සංචාරක කර්මාන්තයේ තිරසාර ශ්‍රම බලකායක් වෙනුවෙන් VFS Global හි සහය ඇතිව ක්‍රියාවට නැංවූ Project VISA සාර්ථක ලෙස නිමාව දකී

Project VISA by VFS Global, NCPC and ASSIST successfully concludes in Kandy, training 123 participants in sustainable tourism, eco-tourism and green skills development in Sri Lanka.

සංචාරක කර්මාන්තයේ තිරසාර ශ්‍රම බලකායක් වෙනුවෙන් VFS Global හි සහය ඇතිව ක්‍රියාවට නැංවූ Project VISA සාර්ථක ලෙස නිමාව දකී

VFS Global සමාගමේ සහයෝගය ඇතිව The National Cleaner Production Centre (NCPC) Sri Lanka විසින් ASSIST සමඟ එක් වී ක්‍රියාවට නංවූ VISA (Vocational Initiative for Sustainable Ambassadors in Tourism) ව්‍යාපෘතිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. 

තිරසාර සහ වගකීම්සහගත සංචාරක කර්මාන්තයක් උදෙසා සංචාරක මගපෙන්වන්නන්ට සහ අනාගතයේදී එම වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන්නන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදි. මෙහිදී රැකියා සඳහා අවශ්‍ය කුසලතා වැඩිදියුණු කරන අතරම, රටේ සංස්කෘතික, සමාජයීය සහ පාරිසරික උරුමයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමු විය.


මේ යටතේ තිරසාර හා පාරිසරික සංචාරක ක්‍රමවේද, සංස්කෘතික අර්ථකථනය සහ කථානුසාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම, සන්නිවේදනය හා පාරිභෝගික සේවා විශිෂ්ටත්වය, පාරිසරික වගකීම, දේශගුණික අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, වෘත්තීය ආරක්ෂාව, සංචාරක ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව යනාදී විෂයන් මූලික කරගත් ප්‍රායෝගික ප්‍රවේශයක් හරහා ඵලදායී පුහුණුවක් ලබාදෙන ලදි. මෙය සංචාරක කර්මාන්තය සැමට විවෘත සහ ප්‍රජාවන් මූලික කර්මාන්තයක් බවට පත්කරවන අතරම එහි නියුතු පුද්ගලයන්ගේ වෘත්තීය නිපුණත්වය දීර්ඝකාලීනව තහවුරු කිරීමේ සාර්ථක ප්‍රයත්නයක් ලෙසද හැඳින්විය හැකි වේ.

ගාල්ල, මීගමුව, රිවර්ස්ටන් සහ මහනුවර යන ස්ථාන පාදක කරගනිමින් කණ්ඩායම් 4 ක් මෙම ව්‍යාපෘතිය යටතේ පුහුණුව ලැබූ අතර, පුහුණුවෙන් අනතුරුව 123 දෙනෙක් සහතිකපත් ලැබූහ. වැඩසටහනට සහභාගී වීම සඳහා ස්ත්‍රී පුරුෂ භාවය බාධාවක් නොවූ අතර, සහභාගී වූවන්ගෙන් 25% කම කාන්තාවන් වීම ඊට මනා සාක්ෂියකි. 

අන්තර්ක්‍රියාකාරී වැඩමුළු, විනෝදාත්මක ක්‍රියාකාරම්, ක්ෂේත්‍ර චාරිකා සහ ප්‍රවීණයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු සංවාද ආදියෙන් සමන්විත වූ මෙම පුහුණුව අතරතුරදී වෘත්තීය වශයෙන් සැබැවින්ම වැදගත් වන ප්‍රායෝගික කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය.

කුසලතා සංවර්ධනයට අමතරව මෙහිදී සංචාරක කර්මාන්තයේ නියුතු ප්‍රධාන පෙළේ පුද්ගලයන්, සමාගම් සහ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් පාර්ශ්වයන් සමඟ සම්බන්ධතා ගොඩනංවා ගැනීමටද පුහුණුවට සහභාගී වූවන්ට අවස්ථාව සලසා දෙන ලදි. මෙය ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට සුවිශාල පිටිවහලක් වනු නිසැකය. 

වැඩසටහන අවසානයේදී මහනුවර Royal Kandyan Hotel හිදී සමාප්ති උත්සවයක්ද පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික සුරංජිත් වෑවිට, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමන්, VFS Global හි නියෝජ්‍ය ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී නීතු වාදවන්, VFS Global හි ශ්‍රී ලංකා ප්‍රධාන කළමනාකරු මන්ප්‍රීත් අරෝරා, NCPC Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සමන්ත කුමාරසේන, ASSIST හි දේශීය ප්‍රධානී කරන් සහ NCPC Sri Lanka ව්‍යාපෘති කළමනාකාරිනී චතුරංගි ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.


“ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය ව්‍යුහය තුළ සංචාරක කර්මාන්තය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නිසි කුසලතා සහිත මෙන්ම තිරසාරත්වයට මුල්තැන දෙන සංචාරක වෘත්තිකයන් නිර්මාණය කිරීමට අත්වැලක් වීම තුළින්, රටේ සංස්කෘතික හා පාරිසරික උරුමයන් ආරක්ෂා කරන අතරම රටේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීම අපගේ අරමුණයි. අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ ව්‍යවසායකත්ව පුහුණුව ඔස්සේ තරුණ පරපුර සවිබල ගැන්වීම මඟින් වගකීම්සහගත සංවර්ධනයක් ළඟා කරගැනීම සම්බන්ධයෙන් VFS Global දක්වන උනන්දුව හා කැපවීම මෙම වැඩසටහන මඟින් මැනැවින් පිළිබිඹු වනවා. අප මේ වන විට ශ්‍රී ලංකාව තුළ මෙන්ම බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, තායිලන්තය සහ පිලිපීනය වැනි රටවල් තුළත් මෙවැනි ප්‍රජා සත්කාරමය වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙනවා.” VFS Global සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී (දකුණු ආසියාව) යුමී ටල්වාර්  මහත්මිය පැවසුවාය.

VFS Global පිළිබඳව

VFS Global යනු සුරක්ෂිත සංචරණයක් උදෙසා රජයන් සහ පුරවැසියන් බලගන්වන විශ්වාසනීය තාක්‍ෂණ සේවාවන්හි ගෝලීය ප්‍රමුඛයෙකි. මෙම අරමුණ ඔස්සේ ලොව පුරා රජයන්ට සහ තානාපති සේවාවන්ට සහය වීම සඳහා VFS Global සමාගම Generative AI ඇතුළු නවීනතම තාක්ෂණයන් භාවිතයට ගෙන ඇත. තම සේවාදායක රජයන් වෙනුවෙන් වීසා, විදේශ ගමන් බලපත්‍ර සහ තානාපති සේවා සඳහා වන අයදුම්පත් සම්බන්ධ විනිශ්චය නොවන සහ පරිපාලනමය කාර්යයන් කළමනාකරණය කරන VFS Global සමාගම, ඒ ඔස්සේ අදාළ ක්‍රියාවලීන්හි ඵලදායීතාව වැඩිදියුණු කරමින් සිය සේවාදායකයන්ට තීරණාත්මක තක්සේරුකරණ කාර්යයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට අවස්ථාව ලබාදෙයි.

නව තාක්ෂණයන් නිර්මාණය, භාවිතය සහ ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වගකීම්සහගත ප්‍රවේශයක් අනුගමනය කරන VFS Global සමාගම, සදාචාරාත්මක භාවිතාවන්ට සහ තිරසාරත්වයට ප්‍රමුඛත්වය ලබාදෙමින්, ලොව පුරා සේවාදායක රජයන් 69 කට විශ්වාසනීය ලෙස සිය සේවාවන් සපයයි. රටවල් 166 ක අයදුම් මධ්‍යස්ථාන 4,000 කට අධික සංඛ්‍යාවක් හරහා VFS Global සමාගම 2001 වසරේ සිට ගනුදෙනු මිලියන 528 කට වැඩි සංඛ්‍යාවකට* අදාළ පිරිසැකසුම් කටයුතු සාර්ථක ලෙස සිදු කර ඇත.

VFS Global සමාගමේ ප්‍රධාන කාර්යාල සූරිච් සහ ඩුබායි හි පිහිටා ඇති අතර, එහි බහුතර හිමිකාරීත්වය lovඇ විශාලතම විකල්ප වත්කම් කළමනාකරණ සමාගම වන Blackstone Inc සතු වේ. සමාගමේ සුළුතර හිමිකාරීත්වය දරනුයේ ස්විට්සර්ලන්තය පදනම් කරගත් Kuoni සහ Hugentobler Foundation, සිංගප්පූරුව පදනම් කරගත් Temasek සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් Dubai Holdings මගිනි.