පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා Janashakthi Life තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

පාරිභෝගික පහසුව සහ සේවා අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් Janashakthi Life සිය තංගල්ල ශාඛාව අංක 2/1, Beach Road, Tangalle යන වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි නව ස්ථානයකට ගෙන ගොස් තිබේ. නව ශාඛාව වැඩි ප්‍රවේශ පහසුකම් සහ වඩාත් සුහද පරිසරයක් ලබා දෙන අතර, පාරිභෝගිකයන්ට වඩාත් වේගවත් සහ පුද්ගලීකරණය කළ සේවාවක් ලබාදීමට සමාගමට හැකියාව සලසයි.

පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා Janashakthi Life තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් සිය තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව දැන් එම ශාඛාව අංක 2/1, වෙරළ පාර, තංගල්ල යන ස්ථානයේ පිහිටා ඇත.


ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම ශාඛාව, ඔවුන්ට විශිෂ්ට හා සුහදශීලී සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය. මේ හේතුවෙන් මින් ඉදිරියට තංගල්ල ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට, මෙතෙක් ලබාදුන් සේවාවටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීමට Janashakthi Life සමාගමට හැකි වනු නිසැකය.

තම ගනුදෙනුකරුවන් සමඟ සමීපව සම්බන්ධ වෙමින්, ඔවුන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන, එම අවශ්‍යතා කාර්යක්ෂම ලෙස සපුරාලීමට Janashakthi Life සෑම විටම උත්සාහ කරයි. තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම එම උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. නව ශාඛාව ඔස්සේ තම ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් කරගනිමින්, ගනුදෙනුකරුවන් කවදත් තමන්ගෙන් අපේක්ෂා කරන විශිෂ්ට තලයේ සේවාව අඛණ්ඩව එලෙසින්ම ලබාදීම Janashakthi Life හි අරමුණ වී ඇත. 


Janashakthi Life පිළිබඳව

1994 වසරේදී ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ආරම්භ වූ Janashakthi Life වසර 30 කට අධික උරුමයක් සමගින් මෙරටට නව්‍ය ජීවිත රක්ෂණ විසඳුම් හඳුන්වා දෙන, දොරින් දොර කියැවෙන නාමයක් බවට පත්වීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී ජීවිත රක්ෂණ සමාගමක් වන Janashakthi Insurance PLC මේ වන විට දිවයින පුරා ශාඛා 76 කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇත. “Uplifting lives and empowering dreams” (‘ජිවිතයන් නඟා සිටුවීම සහ සිහිනයන් බලගැන්වීම’) යන ආයතනික අරමුණට සමගාමීව සිය ගනුදෙනුකරුවන්ට සහ සියලුම හවුල්කරුවන්ට රක්ෂණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික 

සීමාවන්ගෙන් ඔබ්බට ගිය විශිෂ්ට සේවාවක් සලසමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම එම සමාගමේ අරමුණ වී තිබේ.