‘Taste of Shangri-La 2026’ සමඟින් කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් ගෝලීය සූපශාස්ත්‍ර සිතියමට

‘Taste of Shangri-La 2026’ ගෝලීය සූපශාස්ත්‍ර සැමරුම සඳහා කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් එක්වෙයි. ඔක්තෝබර් 1 සිට 31 දක්වා පැවැත්වෙන මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන යටතේ Capital Bar & Grill, Ulpatha සහ Sera ආපනශාලා මගින් ජාත්‍යන්තර රසයන් සහ දේශීය ආහාර අනන්‍යතාවයන් මුසු කළ විශේෂ මෙනු පිරිනැමේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සූපශාස්ත්‍ර හා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ උසස් මට්ටමේ භෝජන අත්දැකීමක් ලබාදීම මෙහි අරමුණයි.

‘Taste of Shangri-La 2026’ සමඟින් කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් ගෝලීය සූපශාස්ත්‍ර සිතියමට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සපයන්නෙකු වන Shangri-La හෝටල් සමූහය, තම ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් වන 'Taste of Shangri-La 2026' ඔක්තෝබර් 01 සිට 31 දක්වා කොළඹ සහ හම්බන්තොට පිහිටි Shangri-La හෝටල් පරිශ්‍රයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

යුරෝපය, කැනඩාව, ඉන්දියාව, මැදපෙරදිග සහ ඉන්දියන් සාගර කලාපය ඇතුළු ලොව පුරා පිහිටි Shangri-La හෝටල් 11ක ආපනශාලා 25ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම ගෝලීය සූපශාස්ත්‍ර සැමරුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආපනශාලා 4ක් එක්ව සිටියි.

ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ දේශීය අනන්‍යතාවයන් මුසු කරමින් කොළඹ Shangri-La හි 'Capital Bar & Grill' ආපනශාලාව විසින් විශේෂිත Tasting Menu එකක් හඳුන්වා දී ඇත. Orange-cured salmon සහ yellowfin tuna වැනි ප්‍රවේශයන්ගෙන් ඇරඹෙන මෙම මෙනුවට adobo-glazed smoked chicken leg, harissa මුසු කළ barramundi fillet මෙන්ම නිර්මාංශ පාරිභෝගිකයන් සඳහා leek and organic mushroom Wellington ද ඇතුළත් වේ. මෙම විශේෂිත මෙනුව එක් අයෙකු සඳහා රුපියල් 14,900++ක මුදලකට පිරිනැමේ.

දකුණු වෙරළ තීරයේ පිහිටි හම්බන්තොට Shangri-La හි 'Ulpatha' සහ 'Sera' ආපනශාලා හරහා ද සුවිශේෂී මෙනු ද්විත්වයක් හඳුන්වා දී ඇත. හෝටලයේ ගොල්ෆ් පිටියට මුහුණලා පිහිටි 'Ulpatha' ආපනශාලාව විසින් pan-seared yellowfin tuna, කුරුඳු මුසු ළූණු සුප්, cuttlefish and leek compote සහිත grilled barramundi, ලංකා ක්‍රමයට තෙම්පරාදු කළ කලපු ඉස්සන්, stuffed baked chicken breast, beef medallion සහ ravioli ඇතුළත් වට හතරක (4-course) මෙනුවක් පිරිනමයි. මෙහි අතුරුපස සඳහා rich chocolate fudge සහ mango-passionfruit අයිස්ක්‍රීම් ඇතුළත් වන අතර, එහි මිල එක් අයෙකු සඳහා රුපියල් 12,500++ක් (පානයන් සහිතව රුපියල් 15,500++) වේ.

එමෙන්ම, අග්නිදිග ආසියාතික ආහාර සංස්කෘතිය පදනම් කරගත් 'Sera' ආපනශාලාව විසින් පවුලේ සැමට එකට එක්ව භුක්ති විඳිය හැකි (Family-style) මෙනුවක් ඉදිරිපත් කරයි. ඊට satay ayam, tom yum goong, hot garlic prawns, steamed freshwater fish, සිංගප්පූරු ක්‍රමයේ එළවළු නූඩ්ල්ස්, Sichuan chilli chicken සහ තායි sticky rice pudding ඇතුළත් වේ. මෙම මෙනුව එක් අයෙකු සඳහා රුපියල් 10,500++ කට (පානයන් සහිතව රුපියල් 12,500++) ලබාගත හැක.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක සහ සූපශාස්ත්‍ර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමත්, පාරිභෝගිකයන්ට උසස් මට්ටමේ භෝජන අත්දැකීමක් ලබා දීමත් මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.