දේශීය කර්මාන්ත වර්ධනය සහ රජයේ හවුල්කාරිත්වයේ සහාය ඇතිව ලංකා අශෝක් ලේලන්ඩ් පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

Lanka Ashok Leyland PLC, a successful joint venture between the Government of Sri Lanka and India’s Ashok Leyland, has announced strong financial results for the first half of the 2025 fiscal year, highlighting its focus on enhancing local production and supporting national economic recovery.

දේශීය කර්මාන්ත වර්ධනය සහ රජයේ හවුල්කාරිත්වයේ සහාය ඇතිව ලංකා අශෝක් ලේලන්ඩ් පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි


 
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම අතර සාර්ථක ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී, 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මූල්‍ය වසරේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. සමාගම අවධාරණය කළේ, දේශීය නිෂ්පාදනය හා එකලස් කිරීම වැඩි දියුණු කිරීම මඟින් දේශීය කර්මාන්තය සංවර්ධනය කිරීම සහ රටේ ආර්ථික ප්‍රතිසාධනයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීම යන උපායමත මූලික අවධානය යොමු කර ඇති බවය.
 
ලංකා අශෝක් ලෙලන්ඩ් සමාගමේ හි ප්‍රධාන විධායක නිළධාරී වන උමේෂ් ගෞතම් මහතා මෙසේ පැවසීය:“රු. බිලියන 1.17 ක ලාභයක් හා රු. බිලියන 7.75 ක සමස්ත ආදායමක් සමඟ අපගේ ශක්තිමත් මුල් අර්ධ වාර්ෂික කාර්ය සාධනය ගැන අපට අභිමානයක් ඇත. මෙම වර්ධනය ශ්‍රී ලංකා රජය සමඟ ඇති අපගේ ශක්තිමත් සහයෝගිතාව සහ කර්මාන්ත අමාත්‍යාංශයේ වටිනා සහයෝගයට සාක්ෂියකි. දේශීය අගය එකතු කිරීම සඳහා ආයෝජනය කිරීමේ අපගේ උපාය මාර්ගය වන්නේ ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා උත්පාදනය කිරීම, අපගේ දේශීය සැපයුම් දාමය ශක්තිමත් කිරීම සහ ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ දැක්ම සමඟ පරිපූර්ණ ලෙස පෙළගැස්වීමයි."
 
ගෞතම මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරි පියවර ගන්නා අවස්ථාවක, නාගරික මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා රජය ගෙන ඇති සංවර්ධන දැක්මටද සමාගම සහය දක්වන බවය.“මෙම දැක්මට අනුව, අපි අපගේ Ultra Low Floor AC බස් රථ නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිමු. 2013 දී මුලින් හඳුන්වා දුන් මෙම බස් රථ 80, ආර්ථික වශයෙන් දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් භාවිතයට නොගත් ඒවා විය.. දැන් අපි මෙම වාහන නාගරික ප්‍රවාහන ක්‍රියාකාරකම් සඳහා යොදවීමට පෞද්ගලික ක්‍රියාකරුවන් දිරිමත් කිරීම සඳහා ආකර්ෂණීය මූල්‍ය පැකේජයක් සංවිධානය කරමින් සිටිමු.”