කාන්තාවන්, ගැහැනු ළමුන් සහ මාතෘ රැකවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) මානූෂීය ආධාර බාරදෙයි

හදිසි අවස්ථා සහ ආපදා තත්ත්වයන්හිදී කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඇමරිකානු ඩොලර් 250,641ක් වටිනා හදිසි සහන ද්‍රව්‍ය ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී තිබේ. ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ආපදා සූදානම සහ හදිසි ප්‍රතිචාර හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරයි.

කාන්තාවන්, ගැහැනු ළමුන් සහ මාතෘ රැකවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) මානූෂීය ආධාර බාරදෙයි

කොළඹ, ශ්‍රී ලංකාව (2026 සැප්තැම්බර් 11) – ආපදා සහ හදිසි අවස්ථාවන්හිදී කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීම උදෙසා, ආපදා පෙර​ සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඩොලර් 250,641 ක් වටිනා හදිසි ආපදා සහනාධාර තොගයක් අද දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන් විසින් මුල්‍යමය අනුග්‍රහය දක්වන ලදී.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී පැවැති මෙම නිල භාරදීමේ උත්සවය සඳහා රාජ්‍ය, මානුෂීය සහ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයන්හි නියෝජිතයින් රැසක් එක්ව සිටියහ. ඒ අතරට ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් රූත් බෙයාර්ඩ් (Ruth Baird) මහත්මිය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග​ මහතා, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා වැඩබලන නියෝජිත ෆුන්ට්ෂෝ වංයෙල් (Phuntsho Wangyel) මහතා, සහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයන් ඇතුළත් වූහ.

දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන ගංවතුර, නායයෑම් සහ අයහපත් කාලගුණික තත්ත්වයන් ශ්‍රී ලංකාව පුරා නිතර සිදුවීමත් සමඟ, කාන්තාවන් සහ ගැහැණු ළමයින් වැඩි  වශයෙන් අවදානමට ලක්වේ. භෞතික යටිතල පහසුකම් විනාශයට පත්වීමට අමතරව, ආපදා මගින් අත්‍යවශ්‍ය මාතෘ සෞඛ්‍ය සේවා අඩාල වන අතර, මූලික සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා ගැනීමට ඇති හැකියාව අහිමි වී ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ හිංසනයන්ගේ අවදානමද ඉහළ යයි. මෙම අවදානම්වලට සෘජුවම මුහුණ දීම සඳහා, අද දින භාරදුන් සහනාධාර තොගය සුදානම් කර ඇත්තේ ක්ෂේත්‍රයේ ඇති වන හදිසි ශාරීරික, සායනික සහ ආරක්ෂණ අවශ්‍යතා සපයාදීම උදෙසාය.


මෙම හදිසි සහනාධාර කට්ටලයට පහත දෑ ඇතුළත් වේ:


● ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු කූඩාරම් (Tents) 08 ක් (සූර්ය බලශක්ති ආලෝක පද්ධති සහිත කූඩාරම් 03 ක් ද ඇතුළත්ව): කාන්තාවන්, ගැහැණු දරුවන් සහ මාතෘ රැකවරණය සඳහා වූ හදිසි ආරක්ෂිත ස්ථාන ලෙස භාවිත කළ​ හැකි මෙම ස්ථාන​, ආපදා අවස්ථාවලදී කාන්තාවන්ට, ගැහැණු දරුවන්ට, ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට අත්‍යවශ්‍ය මාතෘ සේවාවන්, ආරක්ෂාව, උපදේශනය සහ මානසික සමාජීය සහය ලබා ගැනීමට මෙමගින් පහසුකම් සැලසේ.


● පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා ගමන් කට්ටල (Midwifery Go-Bags) 999 ක්: ජීවිතාරක්ෂක මාතෘ සත්කාර සැපයීමට අත්‍යවශ්‍ය මූලික වෛද්‍ය උපකරණ මෙයට ඇතුළත්.


● ගැබිණි මව්වරුන් සඳහා වන භාණ්ඩ කට්ටල (Maternity Kits) 1,283 ක්: දරු ප්‍රසූතීයකදී මවගේ සහ දරුවාගේ සනීපාරක්‍ෂාව සදහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වේ.

● වැඩිහිටි කට්ටල (Elderly Kits) 246 ක්: වැඩිහිටි කාන්තාවන්ගේ විශේෂිත සනීපාරක්ෂක සහ අනිකුත් අවශ්‍යතා සඳහා නිපදවා ඇත.

● කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා වන​ සනීපාරක්ෂක කට්ටල (Dignity Kits) 1,659 ක්: අවතැන් වූ පසුබිම්වල සිටින කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට තම සනීපාරක්ෂාව සහ ඔසප්


වීම් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ, මෙම විශේෂිත සම්පත් ආපදා වැඩි අවදානමට ලක්විය හැකි දිස්ත්‍රික්කවල උපායමාර්ගිකව ස්ථානගත කිරීමට (pre-position) නියමිතය. මෙමගින් ආපදා අවස්ථාවකදී මාර්ග විනාශ වීම් හෝ ප්‍රදේශයේ යටිතල පහසුකම් බිඳවැටීම්
නිසා සිදුවන ප්‍රවාහන ප්‍රමාදයන් වළක්වා, ආපදා අවස්ථාවන්වලදී ක්‍ෂණිකව මැදිහත් වන සෞඛ්‍ය සේවකයින්ට හදිසි සේවාවන් සැපයීමට හැකියාව ලැබේ.

ජාතික ආපදා පෙර සූදානමේ වැදගත්කම අවධාරණය කරමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය: තිරසාර​ සෞඛ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා ආපදාවක් පැමිණීමට පෙර ක්‍රියාත්මක වන සක්‍රිය මැදිහත් වීමක් අවශ්‍ය වේ. UNFPA මෙන්ම ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන් සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාවය තුළින් අපගේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ධාරිතාව ඉහළ නැංවීමට හැකි වී තිබෙනවා. එමගින් කෙතරම් බරපතල ආපදා තත්ත්වයකදී වුවද මාතෘ හා ළමා සෞඛ්‍ය
සේවාවන් මෙන්ම ආරක්ෂණ සේවාවන්ද බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබෙනවා.

මෙම ඒකාබද්ධ කැපවීම තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් මහතා මෙසේ අදහස් දැක්වීය: සාර්ථක ආපදා කළමනාකරණය රැඳී පවතින්නේ පෙර සූදානම​ සහ සම්බන්ධීකරණය මතයි. නවසීලන්තයේ මෙම සහයෝගීතාවය මගින් නිරූපණය වන්නේ, අවතැන් වන කාලපරිච්ඡේදයන්හිදී ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් සහ තරුණ ගැහැණු ළමයින් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කරමින්, ශ්‍රී ලංකාව තුළ ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනැගීමට අප දක්වන කැපවීමයි.

කලාපීය සහයෝගීතාව සහ මානුෂීය ආධාර ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් රූත් බෙයාර්ඩ් මහත්මිය මෙසේ සඳහන් කළාය: සියලු දෙනා අන්තර්ග්‍රහණය කරගන්නා අංග සම්පූර්ණ​ ආපදා ප්‍රතිචාර යාන්ත්‍රනයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට සහය දැක්වීම ගැන ඕස්ට්‍රේලියාව ආඩම්බර වෙනවා. අර්බුදකාරී අවස්ථාවලදී කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආරක්ෂා කිරීම ප්‍රජාවේ යථා තත්ත්වයට පත්වීමට අත්‍යවශ්‍ය වන අතර, මෙම සහනාධාර ස්ථානගත කිරීම තුළින් අත්‍යවශ්‍යය පුද්ගලයින්ට අවශ්‍යම මොහොතේදී ආධාර ලැබෙන බව තහවුරු වෙනවා.

ආපදා අවස්ථාවලදී අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ වෙනස් වන අවශ්‍යතා පිළිබඳව අදහස් දක්වමින් UNFPA ශ්‍රී ලංකා වැඩබලන නියෝජිත ෆුන්ට්ෂෝ වං යෙල් මහතා මෙසේ පැවසීය: අර්බුදකාරී අවස්ථාවකදී වුවද ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා සම්බන්ධ අවශ්‍යතාවයන් නතර වන්නේ නැත. එසේම කාන්තාවන් සහ ගැහැණු ළමයින් සුරක්ෂිතව තැබීමේ අපගේ සාමූහික වගකීම​ නැවතෙන්නේ ද නැත. මෙම සම්පත් අවදානම් සහිත ප්‍රජාවන් වෙත සෘජුවම ස්ථානගත කිරීම මගින්, ආපදාවක් සිදු වූ වහාම හදිසි සේවාවන් සැපයීමටත්, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ගෞරවය, සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීමටත් හැකියාව ලැබේ.

ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ එක්ව, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන, සියලු දෙනා අන්තර්ග්‍රහණය කරගත් සහ පෙර​ සූදානමකින් යුත් හදිසි ආපදා ප්‍රතිචාර පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) කැපවී සිටියි.