් පවත්වාගෙන යන ගෝලීය මුලපිරීමක් වන අතර එය ආර්ථික අපහසුතා සහිත ප්‍රජාවන්හි සිටින දක්ෂ සිසුන්ට ඇමරිකානු ඉංග්‍රීසි භාෂාව, නායකත්වය සහ සන්නිවේදන කුසලතා පිළිබඳ නොමිලේ, අවුරුදු දෙකක පුහුණුවක් ලබා දෙයි. ශ්‍රී ලංකාවේ, මෙම වැඩසටහන රට පුරා ස්ථාන පහක දේශීය අධ්‍යාපනඥයින් විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය හරහා අරමුදල් සපයනු ලැබේ. Access වැඩසටහන සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ශක්තිමත් කරනවා පමණක් නොව, ඔවුන්ගේ විශ්වාසය, ප්‍රජාව පිලිබඳ දැනුවත්භාවය සහ ඇමරිකානු සංස්කෘතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳ අවබෝධය ද ගොඩ නඟයි. 2004 වසරේ ශ්‍රී ලංකාවේ දියත් කළ දා පටන්, මෙම වැඩසටහන දිවයින පුරා තරුණ තරුණියන් 1,300 කට අධික සංඛ්‍යාවක් සවිබල ගන්වා ඇත. access පාඨමාලාව සම්පුර්ණ කල බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපනය හැදෑරීමට, තරඟකාරී එක්සත් ජනපද හුවමාරු ශිෂ්‍යත්ව දිනා ගැනීමට සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහිම නායකත්ව භූමිකාවන් ඉටු කරමින් අධ්‍යාපනය, තාක්ෂණය, ව්‍යාපාර සහ රාජ්‍ය සේවයේ වෘත්තීන්ට පිවිස සිටිති. Access පන්ති මෙහෙයවනු ලබන්නේ පළපුරුදු ශ්‍රී ලාංකික ඉංග්‍රීසි භාෂා වෘත්තිකයන් විසින් වන අතර එය සැබෑ ලෝක සන්නිවේදනය සහ පුද්ගලික සංවර්ධනය අවධාරණය කරන, අන්තර්ක්‍රියාකාරී, ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගැන්වීමේ ක්‍රම භාවිතා කරයි.
editor