ප්‍රයිම් සමූහය සිය ශාඛා ජාලය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් කළුතරදී නව ශාඛාවක් විවෘත කරයි

Prime Group, Sri Lanka’s leading real estate pioneer, celebrates 30 years of excellence with the opening of its 7th branch in Kalutara. The new branch enhances customer convenience, supports regional growth, and reflects Prime Group’s commitment to innovation, quality, and sustainable urban development.

ප්‍රයිම් සමූහය සිය ශාඛා ජාලය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් කළුතරදී නව ශාඛාවක් විවෘත කරයි

ශ්‍රී ලංකාවේ දැවැන්තම දේපළ වෙළඳාම් සමාගම වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ 7 වැනි ශාඛාව පසුගියදා කළුතරදී විවෘත කරන ලදි. මෙම ශාඛාව අංක 270, ප්‍රධාන පාර, කළුතර දකුණ යන ස්ථානයේ පිහිටා තිබේ. මෙය තිස් වසරක උරුමයක් සමඟින් විශ්වාසය, ප්‍රගතිය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් කැප වී සිටින ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ නවතම පියවරයි.

ප්‍රයිම් නවතම ශාඛාව, කළුතර සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා තිබේ. ඉදිරි මාස කිහිපයේදී කළුතර ප්‍රදේශය ආශ්‍රිතව තවත් නවතම ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නැංවීමට ප්‍රයිම් සමූහය සැලසුම් කර ඇත. එම නිසාම කළුතර ශාඛාව විවෘත කිරීමෙන් ප්‍රයිම් සමූහය සමඟ ආයෝජන අරඹන පාරිභෝගිකයන්ට අප සපයන සේවාව කාර්යක්ෂමව ලබා දීමට හැකි වනු ඇත.

එම ශාඛාව විවෘත කිරීම ගැන ප්‍රයිම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා මෙසේ පැවසීය. “දේපළ වෙළඳාමේ පුරෝගාමීන් ලෙස කළුතර නව ශාඛාව විවෘත කිරීම අපගේ දීර්ඝකාලීන තිබු සැලැස්මක් ක්‍රියාවට නැංවීමකි. අති විශාල පාරිභෝගිකයන් පිරිසක් කළුතර පුරවරය ආශ්‍රිතව ප්‍රයිම් ව්‍යාපෘති මිලදී ගනිමින් අප හා එක් වීමත් සමගම එම පාරිභෝගිකයන්ගේ සේවාවන් වඩාත් පහසු කරවීම සහ කාර්යක්ෂම කරවීම අපගේ ප්‍රධානතම අරමුණ වුනා. එමෙන්ම අප මේ වන විට ජාත්‍යන්තරය තුළ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය සමඟ බොහෝ වටිනාකම් එකතු කරගත් සන්නාමයක් බැවින් අප ශාඛාව කළුතර නගරයට පැමිණීම කළුතර
නගරයටද එක් වූ අමතර වටිනාකමක් බව අපගේ විශ්වාසයි.

තවද දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ අදටත් වඩාත්ම ප්‍රායෝගික, ශක්තිමත් සහ විශ්වාසනීයම සන්නාමය ප්‍රයිම් අප බව මනාව පිළිබිඹු වන අවස්ථාවක් ලෙසද මෙය හඳුන්වන්න පුළුවන්.

අනාගතය කේන්ද්‍ර කරගත් දැක්මක් සහිතව සිය සේවාවන් අඛණ්ඩව පුළුල් කරමින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අර්ථවත් විසඳුම් හඳුන්වා දීම සඳහා ප්‍රයිම් සමූහය කැප වී සිටී. ඒ ඔස්සේ දේපළ හා ජීවන රටා නවෝත්පාදනයන් සම්බන්ධ විශ්වාසනීය ප්‍රමුඛයා ලෙස මෙන්ම, ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ලෝකය පුරා පතුරුවන සාඩම්බර සමාගමක් ලෙස තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීම සමාගමේ අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ස්ථාවර දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරය වන ප්‍රයිම් සමූහය වසර 30 ක් පුරා රටේ නාගරික සංවර්ධනයට සහ ආර්ථික ප්‍රගතියට සුවිශාල දායකත්වයක් ලබා දී ඇත. පසුගිය දශක තුන තුළ ප්‍රයිම් සමූහය රට පුරා සුවිසල් ආයෝජන ව්‍යාපෘති 70 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාවට නංවන ලදි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට අමතරව ප්‍රයිම් සමූහය දේශය ගොඩනැංවීම, තිරසාරත්වය සහ සමාජ සත්කාරමය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද විශාල උනන්දුවක් දක්වන අතර, ව්‍යාපාරකරණයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් ප්‍රජාවන්ගේ යහපැවැත්ම, අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවාව සහ අධ්‍යාපනය යනාදී ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන්ද නිරන්තර ආයෝජනයන් සිදුකර ඇත.