ශ්‍රී ලංකාවේ විනිවිද භාවයෙන් යුත්, තිරසාර යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා වරාය නීතියේ එන අනුග්‍රාහකත්වය පිළිබඳ පුහුණුවක් ( Concessions Training ) ලබා දෙමින් එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට සහාය දක්වයි

From September 8–10, the U.S. Embassy in Colombo, through the U.S. Department of Commerce’s Commercial Law Development Program (CLDP), hosted a special workshop uniting legal experts from the Sri Lanka Ports Authority and the Attorney General’s Department.

ශ්‍රී ලංකාවේ විනිවිද භාවයෙන් යුත්, තිරසාර යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා වරාය නීතියේ එන අනුග්‍රාහකත්වය පිළිබඳ පුහුණුවක් ( Concessions Training ) ලබා දෙමින් එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට සහාය දක්වයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීති විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නීති සංවර්ධන වැඩසටහන (CLDP) හරහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සැප්තැම්බර් 8-10 දක්වා කොළඹදී විශේෂිත වැඩමුළුවක් පැවැත්වීය.

වරාය නීතිය සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPPs) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ධාරිතාවය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර, විනිවිදභාවය, වගවීම සහ මහජන අවශ්‍යතා ආරක්ෂා කිරීම අවධාරණය කරමින් රජයන් සහ පෞද්ගලික සමාගම් අතර ගිවිසුම් ව්‍යුහගත කර ඇති ආකාරය පාලනය කරන නීතිමය රාමුව වන අනුග්‍රාහක නීතිය (concession law) පිළිබඳ තාක්ෂණික පුහුණුවක් ද මීට ඇතුළත් විය. අනාගත යටිතල පහසුකම් ව්‍යාපෘති ශ්‍රී ලාංකික ජනතාවට දිගුකාලීන ප්‍රතිලාභ ලබා දෙන බව සහතික කරමින්ද සාධාරණ හා විවෘත වාණිජ භාවිතයන් ප්‍රවර්ධනය කරමින්ද, ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආයතනවලට සහාය වීම සඳහා වන එක්සත් ජනපදයේ කැපවීම මෙම මුලපිරීම මගින් පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය වැඩමුළුවේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අගය කරමින් මෙසේ පැවසුවාය. ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් ලෙස, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව, ආරක්ෂාව සුරක්ෂිත කිරීමට සහ වාණිජ්‍යය විවෘතව තබා ගැනීමට උරෙනුර ගැටී කටයුතු කරයි. 

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් එම උත්සාහයේ ප්‍රධාන අංගයකි. ඒවා ආර්ථික වර්ධනයට සහ ජාතික සංවර්ධනයට සහාය වන ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට උදව් කරයි. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරමින් සහ අනුග්‍රාහක ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ගෙන එන බව තහවුරු කරමින්, මෙම වැඩමුළුව ශ්‍රී ලංකාවේ විශේෂඥයින් ජාත්‍යන්තර යහ පරිචයන් සහ උගත් පාඩම් වලින් සන්නද්ධ කරයි. ශක්තිමත් නීති රාමු ඇමරිකානු සහ ජාත්‍යන්තර ආයෝජකයින්ට විශ්වාසයක් ගෙන දෙන අතර, එක්සත් ජනපදයට සහ අනෙකුත් හවුල්කරුවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රගතියට දායක වීමට අවස්ථා නිර්මාණය කරයි. අද අපි එක්ව ගොඩනඟන දේ හෙට දවසේ සාමුහික ආරක්ෂාව සඳහා පදනමකි.

CLDP හි කොටස් තුනකින් සමන්විත පුහුණු වැඩසටහන, ඵලදායී නීති රාමු වල වැදගත්කම පිළිබඳ දළ විශ්ලේෂණයක් සමඟින් ආරම්භ වන අතර, වරාය නීතිය සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPPs) අතර සම්බන්ධතාවය කෙරෙහි අවධානය යොමු කරමින් සහ ගෝලීය යහපරිචයන් මත පදනම් වේ. දෙවන සැසිය අනුග්‍රාහක ගිවිසුම් ගැඹුරින් පරීක්ෂා කිරීම, සාර්ථක ජාත්‍යන්තර ආකෘති විශ්ලේෂණය කිරීම සහ විවිධ ප්‍රවේශයන්ගේ වාසි සහ අවාසි කිරා මැන බැලීම සිදු කරයි. 

ශ්‍රී ලංකාවේ වත්මන් අනුග්‍රාහක ගිවිසුම් ආකෘතිය පිළිබඳ සවිස්තරාත්මක,වගන්තියෙන් වගන්තිය සමාලෝචනයක් සිදු කිරීමෙන්, එය ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ සංසන්දනය කිරීමෙන් සහ සලකා බැලිය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර අවධාරණය කිරීමෙන් පසු මෙම පුහුණු වැඩසටහන අවසන් වේ. 

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙරටටම වරාය සහ යටිතල පහසුකම් කෙතරම් වැදගත්ද යන්න මෙම පුහුණුව මගින් අවධාරණය කරයි. විනිවිද භාවයෙන් යුත් සහ තිරසාර හවුල්කාරිත්වයන්, සාධාරණ වාණිජ අවස්ථා, ආරක්ෂිත සැපයුම් දාම සහ නිදහස් හා විවෘත ඉන්දු- පැසිෆික් කලාපයක් සඳහා වන ඇමරිකාවේ කැපවීම ඉදිරියට ගෙන යමින් මෙම පුහුණුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් භාවය, වෙළඳාම සහ ජාතික සංවර්ධනය මෙහෙයවීමට සහාය දක්වයි. මෙම සහයෝගිතාවේ හදවත වන්නේ කොළඹ වරායයි. එය දකුණු ආසියාව හරහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අත්‍යවශ්‍ය මධ්‍යස්ථානයක් වන අතර එයට එක්සත් ජනපදයට සහ ඉන් පිටතට භාණ්ඩ ප්‍රවාහනය කිරීම ඇතුළත් වේ. ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් ලෙස, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය, ආරක්ෂාව සුරක්ෂිත කරන, වාණිජ්‍යය පුළුල් කරන, දිගුකාලීන ස්ථාවරත්වය සහ සමෘද්ධිය ගොඩනඟන ආයතන ශක්තිමත් කිරීමට එක්ව කටයුතු කරති.