අනාගත නායකයින් සවි බල ගැන්වීම: එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය නාවික හමුදාව සඳහා ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරයක් ස්ථාපිත කරයි 

The U.S. Embassy in Sri Lanka, in collaboration with the Sri Lanka Navy, officially opened a state-of-the-art English language laboratory at the Naval and Maritime Academy in Trincomalee on Monday, September 15.

අනාගත නායකයින් සවි බල ගැන්වීම: එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය නාවික හමුදාව සඳහා ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරයක් ස්ථාපිත කරයි 

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සැප්තැම්බර් 15 වන සඳුදා දින ත්‍රිකුණාමලයේ නාවික හා සමුද්‍රීය ඇකඩමියෙහි දී අති නවීන ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරයක් නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම අති නවීන ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරය ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරි ලුතිනන් කර්නල් මැතිව් හවුස්, ශ්‍රී ලංකා නාවික හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන සහ ශ්‍රී ලංකා නාවික හා සමුද්‍රීය ඇකඩමියේ අණදෙන නිලධාරී කොමදෝරු දිනේෂ් බණ්ඩාර යන මහත්වරුන් විසින් විවෘත කරන ලදී.

මෙම ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරය උසස් බහුමාධ්‍ය තාක්‍ෂණයෙන් සහ එක්සත් ජනපද ආරක්ෂක භාෂා ආයතනයේ නවතම පුහුණු මෘදුකාංග වලින් සමන්විත වේ. ජාත්‍යන්තර නාවික මෙහෙයුම්, අභ්‍යාස සහ පුහුණුවේ පොදු භාෂාව වන ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය මෙවලම් මෙම ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරය මගින් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ට ලබා දෙනු ඇත.

සඳුදා ත්‍රිකුණාමලයේ පැවති උත්සවයේදී අදහස් දක්වමින් ලුතිනන් කර්නල් මැතිව් හවුස් මහතා මෙම ව්‍යාපෘතියේ මූලාරම්භය පිළිබඳව මෙසේ පැවසීය:

“මෙම ව්‍යාපෘතිය 2020 දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉල්ලීමක් අනුව ආරම්භ වූ අතර, එය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා අපි එක්ව අභියෝග ජය ගත්තෙමු. අද, අපි එක්සත් ජනපද ආරක්ෂක භාෂා ආයතනයේ නවතම තාක්‍ෂණය සහ ඉංග්‍රීසි ඉගෙනුම් මෙවලම් වලින් සමන්විත අති නවීන විද්‍යාගාරයක් විවෘත කරන්නෙමු. ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරය පන්ති කාමරයකට වඩා වැඩි යමක් ලබා දෙයි - එය අනාගත ධාරිතාව ගොඩනැගීමට සහ අද අප එක්ව නිර්මාණය කරන දේ හෙට දවසේ සාමය ආරක්ෂා කරන බව සහතික කිරීමට ශ්‍රී ලංකාව සමඟ පවතින අපගේ සහයෝගී කැපවීමේ සංකේතයකි. භාෂාව යනු සන්නිවේදනයට වඩා වැඩි දෙයකි. එය සම්බන්ධතාවයකි. එකම භාෂාව කතා කිරීමෙන්, අපි අපගේ හමුදා අතර විශ්වාසය, සම්බන්ධීකරණය සහ අවබෝධය ශක්තිමත් කරමු, හමුදා අතර පමණක් නොව රටවල් අතර පාලම් ගොඩනඟමු. ”

එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතාවන්,උපකරණ සැපයීමෙන් ඔබ්බට ගොස් අනාගත නායකයින්ගේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන ආකාරය මෙම නව පහසුකම මගින් අවධාරණය කෙරේ. ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරය ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා භාවිතා කරනු ඇති අතර, එමගින් ඔවුන්ට එක්සත් ජනපද සහ කලාපීය හවුල්කරුවන් සමඟ පුහුණු වීමට,අභ්‍යාස කිරීමට සහ වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව ලැබේ. වරායවල ආයෝජනය කිරීමේ සිට ජනතාව වෙනුවෙන් ආයෝජනය කිරීම දක්වා, ඉන්දු-පැසිෆික් සබඳතා වඩාත් ආරක්ෂිත සහ සම්බන්ධිත අනාගතයක් උදෙසා වන අපගේ සහයෝගී කැපවීම පෙන්නුම් කරයි.