ඉන්දු-පැසිෆික් කලාපයේ විශිෂ්ටත්වය සහ හවුල්කාරිත්වය සඳහා වන එක්සත් ජනපදයේ කැපවීම පැසිෆික් ඒන්ජල් 2025 මගින් පෙන්නුම් කරයි
U.S. Ambassador to Sri Lanka Julie Chung emphasizes that today’s collective efforts will form the foundation for tomorrow’s shared security.
කොළඹ, ශ්‍රී ලංකාව (2025 සැප්තැම්බර් 12) – අද දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) සහ ආරක්ෂක
අමාත්‍යාංශය සමඟ එක්ව, කටුනායක පැවති සමාප්ති උත්සවයකදී පැසිෆික් ඒන්ජල් 2025 අභ්‍යාසයේ සාර්ථක සමාප්තිය සනිටුහන් කළේය.
එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය , ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ යන මහත්වරුන් මෙම වසරේ ශ්‍රී ලංකාවේ පවත්වන ලද විශාලතම බහුජාතික අභ්‍යාසය සැමරීමට සහභාගී වූවන් සමඟ එක් වූහ. සැප්තැම්බර් 8 සිට 12 දක්වා පැවති පැසිෆික් ඒන්ජල් 2025, ආපදා ප්‍රතිචාර දැක්වීම සහ මානුෂීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් සාමුහිකව එක් කළේය.
මෙම අභ්‍යාසය අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට සහ විශේෂඥතාව බෙදා ගැනීමට කලාපය පුරා සහභාගිවන්නන් සාමුහිකව එක් රැස් කළේය. එක්සත් ජනපද පැසිෆික් හමුදා රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව, ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකාය, මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය සහ බංග්ලාදේශ ගුවන් හමුදාව සමඟ පුහුණුව ලැබූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුධ හමුදාව සත්කාරකත්වය දරමින් ප්‍රධාන භූමිකාවන් ඉටු කළහ. කලාපීය ආපදා සූදානම ඉදිරියට ගෙන යාමේදී ශ්‍රී ලංකාවේ පුළුල් වන කාර්යභාරය ඔවුන්ගේ නායකත්වයෙන් අවධාරණය කෙරිණි. ගුවන් යානා නඩත්තු කිරීම, සෙවීම් සහ ගලවා ගැනීම, වනාන්තර තුල දිවි ගලවා ගැනීම, වෛද්‍ය ආධාර අවැසි රෝගීන් ගුවන් මගින් සංචලනය, සමූහ අනතුරු ප්‍රතිචාර සහ ගුවන් මෙහෙයුම් ආවරණය වන පරිදි විශේෂඥතාව හුවමාරු කිරීමේ විෂය කරුණු (Subject Matter Expert
Exchanges, (SMEEs) අටක් මෙම වැඩසටහනට ඇතුළත් විය. කටුනායක, චීන වරාය සහ අම්පාර ගුවන් හමුදා කඳවුරුවල පුහුණුව තුළින් කලාපීය සූදානම සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා සහභාගිවන්නන්ට ප්‍රායෝගික කුසලතා ලබා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මෙම අභ්‍යාසයේ වැදගත්කම අවධාරණය කළාය: “පැසිෆික් ඒන්ජල් 25 යනු මේ වසරේ ශ්‍රී
ලංකාවේ පවත්වනු ලබන විශාලතම බහුපාර්ශ්වික අභ්‍යාසය වන අතර, අපගේ ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් සමඟ උරෙන් උර ගැටී සිටීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. ආපදා ප්‍රතිචාරයේ සිට මානුෂීය අර්බුද දක්වා වූ — සැබෑ ලෝක අභියෝග සඳහා අපි එක්ව සූදානම් වන ආකාරයත්— කලාපය පුරා සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ආරක්ෂා කිරීම සඳහා පවතින අපගේ සහයෝගීතා ශක්තියත් මෙම අභ්‍යාසයෙන් පෙන්නුම් කරයි. අද අපි එක්ව ගොඩනඟන දෙය හෙට දවසේ සාමුහික ආරක්ෂාව සඳහා පදනමක් වෙයි.”
ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා පැසිෆික් ඒන්ජල් අභ්‍යාසයට සහභාගී වන සියලුම ජාතීන්ට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය. මේ පිලිබඳ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ "මෙම අභ්‍යාසය ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය සහ දැනුම බෙදාගැනීම ශක්තිමත් කරන අතරම, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සහයෝගී සම්බන්ධතාවය පිළිබිඹු කරයි. මෙවැනි ක්‍රියාකාරකම් අභියෝග සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට, අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමට සහ කලාපයේ සාමය හා ස්ථාවරත්වයට දායක වීම සඳහා වැදගත් වේදිකාවක් සපයයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. පැසිෆික් ඒන්ජල් 25 අභ්‍යාසයේ සම-සත්කාරකත්වය දැරීමට ලැබීම ගැන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආඩම්බර වේ. මෙම අභ්‍යාසය කලාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාවය සහ දැනුම බෙදා ගැනීම දිරිමත් කරන අතරම සෙවීම් සහ ගලවා ගැනීමේ සහ ගුවන් සේවා මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් සපයයි. මානුෂීය සහ ආරක්ෂක අභියෝගවලට එක්ව මුහුණ දීමට අවැසි ඉන්දු- පැසිෆික් හවුල්කරුවන් අතර සහයෝගීතාවද මෙම අභ්‍යාසය මගින් ශක්තිමත් කරයි.
මෙහෙයුම්වලින් ඔබ්බට, පැසිෆික් ඒන්ජල් මානව පැතිකඩ ද විදහා දැක්වීය. එක්සත් ජනපද ගුවන් හමුදා පැසිෆික් තූර්ය වාදක කණ්ඩායම වන අවසාන ප්‍රවේශය සංගීත කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදා සංගීත කණ්ඩායම සමඟ සංගීතය හරහා සුහදතාවය ගොඩනඟා ගනිමින් ප්‍රසංගයක් පැවැත්වීය. මේ අතර, එක්සත් ජනපද ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව, අකරගම ප්‍රාදේශීය රෝහලේ ප්රතිසංස්කරණයක් සම්පූර්ණ කළ අතර, එමඟින් දේශීය ප්‍රජාවන්ට කල් පවතින ප්රතිලාභ ලබා දෙන ලදී.
වසරේ විශාලතම බහුපාර්ශ්වික අභ්‍යාසයේ සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාවේ— අර්බුද සඳහා සූදානම් වීම, ආපදා ප්‍රතිචාර ශක්තිමත් කිරීම සහ කල් පවත්නා කලාපීය සහයෝගීතාව ගොඩනැගීම සඳහා—ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් උරෙනුර ගැටී කටයුතු කරන ආකාරය පැසිෆික් ඒන්ජල් 2025 මගින් ප්‍රදර්ශනය කරන ලදී.
එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් තුමා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති තුමා සමඟ 2025 සැප්තැම්බර් 12 වන දින කටුනායක පැවති පැසිෆික් ඒන්ජල් 2025 සමාප්ති උත්සවයට එක්වෙයි.
එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය 2025 සැප්තැම්බර් 12 වන දින කටුනායක පැවති පැසිෆික් ඒන්ජල් 2025 සමාප්ති උත්සවය අමතයි.
කලාපීය ආපදා ප්‍රතිචාර සහ මානුෂීය සහයෝගීතාව ශක්තිමත් කරමින් ඉන්දු-පැසිෆික් කලාපයෙන් පැමිණි සහභාගිවන්නන් පැසිෆික් ඒන්ජල් 2025 හිදී සෙවීම් සහ ගලවා ගැනීමේ අභ්‍යාස පවත්වති.
editor