සංක්‍රමණ නීතිය සහ ප්‍රතිපත්ති පිළිබඳ පළමු සහතික පත්‍ර වැඩසටහන පිරිනැමීම සඳහා USAID ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරයි
ශ්‍රී ලංකාවේ සංක්‍රමණ නීතිය සහ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රථම සහතික පත්‍ර වැඩසටහන වෘත්තිකයන් 69 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සාර්ථකව නිම කළ බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා එක්සත් ජනපදය සාඩම්බරයෙන් නිවේදනය කරයි. ඉහත පුහුණුව තුලින් මෙම වෘත්තිකයන් පිරිස තැනැත්තන් වෙළදාමට එරෙහි සටන නැවත ඔවුන්ගේ ප්‍රජාවන් වෙත ගෙන යාමට අවශ්‍ය මෙවලම් සහ දැනුම.ලබාගෙන ඇත.
මෙම සය මාසික පාඨමාලාව, USAID හි “තැනැත්තන් වෙළදාමට එරෙහිව සටන් කිරීම සඳහා සිවිල් සමාජය සවිබල ගැන්වීම” ව්‍යාපෘතිය (“Empowering Civil Society to Combat Human Trafficking” project - ECCT) සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) අතර වූ ඒකාබද්ධ ප්‍රයත්නයකි. SAFE පදනම මගින් මෙම ECCT ක්‍රියාත්මක කරයි. සංක්‍රමණ සහ නීතිය පිළිබඳ වූ මෙම පාඨමාලාව, සිවිල් සමාජ සංවිධානයක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක් අතර ව්‍යුහගත අධ්‍යයන පාඨමාලාවක් සැපයීම සඳහා ඇති වූ පළමු සහයෝගීතාවය සනිටුහන් කළේය.
රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, තරුණ තරුණියන්, ස්වේච්ඡා සේවකයන් සහ සිවිල් සමාජයේ සාමාජිකයින් ඇතුළත් සිසුන් පිරිසක් , මාර්ගගත ක්‍රමයට ජාතික මට්ටමින් සංක්‍රමණ නීති සහ ප්‍රතිපත්ති පිළිබඳව වූ මෙම පාඨමාලාව හැදෑරුහ. සිසුන් පනස් දෙනෙකු සිංහල භාෂාවෙන් පාඨමාලාව හැදෑරූ අතර ඉතිරි සිසුන් දෙමළ භාෂාවෙන් ඉගෙනුම ලැබූහ. දෙසැම්බර් 20 වන දින නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාල (OUSL) නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී මෙම සිසුහු සිය සහතිකපත් ලබා ගත්හ.
මිනිස් වෙළඳාම ගෝලීය ගැටලුවක් නමුත් ඊට එරෙහි සටන සෑම ප්‍රජාවකින්ම දේශීය වශයෙන් ආරම්භ වේ යනුවෙන් USAID ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ දූත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රව් මහතා පැවසීය.
සංක්‍රමණ නීතිය සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ආයතන සහ දේශීය වෘත්තිකයන් සමඟ හවුල්කාරීව කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ආඩම්බර වන අතර එමඟින් ඔවුන්ට ආරක්ෂිත සංක්‍රමණ දිරිමත් කිරීමට සහ මිනිස් ජාවාරම නැවැත්වීමට ඔවුන්ගේ ප්‍රජාවන් තුළ කටයුතු කිරීමටද හැකියාව ලැබේ ජාත්‍යන්තර සංක්‍රමණ සන්දර්භය තුළ සංක්‍රමණය සහ රාජ්‍ය වගකීම්; තැනැත්තන් වෙළදාම සහ මිනිස් ජාවාරම් කිරීම පිලිබඳ ජාත්‍යන්තර නීති රාමුව; අක්‍රමවත් සංක්‍රමණ පිළිවෙත් වැළැක්වීම; සහ වින්දිතයින්, ආපසු පැමිණි අයගේ සහ නැවත ඒකාබද්ධ වීමේ අයිතිවාසිකම් ඇතුළත් මාතෘකා මෙම පාඨමාලාවේදී ආවරණය කරන ලදි.
මිනිස් වෙළඳාමට එරෙහි සටන සිය ප්‍රජාවන් වෙත ගෙන යාමට අමතරව, මෙම සහතිකය උපාධිලාභීන්ගේ විශ්වාසය වැඩි කරමින්, ඔවුන්ට රජයේ නිලධාරීන්, පෞද්ගලික අංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය,දිස්ත්‍රික්ක සහ ජාතික මට්ටමේ ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීමට හැකියාව ලබා දේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2024 මිනිස් වෙළඳාම පිළිබඳ වාර්තාව (TIP) ශ්‍රී ලංකාව එහි 2 වන මට්ටම තත්ත්‍වයේ තබා ගනිමින් TIP සමඟ සටන් කිරීමේ ප්‍රගතිය පිළිගැනීමට ලක් කර ඇත. නමුත් මෙම වාර්තාව ශ්‍රී ලංකා රජයෙන් තවදුරටත් ඉල්ලා ඇත්තේ, TIP අපරාධ විභාග කිරීම සහ විමර්ශනය කිරීමේදී ගනු ලබන උත්සාහයන් මෙන්ම වෙනත් ක්‍රියාමාර්ග අතර සහ සංක්‍රමණික සේවකයින් අතර TIP වින්දිතයින් හඳුනා ගැනීම සඳහා දරන උත්සාහයන් ද ශක්තිමත් කරන ලෙසත් ය.
editor