“The Routes we take” (අප යන මඟ) නිර්මාණ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලාංකේය චක්‍රීය නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට එළිදැක්වෙයි
ශ්‍රී ලංකාවේ නිර්මාණකරණය පිළිබඳ හරිත සිතියම“The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් 2024 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වන දා දක්වා මරදාන ටේස් එක්ස්පර්ට් සිටි හිදී පැවැත්වෙන නිර්මාණ ප්‍රදර්ශනයේදී ජනගත කරයි.
මෙහිදී රට පුරා වෙසෙන නිර්මාණකරුවන් 10 දෙනෙකුගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන අතර ප්‍රතිචාරාත්මක වැඩමුල සජීවී නිර්මාණ අංගයන් හා කොළඹ නගරය තුළ ඇති කලාගාර නිරීක්ෂණ චාරිකා ඇතුඵ විශේෂාංග රාශියක් පැවැත්වීමටද නියමිතයි.
මෙම ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වමින් “The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතියේ කළමනාකාරිනී හා Good Life X හි එමා ද සිල්වා මෙසේ පැවසීය. “ “The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය හරහා රට පුරා වෙසෙන සොබාදහම හා තිරසාරභාවය මත පදනම්වුණු නිර්මාණශිල්පීන් හඳුනාගැනීමටත්, ඔවුන් සමඟ ඒකාබද්ධව වැඩකිරීමට ලැබීමත් ඉතා සුවිශේෂී අත්දැකීමක්. මෙම ඩිජිටල් සිතියම මඟින් රට පුරා නිර්මාණකරුවන්ට තම නිර්මාණ ලොවට විදහා දැක්වීමට අනගි අවස්ථාවක් උදාවනවා. ඒ වගේම මෙම ප්‍රදර්ශනය තුළ විශිෂ්ට ලෙස තිරසාරභාවය පදනම් කරගත් නිර්මාණශිල්පීන් කිහිප දෙනෙකුගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන අතර එමඟින් තවත් විශාල පිරිසක් මේ කෙරෙහි උද්යෝගීමත් කරගැනීමට අවස්ථාව සැලසෙන බව නොඅනුමානයි.”
“The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් තිරසාරභාවය, චක්‍රීයකරණය, ප්‍රතිනිර්මාණය වැනි ශ්‍රී ලාංකේය අනාගතය හැඩගැන්වීමෙහි ලා අතිශය වැදගත් සංකල්ප මත පදනම්වන නිර්මාණකරුවන් හා ආයතන ඇගයීමට ලක්කෙරේ. මෙම ප්‍රදර්ශනය මඟින් එම පදනම් මත නිර්මාණකරණයේ යෙදෙන යාපනය, මඩකලපුව, මහනුවර, මොණරාගල, ගාල්ල සහ කොළඹ ප්‍රදේශවල නිර්මාණශිල්පීන් ඒකාත්මික කෙරෙන අතර එමඟින් ගොඩනැගෙන වියමන “The Routes we take” (අප යන මඟ) නමින් ජනගත කෙරේ.
1 තර්මපාලන් නිලක්ෂන් - ස්වාධීන කතා වින්‍යාසයක් හරහා සමාජය හා අදාළවන වාර්තා චිත්‍රපට නිර්මාණකරුවෙකි. එමෙන්ම මානව අත්දැකීම් සහ ප්‍රධාන සමාජීය ප්‍රශ්න තම නිර්මාණ තුළින් ආමන්ත්‍රණය කිරීම මොහුගේ විශේෂත්වයකි.
3 අලාෆියා නජ්මුදීන් ALEAF - ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තිරසාරභාවය මත පදනම්වුණු විලාසිතා සන්නාමයකි. මෙම සන්නාමය ස්වභාවික අමුද්‍ර්‍රව්‍ය භාවිතයෙන් හා සාම්ප්‍රදායික කලාකරුවන්ගේ දායකත්වය සමඟ නිර්මාණකරණයේ යෙදෙමින් එම කලාකරුවන්ටද වටිනාකමක් ලබාදෙයි.
4 ශ්‍රීලන්ඩ් - ඔසු වස්ත්‍ර ඖෂධීය ඇඟ`ඵම් - ස්වභාවික ආයුර්වේදීය ඖෂධමය වර්ණක භාවිතයෙන් පරිසර හිතකාමී, විෂබීජ රහිත අත්යන්ත්‍ර කපුරෙදි නිපදවන සන්නාමයකි.
6 කුවේණි ඩයස් මෙන්ඩිස් - ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ටේ්‍රලියාවේ වාසය කරන කලාකරුවෙක් වන අතර ප්‍රතිනිර්මාණ භාවිතාවන් හරහා සංස්කෘතිය හා අනන්‍යතාවයන් විදහා දැක්වීම සිදුකරයි.
“The Routes we take” (අප යන මඟ) - ශ්‍රී ලාංකේය නිර්මාණකරණයේ හරිත සිතියම” EUNIC ශ්‍රී ලංකා සහ Good Life X යන ආයතනවල එකමුතුවෙන් දියත්වන ව්‍යාපෘතියකි. EUNIC - යුරෝපානු සංගමයේ ජාතික සංස්කෘතික ආයතන යනු සංස්කෘතික අංශයේ ක්‍රියාත්මක වන ආයතන ජාලයකි.
මෙම ජාලය සමඟ යුරෝපානු සංගමයේ 36ක් වන සියලුම සාමාජික රටවල්වල සහ අනුබද්ධිත රටවල්වල සංස්කෘතික මධ්‍යස්ථාන සම්බන්ධව සිටියි. EUNIC ශ්‍රී ලංකා ආයතනය - Alliance Francaise ආයතනය, ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රංශ තානාපති කර්යාලය,ගතේ සංස්කෘතික ආයතනය, බිරතාන්‍ය කවුන්සිලය, ස්විස් තානාපති කාර්යාලය, නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ ඉතාලි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ අතර යුරෝපානු සංගමයේ සහයෝගය සහිතව ක්‍රියාත්මක වේ. මෙම ආයතනය සංස්කෘතික සබඳතා නිර්මාණ සුසංයෝගයන් හා විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධිත ප්‍රවේශයක් ගනී.
editor