එක්සත් ජනපද නාවික හමුදාවේ ලිටෝරල් කොම්බැට් නෞකාවක් වන යූඑස්එස් සැන්ටා බාබ්රා කොළඹට පැමිණේ  

The USS Santa Barbara (LCS 32), a U.S. Navy Littoral Combat Ship, will make its first-ever visit to Colombo Port on August 16, highlighting U.S.-Sri Lanka partnership and commitment to a free and open Indo-Pacific.

එක්සත් ජනපද නාවික හමුදාවේ ලිටෝරල් කොම්බැට් නෞකාවක් වන යූඑස්එස් සැන්ටා බාබ්රා කොළඹට පැමිණේ  

අගෝස්තු 16 වන දින ඉන්ඩිපෙන්ඩන්ස්-ප්‍රභේදයේ ලිටෝරල් කම්බැට් නෞකාවක් වන USS සැන්ටා බාබ්රා (LCS 32) කොළඹ වරායට සංචාරය කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි. 

USS සැන්ටා බාබ්රා නෞකාව කොළඹට සිදු කරන පළමු වරාය සංචාරය මෙය වන අතර, එය එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ශක්තිය, ආරක්ෂිත, සමෘද්ධිමත් සහ නිදහස් ඉන්දු-පැසිෆික්  කලාපයක් සඳහා වන අපගේ හවුල්කාරී කැපවීම අවධාරණය කරයි. එය අපගේ නාවික හමුදාවන් අතර පවතින දිගු කාලීන සබඳතා සහ අපගේ සම්බන්ධතාව නිර්වචනය කරන සමීප සහයෝගීතාවය ද පිළිබිඹු කරයි. 

නෞකාව, සිය මෙහෙයුම් කටයුතු වලට පෙරාතුව ඉන්ධන සහ සැපයුම් ලබා ගැනීම සඳහා කෙටි නැවතුම්පොළක් ලෙස කොළඹ වරාය යොදාගනු ඇත. USS සැන්ටා බාබ්රා (LCS 32) යනු ලොව විශාලතම ඉදිරි පෙළ බලඇණියට අණ දෙන එක්සත් ජනපද 7 වන බලඇණියේ කොටසකි. එහි ප්‍රධාන මෙහෙවර වන්නේ බටහිර පැසිෆික් සහ ඉන්දියානු සාගරවල සිය හමුදාවන්ට මෙහෙයුම් පාලනය සහ සැලසුම් සැපයීම සහ මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් සමඟ කටයුතු කිරීම හරහා කලාපීය ස්ථාවරත්වය සහ සමුද්‍රීය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමයි.

USS සැන්ටා බාබ්රා නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ප්‍රබල සංකේතයකි. එක්සත් ජනපද නාවික හමුදාවේ විශාලතම ඉදිරි පෙළ බලඇණිය වන 7 වන  බලඇණියේ කොටසක් ලෙස - නෞකාව සිදුකරන මෙම සංචාරය සමුද්‍රීය ආරක්ෂාව, කලාපීය ස්ථාවරත්වය, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපය සඳහා වන අපගේ හවුල් කැපවීම පිළිබිඹු කරයි  යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය පැවසුවාය. 

කලාපය පුරා සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා අපි එක්ව කටයුතු කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමඟ සිටීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය. USS සැන්ටා බාබ්රා යනු වෙරළට ආසන්න පරිසරයන්හි ක්‍රියාත්මක වීමට, ඉදිරි පෙළ පැවැත්මට, සමුද්‍රීය ආරක්ෂාව, මුහුදේ සිදුකරන පාලනයන් සහ වැළැක්වීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට නිර්මාණය කර ඇති ඉන්ඩිපෙන්ඩන්ස්-ප්‍රභේදයේ ලිටෝරල් කම්බැට් නෞකාවකි. 2021 ඔක්තෝබර් 16 වන දින නම් තබන එය දැනට 7 වැනි බලඝණයේ (DESRON) 7 හි කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.

සැන්ටා බාබ්රා නෞකාව, ආක්‍රමණ වැළැක්වීම, සන්ධාන සහ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ අනාගත යුද සටන් හැකියාවන් දියුණු කිරීම සඳහා නිතිපතා ඉන්දු-පැසිෆික් කලාපයේ මුර සංචාර පවත්වයි.