ෂින්චොන්ජි ආගමික නායක ලී මන්-හීගේ පූර්ව නඩු රැඳවුම් සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේදී අවධානය
කොරියානු ජනරජයේ ෂින්චොන්ජි ජේසුස් සභාවේ නිර්මාතෘ සහ නායක 95 හැවිරිදි ලී මෑන්-හී පූර්ව නඩු රැඳවුමේ තබා තිබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේදී CAP Freedom of Conscience සංවිධානය අවධානය යොමු කර තිබේ. රැඳවුම් තත්ත්වයන්, ආගමික නිදහස සහ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින්, රැඳවුමට විකල්ප ක්‍රියාමාර්ග, ස්වාධීන වෛද්‍ය ඇගයීමක් සහ සාධාරණ හා අපක්ෂපාතී නඩු විභාගයක් සඳහා එම සංවිධානය ඉල්ලා තිබේ.
දකුණු කොරියානු ජනරජයේ සෝල් රැඳවුම් මධ්‍යස්ථානයේ පූර්ව නඩු රැඳවුම් භාරයේ සිටින Shincheonji Church of Jesus හි නිර්මාතෘ සහ නායක 95 හැවිරිදි ලී මන්-හී මහතා සම්බන්ධයෙන් CAP Freedom of Conscience සංවිධානය අවධානය යොමු කර තිබේ.
2026 සැප්තැම්බර් 18 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේ 3 වැනි කරුණ යටතේ පැවති සාමාන්‍ය විවාදයේදී එම සංවිධානය විසින් වාචික ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මෙම කරුණු ඉදිරිපත් කර ඇත. එම කරුණ සියලු මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරයි.
CAP Freedom of Conscience පවසන පරිදි, කොරියානු යුද්ධයේ ප්‍රවීණයෙකු වන ලී මන්-හී මහතා මේ වන විට ප්‍රචණ්ඩකාරී නොවන චෝදනා සම්බන්ධයෙන් පූර්ව නඩු රැඳවුම් භාරයේ පසුවෙයි.
ආගමික සුළුතරයකට එරෙහිව දේශපාලනික බලපෑමක් සහිත හා වෙනස්කොට සැලකීමේ ස්වභාවයක් ඇති පරීක්ෂණයක් සිදුවන බව පෙනී යන්නේ යැයි සංවිධානය සිය ප්‍රකාශයේ සඳහන් කර ඇති අතර, රැඳවුම් තත්ත්වයන් පිළිබඳවද දැඩි අවධානය පළ කර තිබේ.
ස්ථිර පදිංචි ස්ථානයක් තිබීම සහ පලා යාමේ අවදානමක් නොමැති බවට සංවිධානය පෙන්වා දුන්නද, සෝල් නුවර පැවති දැඩි උණුසුම් තත්ත්වයක් අතරතුර වායුසමීකරණ පහසුකම් නොමැති සිර මැදිරිවල ඔහු රඳවා සිටි බවද එම සංවිධානය සඳහන් කර තිබේ. 95 හැවිරිදි පුද්ගලයෙකුගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් එය බරපතළ අවධානයක් මතු කරන බවද එහි සඳහන් වේ.
CAP Freedom of Conscience ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 9 සහ 10 වැනි වගන්ති ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් කිහිපයක් වෙත අවධානය යොමු කර තිබේ. රඳවා තැබීම අවශ්‍ය හා සමානුපාතික විය යුතු බවත්, රැඳවියන්ට මානුෂීය ලෙස සැලකිය යුතු බවත් එම ප්‍රමිතීන් මඟින් අවධාරණය කරන බව සංවිධානය පෙන්වා දෙයි.
එමෙන්ම Nelson Mandela Rules යටතේ රැඳවියන්ට ප්‍රජාව තුළ පවතින සෞඛ්‍ය සේවාවන්ට සමාන සෞඛ්‍ය සේවා හිමිවිය යුතු බවත්, Tokyo Rules මඟින් පූර්ව නඩු රැඳවුම අවසාන විකල්පයක් ලෙස භාවිත කළ යුතු බවත් සංවිධානය සඳහන් කර ඇත. ආගමික හෝ විශ්වාස නිදහස ආරක්ෂා කරන 18 වැනි වගන්තියද එම සංවිධානය විසින් උපුටා දක්වා තිබේ.
විකල්ප රැඳවුම් ක්‍රම සලකා බලන ලෙසත්, ස්වාධීන වෛද්‍ය පරීක්ෂණයකට අවසර දෙන ලෙසත්, සාධාරණ හා අපක්ෂපාතී නඩු විභාගයක් සහතික කරන ලෙසත් දකුණු කොරියානු ජනරජයෙන් ඉල්ලා සිටින ලෙස CAP Freedom of Conscience මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.
editor