The Routes we Take ව්‍යාපෘතිය යාපනයට

The European Union National Institutes for Culture (EUNIC) Sri Lanka, together with Good Life X, will host the YGC Innovation Festival 2025 in Jaffna on August 29–30. The event brings together cultural institutions from 36 EU member states and partner countries.

The Routes we Take ව්‍යාපෘතිය යාපනයට

● The Routes we Take (TRWT), යාල් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ YGC නවෝත්පාදන උළෙලේදී දියත් කෙරේ

යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) ප්‍රමුඛත ම වැඩසටහනක්වන The Routes We Take, 2025 අගෝස්තු මස 29 සහ 30 දෙදින පුරා පැවැත්වෙන YGC නවෝත්පාදන උළෙලේදී ක්‍රියාත්මක වීමට නියමිතය. EUNIC යනු, යුරෝපයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් 36 දෙනෙකුගෙන් සමන්විත ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධානවල යුරෝපා ජාලයයි.

තිරසර සහ චක්‍රීය මූලධර්ම මත පදනම් වූ නිර්මාණ 13 ක්, වැඩමුළු සහ ඉදිරිපත්කිරීම් සමගින් සාර්ථකව මහනුවරදී දියත් කෙරුණු වැඩසටහනින් අනතුරුව මෙම වැඩසටහනේ දෙවැනි අදියර මෙලෙස යාපනයේදී පැවැත්වේ. තල් විවීමේ කර්මාන්තයේ නියැලෙන යාපනයේ කාන්තාවන් සවිබල ගන්වමින්, කල්පවත්නා, පරිසර හිතකාමී සහ තල් ආශ්‍රිත ආහාර සම්පාදනය කරන අන්තර්ජාල පදනමක්වන Olai ආයතනයේ නිර්මාතෘ මෙන්ම මෙම වැඩසටහනේ ප්‍රාදේශීය වැඩසටහන් කළමනාකරු ද වන යදූෂා කුලෙන්දිරන් සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර වැඩසටහන දියත් කෙරේ. එම ප්‍රදේශයේ ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහාම වෙන් වූ අවකාශයක්වන යාල් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ WEHub හි සම්බන්ධීකාරකවරියක් ලෙස ද යදූෂා කටයුතු කරයි.

මෙහිදී, නවෝත්පාදනයත්, පරිකල්පනයත්, ව්‍යවසායකත්වයත් එකම වේදිකාවකට ගෙන එන YGC නවෝත්පාදන උළෙල සමග Routes we Take ව්‍යාපෘතිය නිර්මාණ ප්‍රජා හවුල්කරු ලෙස අත්වැල් බැඳ ගනී. තිරසර නිර්මාණ සැලසුම ප්‍රදර්ශනය කිරීම, අන්තර්-ක්‍රියාකාරී ක්‍රියාකාරකම් පැවැත්වීම සහ ධාරිතා සංවර්ධන වැඩමුළුවක් සංවිධාන කිරීම ද මෙහිදී සිදු වේ. පුළුල් ග්‍රාහකයින් පිරිසක් සමග තිරසර නිර්මාණ සැලසුම බෙදාහදා ගැනීමට මෙන්ම, නවෝත්පාදන කර්මාන්ත අතර අනාගත හවුල්කාරිත්ව සඳහා මග විවර කිරීම සඳහා තිරසර නිර්මාණකරුවන්ගේ ජාලය පුළුල් කිරීමටත් එම ක්‍රියාකාරකම් හරහා හැකියාව ලැබේ.

"මෙම වසරේ YGC නවෝත්පාදන උළෙල සමග Routes We Take ව්‍යාපෘතිය සම්බන්ධ වීම නිසා, නවෝත්පාදන පද්ධතියේ අත්හැරිය නොහැකි අංගයක් ලෙස තිරසර නිර්මාණ ස්ථානගත වෙනවා. මෙම ක්ෂේත්‍ර දෙක එක්ව කටයුතු කරන ආකාරය මෙන්ම වඩාත් ශක්තිමත් සහ සම්බන්ධිත අනාගතයක් උදා කිරීමට සියලු දෙනා දක්වන කැපවීම දැකබලා ගැනීමට අප නොඉවසිල්ලෙන් බලා සිටිනවා," යනුවෙන් ප්‍රාදේශීය වැඩසටහන් කළමනාකාර යදූෂා කුලෙන්දිරන් සඳහන් කළාය.

ධාරිතා සංවර්ධන වැඩමුළු පිළිබඳ විශේෂඥයින්වන අනුරංගි මෙන්ඩිස් සහ පූර්ණිමා ජයසිංහ මහනුවරදී වැඩමුළුව පවත්වමින්. එවැනි වැඩමුළුවක් යාපනයේදී ද පැවැත්වීමට නියමිතය.

නිර්මාණකරුවන් 13 දෙනෙක්, නිර්මාණ භාරකරුවන් සහ ව්‍යාපෘති කණ්ඩායම සමග මහනුවර Routes We Take වැඩසටහනේදී පැවති වට මේස සාකච්ඡාව.

GLX පිළිබඳව

Good Life X (GLX) යනු පුනර්ජනනීය අනාගතයන් මෙහෙයවීම කෙරෙහි අවධානය යොමු කරන දකුණු ආසියානු නවෝත්පාදන ආයතනයකි. එය පුනර්ජනනය සහ නවෝත්පාදනය පිළිබඳ විශේෂඥතාව තුළින් ව්‍යාපාර, ආර්ථිකයන් සහ මානව යහපැවැත්ම වේගවත් කරයි. නව්‍ය ආකෘති සහ වැඩසටහන් සමඟින්, GLX විද්‍යාව, ශාස්ත්‍රීය, කලා සහ කර්මාන්ත පාලම් කරන අතරම තිරසාර ආරම්භක ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය වේ.

2018 වසරේ සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කළ GLX සමාගම, 180 කට අධික මෙරට ව්‍යාපාර සංඛ්‍යාවකට පහසුකම් සලසා ඇති අතර, වෙනස තුළින් පෙරට ඒමට ප්‍රතිජනන ආර්ථිකයක් ගොඩනැගීමට දායක වී තිබේ.

EUNIC පිළිබඳ

යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනය (EUNIC) යනු, යුරෝපා සංගමයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් 36 දෙනෙකුගෙන් සමන්විත ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධානවල යුරෝපා ජාලයයි. Alliance Française, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති කාර්යාලය, Goethe-Institute, British Council, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, නෙදර්ලන්ත රාජධානියේ සහ ඉතාලියේ තානාපති කාර්යාලවලින් සමන්විත සහ යුරෝපා සංගමයේ දූත මණ්ඩලයේ සහයෝගය හිමි EUNIC ශ්‍රී ලංකා පාර්ශ්වය, සංස්කෘතික සබඳතා සහ නිර්මාණ සහයෝගිතා වර්ධනය කිරීම සහ විවිධත්වයට සහයෝගය ලබා දීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතුව කටයුතු කරයි.