Uber Rides සහ Eats සේවාවන් යාපනය ආවරණය කරයි

Uber, Sri Lanka’s leading ride-hailing and digital delivery platform, has officially launched its services in Jaffna, offering safe and affordable transportation, food, and essential deliveries while creating new income opportunities for local drivers, delivery partners, and merchants.

Uber Rides සහ Eats සේවාවන් යාපනය ආවරණය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber, යාපනයේ සිය සේවා ආරම්භ කරමින් රටපුරා ව්‍යාප්තියේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම දියත් කිරීමත් සමඟ, යාපනයේ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ආරක්ෂිත, ලාභදායී ගමන් පහසුකම් මෙන්ම ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීම් අවස්ථාව මෙයින් උදා වී ඇත. 

තවද මෙය දේශීය රියදුරන්, බෙදාහැරීමේ හවුල්කරුවන් සහ වෙළඳුන් සඳහා නව ආදායම් මාර්ග නිර්මාණය කරමින් යාපනයේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද දායක වනු ඇත. 

Uber විසින් දෙමළ භාෂා සහය, යෙදුමට එක් කරමින්, මිලියන ගණනක දෙමළ කතාකරන ශ්‍රී ලාංකිකයන්ට සේවාවන් පහසුවෙන් භාවිත කිරීමට අවස්ථාව සලසා ඇත. Uber Rides හරහා යාපනය විශ්වවිද්‍යාලය, නල්ලූර් කන්දසාමි කෝවිල හෝ ජනප්‍රිය යාපනය පුස්තකාලය වැනි ගමනාන්ත වලට ඉක්මන් හා ලාභදායී ගමන් පහසුකම් ලබා දෙයි. එසේම, Uber Eats සේවාව ඔස්සේ ගනුදෙනුකරුවන්හට Lavin’s Vegetarian Family Restaurant, Selam RR Biriyani, Akshathai Restaurant, Mangos Indian Veg වැනි ජනප්‍රිය අවන්හල්වලින් යාපනයටම ආවේණික කකුළු කරි, කූල් (kool), දෝසා (Dosa) වැනි රසවත් ආහාර ගෙන්වා ගැනීමටද හැකියාව ඇත.

Uber Eats යාපනයේ බෙදාහැරීමේ සේවාව, ජනප්‍රිය දේශීය අවන්හල් සහ සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන් සමඟ ඇතිකරගත් ශක්තිමත් සම්බන්ධතාවය ඔස්සේ, විශිෂ්ට බෙදාහැරීමේ සේවාවක්, සහ වේගවත් සහ විශ්වාසනීය මෙන්ම ගුණාත්මක සේවාවක්ලබාදීමට ඉදිරිපත්ව ඇත.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ Uber Delivery හි දේශීය කළමනාකාර වරුන් විජේවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය., “අපට යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් Uber සේවාවන් දියත් කිරීමට හැකිවීම ඓතිහාසික අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙහිදී යාපනයටම ආවේණික රසයන් වගේම, එම සංස්කෘතිය පිළිබිඹු කරන ආහාර මෙම සේවාව ඔස්සේ ගනුදෙනුකරුවන් වෙත ලබාදීම සඳහා, අපට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සමඟ සමීපව කටයුතු කිරීමෙන් හැකියාව ලැබුනා. ඇත්ත වශයෙන්ම මෙම සේවාව බෙදාහැරීමකට එහා ගිය ගමනක් වන අතර, දේශීය ආර්ථිකයට දායක වෙමින් පාරිභෝගිකයින්ට ගැලපෙන සේවාවක් ලබා දෙනවා.”

Uber Rides යතුරුපැදි,  ත්‍රී-රෝද හා මෝටර් රථ හරහා ගමන් පහසුකම් සපයන අතර, තථ්‍ය-කාලීන GPS ලුහුබැඳීම,ආදරණීයන් සමඟ ගමන් විස්තර බෙදාගැනීම, රියදුරු සත්‍යාපනය, හදිසි ආධාර සහ පැය 24 සහාය වැනි ආරක්ෂක විශේෂාංග ගමන්කරුවන්ට හා රියදුරන්ට සහනයක් ගෙන දෙයි.

Uber Sri Lanka මෙරට ප්‍රධාන කළමනාකාරිනී (ගමනාගමන) කෞශල්‍යා ගුණරත්න මහත්මිය මෙසේ සිය අදහස් පළකළාය, “යාපනයේ Uber Rides ආරම්භ කිරීමත් සමඟ, ‘දුරකථන මෘදුකෘංගයක බොත්තමක් ස්පර්ශ කළ සැණින් ගමන් අවස්ථාවක් හිමිකර ගන්න’ (tap a button, get a ride) යන අපගේ පොරොන්දුව උතුරු පළාතේ ජනතාව වෙත ගෙන ඒමට හැකිවී තිබෙනවා. මේ තුළින් එදිනෙදා ගමන් බිමන් වඩාත් පහසු, නම්‍යශීලී සහ විශ්වාසදායී වෙනවා. එය යතුරුපැදියක් හෝ මෝටර් රථයක් වේවා, සෑම ගමනක්ම ගමන් කරන්නන්ටත් රියදුරන්ටත් ආරක්ෂාව සහ පහසුව ප්‍රමුඛ කරන තාක්ෂණයෙන් සහාය වෙන අතර, ශ්‍රී ලංකාව පුරා ආරක්ෂිත, විශ්වාසනීය ගමන් පහසුකම් ව්‍යාප්ත කිරීමේ අපේ ප්‍රයත්නයේ මෙය එක් ඉදිරි පියවරක් බවට පත්වී තිබෙනවා.”

මෙම දියත් කිරීම Uber ශ්‍රී ලංකාව පුරා සිය සේවාවන් දියත් කිරීමේ අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාවලියේ කොටසකි. Uber Eats අනුරාධපුරය, මාතර, වැලිගම, මිරිස්ස හා මාතලේ දක්වා ව්‍යාප්ත වී ඇති අතර, Uber Rides බස්නාහිර පළාතේ නගර කිහිපයකටත්, දැන් යාපනයටත් ව්‍යාප්ත වී ඇත. මෙමඟින් රටපුරා තවත් ප්‍රජාවන්ට ආරක්ෂිත හා පහසු සේවාවන් ලබා දෙයි.