ශ්‍රීලංකන් කාගෝ Freightos සමඟ එක්ව දකුණු ආසියානු වෙළඳපොළට නව ඩිජිටල් පාලමක් හඳුන්වාදෙයි

SriLankan Cargo partners with WebCargo by Freightos, enabling over 10,000 freight forwarders worldwide to access real-time rates, bookings, and payments for air cargo services.

ශ්‍රීලංකන් කාගෝ Freightos සමඟ එක්ව දකුණු ආසියානු වෙළඳපොළට නව ඩිජිටල් පාලමක් හඳුන්වාදෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඩිජිටල් වෙන්කිරීම් හා ගෙවීම් වේදිකාවක් වන Freightos හි ‘WebCargo’ සමඟ එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. 

මෙම හවුල්කාරීත්වය මගින් ලොව පුරා භාණ්ඩ හුවමාරු කාර්යාල 10,000කට අධික සංඛ්‍යාවකට ශ්‍රීලංකන් කාගෝ වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට, මිල ගණන් ඉල්ලුම් කිරීමට, වෙන්කිරීම් සහ ගෙවීම් සිදුකිරීමට හැකියාව ලැබේ.

Freightos හි WebCargo වේදිකාවට එකතු වීමෙන් අපගේ වෙන්කිරීම් ක්‍රියාවලිය ඩිජිටල් කිරීම පමණක් නොව, අලුත් පාරිභෝගිකයන් වෙත අපගේ සේවාවන් විවෘත කිරීමට ඉඩක් ලබා දෙනවා. 

Freightos සමාගම විසින් ලබාදෙන මිල කළමනාකරණ සහ සැපයුම් පහසුකම් සේවා සමඟ ඒකාබද්ධ වීම තුලින් පාරිභෝගිකයන් විසින් සිය භාණ්ඩ ප්‍රවාහන සේවා තෝරාගැනීමේ ක්‍රියාවලියේ දී අපගේ සේවාවන් ද දෘෂ්‍ය වීමෙන් පාරිභෝගිකයාගේ තීරණ ගැනීමේ අවස්ථාවේදි අපගේ සේවාවන් තෝරාගැනීමට අවස්ථාව ලැබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසීය.

“ශ්‍රීලංකන් කාගෝ, ආසියානු කාලපය ආවරණය කරමින් සිදුකරන ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් අපගේ ඩිජිටල් ජාලය සමඟ එක්වෙනවා. මෙම පහසුකම් විශේෂයෙන්ම පාරිභෝගිකයින් සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී ඉතා වැදගත්, එමෙන්ම WebCargo වෙත ශ්‍රීලංකන් කාගෝ ගාස්තු සහ ධාරිතාව ඒකාබද්ධ කිරීම තුලින් පාරිභෝගිකයින්ට කොළඹ සහ ඉන්දියාව ඇතුළු ආසියානු
වෙළඳපොළ වෙත ඉක්මන් හා කාර්යක්ෂම ප්‍රවේශයක් ලබාගත හැකියි.”

යනුවෙන් Freightos හි ප්‍රධාන විධායක නිලධාරී Zvi Schreiber මහතා පැවසීය. 

මෙම හවුල්කාරීත්වයත් සමඟ WebCargo Pay පහසුකම ඔස්සේ වෙළඳපොළ සහභාගීත්වය පුළුල් කිරීම ඔස්සේ IATA නොවන ආසියාවේ භාණ්ඩ හුවමාරුකරුවන්ට (non-IATA forwarders) ගුවන් සමාගමකින් ලබාදෙන ණය සීමා (credit lines) හෝ බැංකු ඇපකර (bank guarantees) නොමැතිව ශ්‍රීලංකන් කාගෝ හි පහසුකම් වෙත ප්‍රවේශ විය හැක. මෙම පහසුකම්, විශේෂයෙන්ම ඉදිරියට එන කුඩා හා මධ්‍යම පරිමාණ භාණ්ඩ හුවමාරුකරුවන් (SMEs) සඳහා වඩාත් ප්‍රයෝජනවත්වනු ඇත.

ශ්‍රීලංකන් කාගෝ මේ වන විට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාප ආවරණය කරමින් කොළඹ කේන්ද්‍ර කරගනිමින් පුළුල් මෙහෙයුම් ජාලයක් සමඟින් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයයි.

ශ්‍රීලංකන් කාගෝ විසින් Freightos හි WebCargo හි අන්තර් පහසුකම් ඔස්සේ ශ්‍රීලංකන් කාගෝ සහ ප්‍රධාන ගුවන් සමාගම් සමඟ ඇති හවුල්කාරීත්වයන් වැඩිදියුණු කරගනිමින් භාණ්ඩ හුවමාරුකරුවන්ට බහු ගුවන් සමාගම් (multi- carrier) ක්‍රමවේදය තුලින් බාධාවකින් තොරව සිය භාණ්ඩ ප්‍රවාහනය සඳහා පහසුකම් ලබාගත හැකිය.