සමනලවැව, බෙලිහුල්ඔයෙහි සියලු පාර්ශ්වකරුවන්ට සාධාරණ සංචාරක ප්‍රවේශයක් සහතික කරන ඓතිහාසික අධිකරණ තීන්දුවක්

Eco Team, a pioneer in Canoeing and Kayaking at Samanalawewa and a leader in sustainable tourism for over 25 years, welcomes the recent court ruling that upholds fairness and transparency among tour operators in Sri Lanka — a true victory for sustainable tourism.

සමනලවැව, බෙලිහුල්ඔයෙහි සියලු පාර්ශ්වකරුවන්ට සාධාරණ සංචාරක ප්‍රවේශයක් සහතික කරන ඓතිහාසික අධිකරණ තීන්දුවක්

සමනලවැවෙහි Canoeing සහ Kayaking ක්‍රීඩාවේ පුරෝගාමීන් මෙන්ම, වසර 25කට අධික කාලයක් පුරාවට තිරසර හා අත්දැකීම් සහිත සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතම නාමයක් වන ඉකෝ ටීම් සමූහය, සියලුම සංචාරක මෙහෙයුම්කරුවන් සඳහා සාධාරණත්වය සහ විනිවිදභාවය තහවුරු කරමින් මෑතකදී ලබාදුන් අධිකරණ තීන්දුව ඇගයීමට ලක්කරයි. එය ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක කර්මාන්තය අත්පත් කරගත් සැබෑම ජයග්‍රහණයකි.

ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම තීන්දුව, සංචාර මෙහෙයවන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයට සාධාරණත්වය, ආරක්ෂාව සහ විනිවිදභාවය අත්කර දුන් අති විශේෂ තීන්දුවකි.

දශක දෙකකට වැඩි කාලයක් පුරා දිවයිනේ නන්දෙස ජීවත් වන ජනතාව සහ සොබාදහම සමඟ අත්වැල් බැඳ ගනිමින් තිරසාර සංචාරක ක්ෂේත්‍රයේ අග්‍රගන්‍ය කාර්යභාරයක් ඉටු කිරීමට ඉකෝ ටීම් සමූහය සමත්ව ඇත. 

සමාගම, බෙලිහුල්ඔය පිහිටි සිය ආයතන තුන හරහා ඉඹුල්පේ සහ බලන්ගොඩ ප්‍රදේශවල පුද්ගලයන් 32 දෙනෙකුට වැඩි පිරිසකට රැකියා අවස්ථා ලබා දෙමින්, ඔවුන් සමඟ සමීපව කටයුතු කරයි. මෙම දිගුකාලීන සහයෝගීතාව ජීවනෝපායන් නිර්මාණය කළා පමණක් නොව, ප්‍රදේශයේ ආර්ථිකය හා සමාජ ව්‍යුහය ද ශක්තිමත් කර ඇත.

මෑතකදී, සමනලවැවේ සංචාරක ක්‍රියාකාරකම් සිදුකිරීමට ඇති හැකියාව කිසියම් පාරදෘශ්‍ය නොවූ ක්‍රියාවලියක් මගින් සීමා කෙරුණි. එය ඉකෝ ටීම් සමූහයට පමණක් නොව, අනෙකුත් හෝටල් සහ සංචාරක මෙහෙයුම්කරුවන්ට ද සිය සාධාරණ හා නීත්‍යානුකූල මෙහෙයුම් කටයුතු සඳහා වැව භාවිතා කිරීමේ අවස්ථාව අහිමි කරන ලදී. මේ සදහා සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටිය ද, ඒ වෙනුවෙන් සාධාරණයක් ඉටු නොවීය.

මේ අනුව, තිරසාර සංචාරක කර්මාන්තය ආරක්ෂා කිරීමේ සහ සියලු පාර්ශ්වකරුවන්ට සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින්, ඉකෝ ටීම් සමූහය අභියාචනාධිකරණය හමුවේ යුක්තිය ඉල්ලා සිටියේය.

අධිකරණය, අතුරු තීන්දුව මඟින් සමනලවැවට ප්‍රවේශ වීම සීමා කිරීමට උත්සාහ කරන පාර්ශ්වයන් එවැනි ඕනෑම මැදිහත්වීමකින් වැළකී සිටිය යුතු බව නියෝග කළ අතර සමනලවැව මහජන දේපලක් බව ද පෙන්වා දෙන ලදී. එමගින් රාජ්‍ය අධිකාරීන්ගේ නියාමනය සහ පාලනය යටතේ සිය මෙහෙයුම් කටයුතු ස්වාධීනව සිදු කිරීමට ඉකෝ ටීම් සතු අයිතිය තහවුරු කෙරිණි. තවද, අදාළ අධිකාරීන්ට ප්‍රවේශය සහ ඊට අදාළ ගාස්තු කළමනාකරණය සඳහා පාරදෘශ්‍ය හා නීතිගත ක්‍රමවේදයක් පිහිටුවන ලෙස ද උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉකෝ ටීම් සමූහය, "ජාතික වශයෙන් වැදගත් මෙම තීන්දුව, ශ්‍රී ලංකාවේ ස්වභාවික හා සංචාරක සම්පත් ජනතාවට අයත් බව සහ ඒවාට රටේ නීතිමය රාමුව යටතේ ප්‍රවේශ විය හැකි විය යුතු බව යළි තහවුරු කරයි. එමෙන්ම, ප්‍රජා සවිබලගැන්වීම සඳහා සාධාරණත්වය, වෘත්තීයභාවය සහ නිසි පාලන ක්‍රමවේද අවශ්‍ය බව ද ඒවා අයුතු පරිහරණයකින් තොරව සාධාරණව සිදුවිය යුතු බවද අවධාරණය කෙරේ. 
යනුවෙන් පැවසීය.

ඉකෝ ටීම් සමූහය සැමවිටම තිරසාර සංචාරක කර්මාන්තය සහ ජනතාව සවිබල ගැන්වීම උදෙසා නායකත්වය ලබා දී ඇත. සංචාරක කර්මාන්තයෙන් සියළු දෙනා ප්‍රයෝජන ලබාගත යුතු බව සහ කිසිදු තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් පොදු ස්වභාවික සම්පත් ඒකාධිකාරීව අවභාවිතා නොකළ යුතු බවත් සමාගම තරයේ විශ්වාස කරයි. මීට පෙර විල්පත්තුවේ සිදු වූ මෙවැනිම තත්ත්වයකදී ද, සමාගම සාධාරණ හා නීති ප්‍රවේශය සහතික කිරීමේ අරමුණින් අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව කටයුතු කරන ලදී.

එබැවින්, මේ අතුරු තහනම් නියෝගය ඉකෝ ටීම් හි පමණක් නොව, සමස්ත සංචාරක ක්ෂේත්‍රයේම ජයග්‍රහණයක් මෙන්ම, ශ්‍රී ලංකාව සාධාරණ හා ගෞරවනීය සංචාරක ගමනාන්තයක් ලෙස ද ස්ථානගත කරයි. අවංකභාවය, නීත්‍යානුකූලභාවය සහ සහයෝගිතාව සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම බව ද මින් පෙන්වා දෙයි.

විනිවිදභාවය සහ සාධාරණත්වය ආරක්ෂා කරමින් සංචාරක ව්‍යාපාරයෙන් තිරසාර ප්‍රතිලාභ ලබා දීම සහතික කිරීම සඳහා, දේශීය ප්‍රජාවන් සහ හෝටල් හිමියන්ගේ සිට නියාමන ආයතන දක්වා සියලුම පාර්ශ්වකරුවන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ඉකෝ ටීම් අඛණ්ඩව සිය කැපවී සිටී.

ඉකෝ ටීම් සමුහ ව්‍යාපාරය නියෝජනය කළේ නීතිඥවරුන් වන ශාන්ත ජයවර්ධන සහ තාරක නානායක්කාර මහත්වරුන් විසිනි.