එක්සත් ජනපද තානාපති කාර්යාලය කෘත්‍රිම මත්ද්‍රව්‍ය තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා වන කලාපීය උත්සාහයන් ශක්තිමත් කිරීමට පියවර ගනියි
The U.S. Embassy in Sri Lanka and the National Dangerous Drugs Control Board (NDDCB) concluded a two-week regional training on synthetic drugs, focusing on fentanyl. The initiative ended with a handover of advanced drug testing equipment to Sri Lankan authorities.
රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය (NDDCB) සමඟ සහයෝගීතාවයෙන්, සති දෙකක කලාපීය පුහුණු වැඩසටහනක් පවත්වා අවසන් කළේ ය.
මෙම වැඩමුළුවේදී, බරපතළ ගෝලීය ගැටලුවක් බවට පත්ව ඇති කෘත්‍රිම මත්ද්‍රව්‍ය සහ නව මනෝවර්තක ද්‍රව්‍ය, විශේෂයෙන් ෆෙන්ටනිල් සහ ඒ හා සමාන ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. පුහුණුව අවසානයේ පැවති උත්සවයකදී, එක්සත් ජනපද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය, මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩළයේ (NDDCB) සභාපති ආචාර්ය ඉන්දික වන්නිනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, රේඩියන් ASAP මත්ද්‍රව්‍ය පරීක්ෂණ උපකරණය ශ්‍රී ලංකා බලධාරීන්ට භාර දෙන ලදී .
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අරමුදල් ලද කලාපීය මුලපිරීමක් වන අධිකරණ වෛද්‍ය විද්‍යාගාර හැකියාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි කොටසක් ලෙස, දකුණු ආසියාව පුරා කෘත්‍රිම මත්ද්‍රව්‍ය හඳුනාගැනීම ශක්තිමත් කිරීමට, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා නීතිය බලාත්මක කිරීමේ කටයුතු පිළිබඳ කාර්යාංශය (INL), Colombo Plan සමඟ හවුල් වී ඇත. සිය ජාතික
රසායනාගාරවල මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ නවීනතම උපකරණ ස්ථාපනයට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල අධිකරණ වෛද්‍ය වෘත්තිකයන් කොළඹදී සති දෙකක විස්තීරණ පන්ති කාමර සහ ප්‍රායෝගික පුහුණුවකට සහභාගී වූහ.
ඉහත කී සෑම රටකටම සංයුක්ත රේඩියන් ASAP ඖෂධ පරීක්ෂණ යන්ත්‍රයක් (Radian ASAP) ලබාදෙන අතර එය - මිනිත්තුවක් ඇතුළත කෘත්‍රිම ද්‍රව්‍යයන් වේගවත්ව සහ ඉහළ විශ්වසනීයත්වයකින් යුතුව පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති, අති නවීන පද්ධතියකි. සංකීර්ණ සාම්පල සකස් කිරීමක් අවශ්‍ය නොවන මෙම තාක්ෂණය, නැගී එන මත්ද්‍රව්‍ය තර්ජන කාර්යක්ෂමව හඳුනා ගැනීමට සහ කලාපීය අධිකරණ වෛද්‍ය හැකියාවන් ශක්තිමත් කිරීමට ඉතා සුදුසු වේ.
ලොව පුරා කෘතිම ඔපියොයිඩ් මත්ද්‍රව්‍ය සැපයුම් දාමයන් හට බාධා කිරීම සඳහා එක්සත් ජනපදය දරන පුළුල් උත්සාහයන් සමඟ මෙම ප්‍රයත්නය අනුකූල වන අතර, ෆෙන්ටැනිල් ගෝලීය ව්‍යාප්තියට එරෙහිව සටන් කිරීම සඳහා මෑතක දී ධවල මන්දිරය ගත් විධායක ක්‍රියාමාර්ග මගින්ද එය පිළිබිඹු කරයි. මෙම ද්‍රව්‍ය, එක්සත් ජනපදයේ, ජාතික හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, රසායනික පෙර නිෂ්පාදන (precursor chemicals) ද්‍රව්‍ය අවහිර කිරීමට සහ නීති විරෝධී නිෂ්පාදකයින් ඒ සඳහා වගකිව යුතු බවට පත් කිරීම වැනි විධිමත් ක්‍රියාමාර්ග වලට එළඹ ඇත.
මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීමේ උපකරණ භාරදීමේ උත්සවයේදී, එක්සත් ජනපද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය මෙසේ පැවසුවාය. "එක්සත් ජනපදය දේශීයව හා විදේශීයව ෆෙන්ටැනිල් අර්බුදයට මුහුණ දෙන්නේ එවැනි තර්ජනයන්ට සීමාවන් නොමැති නිසායි. ඒ නිසා අප මෙවැනි කලාපීය හවුල්කාරිත්වයන් සඳහා ආයෝජනය කරන්නේ කෘත්‍රිම මත්ද්‍රව්‍ය පැතිරීමට පෙර ඒවා නැවැත්වීමටයි. මෙම මුලපිරීම හරහා, අපි දියුණු මෙවලම් සහ පුහුණුව බෙදා ගැනීම පමණක් නොව, මහජන සෞඛ්‍ය සහ කලාපීය ආරක්ෂාව සඳහා වන අන්‍යෝන්‍ය කැපවීමත් ශක්තිමත් කරන්නෙමු. මෙම කාර්යය ගෝලීය කෘතිම ඔපියොයිඩ් සැපයුම්දාමයන්ට බාධා කිරීමට සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා ප්‍රජාවන් ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය දරන පුළුල් උත්සාහයන් පිළිබිඹු කරනවා.
මාලදිවයින, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල රසායනාගාර සඳහා මෙම උපකරණ පරිත්‍යාග කිරීම ඉන් පසුව සිදු කිරීමට නියමිත ය. තාක්ෂණික සහයෝගීතාවය සහ ධාරිතා වර්ධනය තුළින් කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහයන් හඳුනා ගෙන ඒ සඳහා බාධා කිරීමට කලාපයේ ඇති හැකියාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදය කැපවී සිටී.
editor