World Travel Awards හිදී Vietjet ‘ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සන්නාමය 2026’ සම්මානය දිනා ගනී

මාලදිවයිනේ පැවති World Travel Awards 2026 සම්මාන උළෙලේදී Vietjet ගුවන් සමාගම ‘ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සන්නාමය 2026’ ලෙස නම් කර තිබේ. ගෝලීය ගුවන් සේවා ජාලය පුළුල් කරමින් සිටින Vietjet, ශ්‍රී ලංකාවද සිය නව ගමනාන්ත අතරට එක් කර ඇති අතර, කොළඹ සහ හෝ චි මින් නගරය අතර සෘජු ගුවන් සේවාවද ආරම්භ කර ඇත.

World Travel Awards හිදී Vietjet ‘ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සන්නාමය 2026’ සම්මානය දිනා ගනී

කොළඹ, 2026 සැප්තැම්බර් 29 –Vietjet සමාගම, සිය ගෝලීය ගුවන් සේවා සන්නාමය තවදුරටත් ශක්තිමත් කරමින්  මාලදිවයිනේ පැවැති World Travel Awards සම්මාන උළෙලේ දී, Asia’s Leading Airline Brand 2026 ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාව ඇතුළුව නව ගමනාන්ත වෙත සිය ගුවන් මෙහෙයුම් පුළුල් කරමින්, ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගන්නා Vietjet සමාගමේ මෙම ජයග්‍රහණය, එහි ජාත්‍යන්තර ව්‍යාප්ති ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 


World Travel Awards යනු සංචාරක කර්මාන්තයේ ලොව පුරා විශිෂ්ට නිෂ්පාදන සහ සේවාවන් ලබා දෙන සංවිධාන ඇගයීමට ලක් කෙරෙන, ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් සම්මාන උළෙලකි. ගෝලීය මට්ටමින් විශිෂ්ට නිෂ්පාදන හා සේවා සපයන ආයතන ඇගයීමට ලක් කිරීම මෙහි අරමුණ වන අතර මෙහි දී කර්මාන්ත ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, සංචාරකයින් සහ පාරිභෝගිකයින් විසින් ලබාදෙන ඡන්ද පදනම් කරගනිමින් සම්මානලාභීන් තෝරාගනු ලබයි. 


මෙවර හිමි වූ මෙම සම්මානය, World Travel Awards හි Vietjet සතු සම්මානගත වාර්තාවට තවත් වැදගත් සන්ධිස්ථානයක් එක් කරයි. මීට පෙර 2023, 2024 සහ 2025 යන වසරවලදී ඔවුන් අඛණ්ඩව තෙවරක් “Asia’s Leading Airline: Customer Experience ලෙසත්, 2024 වසරේදී “Asia’s Leading Airline Rewards Programme ලෙසත් සම්මානයට පාත්‍ර වී තිබුණි.


මෙම නවතම සම්මානය මගින් තරගකාරී ගුවන් ගමන් ගාස්තු, විවිධාංගීකරණය වූ නිෂ්පාදන සහ සේවා එකතුව, සුවිශේෂී සන්නාම අනන්‍යතාවය සහ ගෝලීය දැක්ම ඇතුළුව පාරිභෝගිකයින් සම්බන්ධ වන සෑම ක්ෂේත්‍රයක් ඔස්සේම Vietjet සමාගම සිදුකරන සන්නාම සංවර්ධනය මනාව පිළිබිඹු කරයි. එමෙන්ම සිය ගුවන් ගමන් ජාලය සහ මෙහෙයුම් අඛණ්ඩව පුළුල් කරමින්, Vietjet ‘hybrid’ ගුවන් සේවා ආකෘතියක් වෙත ක්‍රමානුකූලව පරිවර්තනය වෙමින්, මගීන්ගේ සමස්ත ගුවන් ගමන් අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීම සඳහා නවීන විසඳුම් සහ සේවා අඛණ්ඩව හඳුන්වා දෙයි. 

මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් වියට්ජෙට් හි ප්‍රධාන විධායක නිලධාරී න්ගුයෙන් තාන් සොන් (Nguyen Thanh Son) මහතා ප්‍රකාශ කර සිටියේ  Vietjet සමාගම සිය වර්ධනයේ නව අදියරකට පිවිසෙමින් සිටින බවයි. විවිධාංගීකරණය වූ නිෂ්පාදන, සේවා සහ අත්දැකීම් රැසක් සහිත ප්‍රමුඛ පෙළේ hybrid ගුවන් සේවයක් ලෙස නැවත ස්ථානගත වන බව පෙන්වා දුන් ඔහු අවධාරණය කළේ අපගේ දැක්ම ගමනාන්ත එකිනෙකට සම්බන්ධ කිරීමෙන් ඔබ්බට ගොස්, ලොව පුරා සිටින මගීන්ට වැඩි වටිනාකමක්, අමතක නොවන අත්දැකීම් සහ නව අවස්ථා ලබා කර දෙන ගුවන් සේවා අත්දැකීමක් නිර්මාණය කරන බවයි. ඒ අනුව වියෙට්නාමයේ නවෝත්පාදන ආකල්පය නව මානයන් වෙත ගෙන යමින්, ගෝලීය ව්‍යාප්තියක් සහිත ශක්තිමත් ආසියානු ගුවන් සේවා සන්නාමයක් ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමේ අරමුණින් Vietjet අඛණ්ඩව ඉදිරියට යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 


Brand Finance වාර්තාවලට අනුව, 2026 වසරේ දී Vietjet හි සන්නාම වටිනාකම 117% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් මිලියන 906 ක් දක්වා ළඟා වී තිබේ. එමගින් ප්‍රථම වතාවට ලොව වඩාත්ම වටිනා ගුවන් සේවා සන්නාම 50 අතරට පැමිණීමට එම සමාගමට හැකි වූ අතර, එය එම වසරේ ලොව වේගයෙන්ම වර්ධනය වන ගුවන් සේවා සන්නාමය බවට ද පත්විය. මෙම වර්ධනයට හේතු වී ඇත්තේ ආසියා-පැසිෆික් කලාපයෙන් ඔබ්බට යමින් යුරෝපය ඇතුළු නව ජාත්‍යන්තර වෙළඳපොළ වෙත සිය ගුවන් ගමන් ජාලය පුළුල් කිරීම සඳහා Vietjet අනුගමනය  කළ උපායමාර්ගයයි.


2026 වසරේ මුල් මාස හය තුළ, Vietjet සමාගම ගුවන් මාර්ග 213 ක (දේශීය 46 ක් සහ ජාත්‍යන්තර 167 ක් ඇතුළුව) ගුවන් වාර 72,000 ක් ඔස්සේ මගීන් මිලියන 13.4 කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කර තිබේ. මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව මෙන්ම ජපානය, පිලිපීනය, කසකස්තානය සහ චෙක් ජනරජය වෙත ද නව ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් සිටියි. එහි නවතම ජාත්‍යන්තර ගමනාන්තයක් ලෙස , 2026 අගෝස්තු 18 වන දින කොළඹ සහ හෝ චි මිං නගරය අතර ඍජු ගුවන් සේවය ආරම්භ කළ අතර, එමගින් ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික සංචාරකයින්ට සෘජුවම වියෙට්නාමය වෙත ගමන් කිරීමට අවස්ථාව සැලසුණි.


වියට්නාමයෙන් ආරම්භ වූ Vietjet, ආසියානු ගුවන් සේවා සන්නාමයක් ගෝලීය වේදිකාව වෙත රැගෙන යමින්, දිනෙන් දින පුළුල් වන ගමනාන්ත, ජනතාව සහ නව අවස්ථා එකිනෙකට සම්බන්ධ කරමින් සිය ජාත්‍යන්තර පියාසර ජාලය අඛණ්ඩව පුළුල් කරයි. එම වර්ධනය වන ගෝලීය සම්බන්ධතා ජාලයට ශ්‍රී ලංකාව ද මේවනවිට එක්වී තිබේ. 


වියට්ජෙට් (Vietjet) පිළිබඳව:


නවීන යුගයේ ගුවන් සේවා සමාගමක් වන Vietjet, වියෙට්නාමයේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකළා පමණක් නොව කලාපීය සීමාවන් අභිබවා ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය සුවිශේෂී සලකුණ තැබූ පුරෝගාමී ගුවන් සේවයක් බවට ද පත්ව තිබේ.

පිරිවැය කාර්යක්ෂමතාව, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ කාර්යසාධනය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින්, සිය මෙහෙයුම් සඳහා නවීන
තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලන විවිධාංගීකරණය වූ සේවා රැසක් මෙන්ම, වඩාත් නම්‍යශීලී සහ පිරිවැය ඉතිරි කරගත හැකි ගුවන් ගමන් අවස්ථා Vietjet විසින් පිරිනමනු ලබයි. 


වියට්ජෙට් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) පූර්ණ සාමාජිකයෙකු වන අතර IATA මෙහෙයුම් ආරක්ෂණ විගණන (IOSA) සහතිකය ද හිමිය. වියට්නාමයේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය ලෙස, මෙය ලොව එකම ආරක්ෂාව සහ නිෂ්පාදන ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවිය වන airlineratings.com මගින් ආරක්ෂාව සඳහා ඉහළම තරු 7 ශ්‍රේණිගත කිරීම ලබා ඇති අතර Airfinance Journal මගින් අඛණ්ඩව වසර කිහිපයක් ලොව හොඳම ගුවන් සේවා 50 අතරට ද ඇතුළත් කර ඇත.


තවද Skytrax, CAPA, Airline Ratings වැනි සුප්‍රසිද්ධ සංවිධාන විසින් මෙම ගුවන් සේවය හොඳම අඩු පිරිවැය ගුවන් සේවාව (Best Low-Cost Carrier) ලෙස නම් කර ඇත.

33 වන World Travel Awards සම්මාන උළෙලේ දී Vietjet සමාගම 'Asia’s Leading Airline Brand 2026' ලෙස සම්මානයට පාත්‍ර වූ අවස්ථාව