HWPL ලෝක සාම සමුළුව, තිරසාර සාමය සඳහා ගෝලීය සහයෝගිතාව ඉස්මතු කරයි.

The 11th HWPL World Peace Summit, organized by Heavenly Culture, World Peace, Restoration of Light (HWPL), brought together over 800 global leaders in Cheongju, South Korea, on September 18, 2025, to share achievements and discuss strategies for sustainable peace.

HWPL ලෝක සාම සමුළුව, තිරසාර සාමය සඳහා ගෝලීය සහයෝගිතාව ඉස්මතු කරයි.

දකුණු කොරියාවේ, චොන්ග්ජු – 2025 සැප්තැම්බර් 18 – Heavenly Culture, World Peace, Restoration of Light (HWPL) නම් ජාත්‍යන්තර සාම රාජ්‍ය නොවන සංවිධානය, ගෝලීය නායකයින් 800කට අධික පිරිසක් එක්රැස් කරමින් 11 වැනි HWPL ලෝක සාම සමුළුව චොන්ග්ජු හිදී පැවැත්විණි. මෙම සමුළුව, රජයන්ට, ජාත්‍යන්තර සංවිධානවලට සහ සිවිල් සමාජයට, තිරසාර සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ජයග්‍රහණ බෙදා ගැනීමට සහ අනාගත උපාය මාර්ග සාකච්ඡා කිරීමට වේදිකාවක් ලෙස සේවය කළේය.

මෙවර සමුළුව ප්‍රධාන ක්ෂේත්‍ර තුනක සැලකිය යුතු ප්‍රගතියක් ඉස්මතු කළේය. ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රය තුළ, HWPL හි සාමය සහ යුද්ධය නැවැත්වීමේ ප්‍රකාශනය (DPCW) තවදුරටත් ගම්‍යතාවක් ලබා ගත්තේය. ඒ අනුව, ලතින් ඇමරිකානු සහ කැරිබියන් පාර්ලිමේන්තුව (PARLATINO) සහ ජාතික පාර්ලිමේන්තු හා රාජ්‍ය ආයතන 16 ක් විසින් නිල වශයෙන් මෙම ප්‍රකාශනයට සහය දක්වමින් යෝජනා සම්මත කර ඇත.

සාම අධ්‍යාපනයේදී, ජාතික මට්ටමින් ආයතනගත කිරීම සිදුවෙමින් පවතී. සැම්බියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අගනුවර වන ලුසාකා හි සියලුම පොදු පාසල් හරහා HWPL හි සාම අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, එය රට පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මොංගෝලියාව ද නිල වශයෙන් මෙම වැඩසටහන ඔවුන්ගේ ජාතික විෂය මාලාවට ඇතුළත් කර ඇත.

අන්තර් ආගමික සංවාදයේදී, ආගම්වල සහයෝගිතා සාම කමිටුව (Solidarity of Religions’ Peace Committee - SRPC) දියත් කිරීම නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2023 වසරේ සිට, HWPL ජාත්‍යන්තර ආගමික සාම ඇකඩමිය (IRPA), ආගමික නායකයින්ට සහ පුරවැසියන්ට සාමය කේන්ද්‍ර කරගත් සංවාදයකට සම්බන්ධ වීමට හැකි වන වේදිකාවක් ලෙස රටවල් කිහිපයක නිල වශයෙන් පිළිගෙන ඇත.

තම ප්‍රධාන දේශනයේදී, HWPL හි සභාපති මාන් හී ලී මහතා අවධාරණය කළේ, “ගැටුම් කිසි විටෙක යහපත් විය නොහැක. සාමය සාක්ෂාත් කර ගැනීම පමණක් යහපත් ය. අප අපේ කාලය තුළ සාමය ස්ථාපිත කිරීමට අපොහොසත් වුවහොත්, අප අනාගත පරපුරට ගැටුම්වල බර පැටවනු ඇත. අප ඉතිරි කළ යුත්තේ යුද්ධයෙන් තොර වූ සාම ලෝකයක් මිස, යුද්ධයෙන් පිරි ලෝකයක් නොවේ” යනුවෙනි. ක්‍රොඒෂියාවේ හිටපු ජනාධිපති, අතිගරු ඉවෝ ජොසිපොවිච් මහතා, සිය සුබ පැතුම් පණිවිඩය මගින් ප්‍රකාශ කළේ, “ලොව පුරා යුද්ධ තහනම් කිරීම සඳහා අපගේ ක්‍රියාකාරකම් වෙනදාට වඩා දැන් ඉතා වැදගත් වේ. මෙවර ලබාගත් ජයග්‍රහණ, මානව වර්ගයා දිනෙක සදාකාලික සාමය අත්කර ගන්නා බවට වූ සහතිකයයි” යනුවෙනි. 

මෙම සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන විලියම් සුකුමාර් රොක්වුඩ් මහතා අවධාරණය කළේ, “පාරිසරික ගැටලු, මත්ද්‍රව්‍ය භාවිතය සහ දූෂණය වැනි අභියෝග ජය ගැනීම සඳහා පුරවැසියන් දැනුවත් කිරීමේ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. HWPL හි LP වැඩසටහනට මෙම වෙනස්කම්වලට නායකත්වය දිය හැකියි” යනුවෙනි. තවදුරටත් අදහස් දැක්වූ ඔහු, සාමය ගොඩනැංවීමේදී මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයේදී HWPL සමඟ සහයෝගීතාවය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

 මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙනත් සාම නියෝජිතයින් ද සහභාගී විය. ඔවුන් අතර:

 ඇලයන්ස් ඩිවලොප්මන්ට් ට්‍රස්ට් (Alliance Development Trust - ADT) ආයතනයේ ලේකම් සහ ආශ්‍රිත නියෝජිතයින්: රූත් බෝපගේ මෙනවිය සහ සචින්ත අබේසිංහ මහතා

 සාම අධ්‍යාපන සාම තානාපති: නිහ්මි යූසුෆ් මහතා

 එස්.එල්. අයි.පී.වයි.ජී. (SL IPYG) සාම උපදේශකවරුන්: ඉරේෂා ලක්මිණි මෙනවිය සහ ආතිෆා තව්සීර් මෙනවිය

 සාම උපදේශක සහ ආගමික නියෝජිත: යාසීර් අහමඩ් මහතා

 ආර්ථික සංවර්ධන සුබසාධන පදනමේ (Economic Development Welfare Foundation) නියෝජිතවරු: මුහම්මදු නවාබ් මොහොමඩ් තුෂාන් මහතා

 ට්‍රිනිටි ජාත්‍යන්තර පාසලේ (මීගමුව) අධ්‍යක්ෂ: දිලීප ප්‍රනාන්දු මහතා සහ විදුහල්පති: කිත්මිණි කරුණානායක මහත්මිය.

මෙම සමුළුව සාමකාමී කොරියානු ඒකාබද්ධ කිරීමේ ප්‍රශ්නය පිළිබඳව ද අවධානය යොමු කළ අතර, HWPL හි ගෝලීය සාමාජිකත්වය 580,000 ඉක්මවා ඇති බව නිවේදනය කරන ලදී. චොන්ග්ජු හි පැවති ප්‍රධාන උත්සවයෙන් පසුව, ලොව පුරා නගර 78 ක නායකයින් 15,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් පසු විපරම් සම්මන්ත්‍රණ මාලාවක් ඔක්තෝබර් මාසය පුරාවට පැවැත්වීමට නියමිතය. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම්, ගෝලීය සාම මුලපිරීම් සඳහා බහු-අංශ සහයෝගිතාව තහවුරු කරමින්, නීතිය, අධ්‍යාපනය සහ යෞවන සංවිධාන යන ක්ෂේත්‍ර නියෝජනය කරන ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ ගැම්බියාවේ ප්‍රධාන පෙළේ පුද්ගලයින් ද මෙම සමුළුවට සම්බන්ධ වීමයි.