SriLankan Aviation College හි ගුවන්යානා නඩත්තු ඉංජිනේරු පාඨමාලාවේ සිසුන් වැඩිදුර පුහුණුව සඳහා ඔස්ට්‍රේලියාවට

The first batch of students from the joint Diploma of Aircraft Maintenance Engineering program by SriLankan Aviation College and Aviation Australia have completed their initial training in Sri Lanka and departed for Brisbane, Australia, to complete their diploma.

SriLankan Aviation College හි ගුවන්යානා නඩත්තු ඉංජිනේරු පාඨමාලාවේ සිසුන් වැඩිදුර පුහුණුව සඳහා ඔස්ට්‍රේලියාවට

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු පාසල වන SriLankan Aviation College සහ ඔස්ට්‍රේලියානු ගුවන් සේවා පුහුණු පාසල Aviation Australia එක්ව පවත්වනු ලබන ඔස්ට්‍රේලියානු ගුවන්යානා නඩත්තු ඉංජිනේරු ඩිප්ලෝමා (Diploma of Aircraft Maintenance Engineering) පාඨමාලාවේ පළමු කණ්ඩායම, ශ්‍රී ලංකාවේ සිදුකරන සිය පළමු අදියරේ පුහුණුව සාර්ථකව අවසන් කර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් විද්‍යාලයේ (Brisbane Campus) ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමට පිටත්ව ගියහ.

ගුවන්යානා නඩත්තු ඉංජිනේරු සහ තාක්ෂණවේදීන් සඳහා ලොව පුරා දිනෙන් දින ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් මෙම සහයෝගීතාවය ගොඩනැගුණු අතර, මෙමගින් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ තරුණ තරුණියන්ට මෙම වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගැනීමට අවස්ථාව සලසයි. SriLankan Aviation College හි දී මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත මෙම පාඨමාලාවේ දෙවන කණ්ඩායම සඳහා
අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ කර ඇත.

මෙම ඩිප්ලෝමා පාඨමාලාව (Diploma of Aircraft Maintenance Engineering) ජාත්‍යන්තර අධ්‍යයන වැඩසටහනක් (Transfer Programme) ලෙස ක්‍රියාත්මක වන අතර, මෙම සිසුන්ට ඔස්ට්‍රේලියානු සුදුසුකම් සහතිකය (Australian Qualification) සහ යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සියේ (EASA) Part-66 සහතිකය (Certificate of Recognition) ලබාගැනීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව ඔවුන්ට CQUniversity Australia විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ උපාධිය (Bachelor of Engineering Technology) හැදෑරීම සඳහා ඇතුළත් විය හැකි ය.

මෙම පාඨමාලාවේ දී EASA අනුමත මූලික පුහුණු පාඨමාලාව (B1.1) ආවරණය කරන අතර, සිසුන් ඔවුන්ගේ පළමු මාස හයක පුහුණුව SriLankan Aviation College හි දී සම්පූර්ණ කරන අතර, ඉන්පසුව ඉතිරි මාස 15ක පුහුණුව ඔස්ට්‍රේලියාවේ Brisbane හි Aviation Australia හිදී සිදු කරයි. මෙහිදී EASA අනුමත Part-147 පහසුකම් යටතේ සිසුන්ට ප්‍රායෝගික ගුවන්යානා නඩත්තු පුහුණුව (Live Maintenance Training) ලබා දෙයි.

“Aviation Australia සමඟ ඇතිකර ගත් මෙම සහයෝගීතාවය SriLankan Aviation College හි ඉදිරි දැක්මෙහි තවත් අදියරක් සනිටුහන් කරනවා. දැනටමත් දකුණු ආසියාතික කලාපයේ EASA ප්‍රමිතීන්ට අනුකූලව පුහුණුව ලබා දෙමින් අති දක්ෂ ඉංජිනේරුවන් බිහි කිරීමේ විශිෂ්ට ඉතිහාසයක් ඇති අපගේ පුහුණු පාසල, මෙම සහයෝගීතාවය ඔස්සේ තවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පුහුණු වැඩසටහනක් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව සතුටුයි. 

මෙමගින් අපගේ සිසුන් සඳහා ගෝලීය අවස්ථා විවෘත වන අතර, මෙම කලාපයේ ගුවන් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස සිය ස්ථානය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී යසන්ත දිසානායක මහතා පැවසීය.

“SriLankan Aviation College සමඟ ඇතිකර ගත් මෙම සහයෝගිතාව අපගේ ජාත්‍යන්තර ගුවන් වෘත්තිකයන් සඳහා අවශ්‍ය පුහුණුව සපයන ව්‍යාපෘතියක තවත් එක් වැදගත් පියවරක්. ඔස්ට්‍රේලියාවේ දී EASA ගුවන්යානා නඩත්තු බලපත්‍රයක් (EASA Aircraft Maintenance Licence) ලබාදෙන එකම ආයතනය වශයෙන්, අපි ලොව පිළිගත් විශ්වවිද්‍යාල හා පුහුණු ආයතන සමඟ එක්ව වෘත්තිමය ලෙස සුදුසුකම් ලැබූ ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවන් බිහිකිරීමට අරමුණු කරගෙන තිබෙනවා. ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත පාඨමාලාව සඳහා SriLankan Aviation College මේ වන විට අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා.” Aviation Australia හි ප්‍රධාන විධායක නිලධාරී Glenn Ryan මහතා පැවසීය.

මෙම ඩිප්ලෝමා පාඨමාලාව හාදාරන ශිෂ්‍යයන්ට විශේෂිත දැනුම හා කුසලතා ලබාදෙන අතර, ලෝව පුරා ගුවන්යානා නඩත්තු ඉංජිනේරු ක්ෂේත්‍රයේ (Aircraft Maintenance Engineering) රැකියා හා උපාධි පාඨමාලා සදහා ඔවුන් සුදුසුකම් ලබයි. Boeing Pilot and Technician Outlook 2024-2043 වාර්තාවට අනුව, ඉදිරි වසර 20 තුළ ගුවන් සේවා ක්ෂේත්‍රයට නව වෘත්තිකයන් මිලියන 2.4 ක් අවශ්‍ය වනු ඇත. එයින් 716,000ක් ගුවන්යානා නඩත්තු ඉංජිනේරු/තාක්ෂණවේදීන් (Aircraft Maintenance Technicians/Engineers) වේ.