ෆැෂන් බග් හැපි බෙයාර් පොත් පරිත්‍යාග වැඩසටහනෙන් පාසැල් සිසුන් රැසකගේ සතුටු සිනා දිදුලයි
Fashion Bug launched the third phase of its Happy Bear Book Donation Program, providing school supplies and educational support to students affected by recent floods in Kandy’s Kamburupitiya and Naranwita areas, reinforcing its commitment to education and social responsibility.
දශක 3 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකීය දූ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමෙහිලා ෆැෂන් බග් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන “සිසු දිරිමග” සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ එක් සුවිශේෂී වැඩසටහනක් වන “හැපි බෙයාර්” පොත් පරිත්‍යාග වැඩසටහනේ (Happy Bear book donation programme) පොත් පරිත්‍යාග කිරීමක් පසුගියදා ගම්පොළ, නාරංවිට ප්‍රදේශයේදී සිදුකරන ලදී. ෆැෂන් බග් “හැපි බෙයාර්” පොත් පරිත්‍යාග වැඩසටහන් මාලාවේ 3 වැනි අදියර ලෙස 2026 ජනවාරි 03 වැනිදා නාරංවිට පුරාණ විහාරයේදී පැවැති එම වැඩසටහනේදී පසුගිය ගංවතුරෙන් විපතට පත් නාරංවිට ප්‍රදේශවාසී පාසල් යන දූ දරුවන්ගේ නව පාසැල් වාරයට අදාල පොත් පත් අධ්‍යාපනික උපකරණ රැසක් පරිත්‍යාග කෙරිණ. “හැපි බෙයාර් “පොත් පරිත්‍යාග වැඩසටහන වෙනුවෙන්ම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද අලංකාර කී ටැග් එකක් ෆැෂන් බග් ගනුදෙනුකාරභවතුන් වෙත අලෙවිකරමින්, එම අලෙවියන් ලැබුණු සමස්ථ ආදායම දෙගුණ කරමින් මෙම පාසැල් උපකරණ ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියට යොදවන ලදී.
හැපි බෙයාර් කීටැග් මිලදී ගනිමින් හැපි බෙයාර් පොත් පරිත්‍යාග වැඩසටහනට සහයෝගය දැක්වූ 1000 කට අධික පාරිභෝගිකයන් ස්තූති පූර්වකව සිහිපත් කරමින් අදහස් දැක්වූ ෆැෂන් බග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සූබියන් මහතා “ෆැෂන් බග් සමග එකතුවුන පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවක් හැපී බෙයාර් කීටැග් එක මිලදී ගත්තා. නොසිතූ මොහොතක නොසිතූ කරදරයකට මුහුණ දුන් අපේ රටේ අපේම දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වීමට ෆැෂන් බග් සමග එක් වූ සියළු දෙනාට බෙහෙවින්ම ස්තූතියි! කීටැග් එකක් වැනි කුඩා සරල දෙයකින් විශාල අර්ථවත් දෙයක් නිර්මාණය කරන්නට අපට හැකිවූයේ ඔබෙත් අපෙත් එකමුතු ශක්තිය නිසයි.” යැයි පැවසීය.
ෆැෂන් බග් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන “සිසු දිරිමග” සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ පසුගිය දශක 3 කට ආසන්න කාලය පුරා දුෂ්කරතා ඇති පාසැල් සඳහා පරිගණක විද්‍යාගාර පරිත්‍යාගය, පාසැල් ගෙවතු වගා ව්‍යාපෘති ඇරඹීම, පාසැල් යටිතල පහසුකම් නංවාලීම, අධ්‍යන උපකාරක වැඩසටහන් සංවිධානය, දක්ෂ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම වැනි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍යතා රැසක් සපුරා ඇත. ශ්‍රී ලාංකික ළමා පරපුරේ නිර්මාණශීලී කුසලතා වර්ධනය කිරීමේ අරමුණෙන් ෆැෂන් බග් ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “රූ සිත්තම්” ළමා චිත්‍ර තරගයද “සිසු දිරිමග” සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ කැපී පෙනෙන තවත් එක් ප්‍රජා සත්කාරයකි.
ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි සහ විකුණුම්) ආචාර්ය එස්. එච්. එම්. ෆරාස් මහතා අදහස් දක්වමින් “ෆැෂන් බග් සැමවිටම මහජනතාවට අත්‍යාවශ්‍ය මොහොතේදී ඔවුන්ව ශක්තිමත් කරන සන්නාමයක්. අපේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව අතර අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකොට තිබෙනවා. හැපි බෙයාර් වැඩසටහන සාර්ථක වීම හරහා අප වටා සිටින පාරිභෝගික ජනතාවගේ හෘද්‍යාංගම බව කෙතරම් ශක්තිමත්ද යන්න පෙන්වනවා. පුංචි පියවරකින් වුනත් අපේම දරු පිරිසකගේ ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නට විශාල උපකාරයක් සිදුකරන්න හැකිවී තිබෙනවා.” යැයි පැවසීය.
“හැපි බෙයාර්” පොත් පරිත්‍යාග වැඩසටහනේ 03 වැනි අදියරේ නිමාවත් සමග ෆැෂන් බග් ආයතනය ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ක්‍රියාත්මක වන සමාජ වගකීම් ඉටුකරන ප්‍රමුඛ ව්‍යාපාර ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ අනාගත පරපුර අධ්‍යාපනය හරහා ශක්තිමත් කිරීමට නැවත වරක් දායකත්වය සපයා තිබේ.
editor