ස්ටර්ලින් ස්ටීල්ස් සමාගම සහ එහි නවතම සන්නාමය වන Sterling Ultra TM නිල වශයෙන් එළිදක්වයි
Sterling Steels Limited යනු BlueScope Lysaght Lanka (Pvt) Ltd, E.B. Creasy & Co. PLC විසින් අත්පත් කර ගැනීමෙන් පසු අලුතින් නම් කරන ලද ආයතනයක් වන අතර, එය ITC රත්නදීප හි දී අති උත්කර්ෂවත් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
ශ්‍රී ලංකාවේ අංක 1 ගුණාත්මක වානේ සෙවිලි විසඳුම් සන්නාමය ලෙස සමාගමේ නවතම සෙවිලි තහඩු සන්නාමය වන Sterling Ultra TM එළිදැක්වීම ද මෙම උත්සවයේ දී සිදු විය. TATA BlueScope Steels සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වීමේ හා බෙදා හැරීමේ එක ම නියෝජිතයා වන Sterling Steels Limited, එම නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහ විශිෂ්ටත්වය රැක ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන බව ද සඳහන් කළ යුතු ම ය.
Sterling Steels Limited සිය ආයතනික නාමය හා ප්‍රමුඛතම සන්නාමය එළිදැක්වීමේ අවස්ථාවට සමගාමීව, මීළඟ පරම්පරාවේ අවශ්‍යතාවලට සරිලන නවතම අති විශිෂ්ට නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකි MaxSeam TM 470 සෙවිලි පද්ධතිය හඳුන්වා දීමට කටයුතු කළ අතර, 360° seam locked සෙවිලි පද්ධතියක් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙය යි.
මෙම අවස්ථාවට මෙරට ප්‍රමුඛ පෙළේ ආයතනවල ඉහළ කළමනාකාරිත්වයේ නිලධාරීන්, කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් ඇතුළු ගෞරවනීය අමුත්තෝ රැසක් එක් වූහ.
මේ පිළිබඳ ව අදහස් දක්වමින් E.B. Creasy & Co. PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සංජීව් රාජරත්නම් මහතා ප්‍රකාශ කළේ, “BlueScope Lysaght Lanka (Pvt) Ltd, Sterling Steels Limited බවට පත් වීම, Lysaght R සන්නාමය වෙනුවට Sterling Ultra TM සන්නාමය හඳුන්වා දීම මෙන් ම E.B. Creasy & Co. PLC යටතේ MaxSeam TM 470 නිෂ්පාදනය හඳුන්වා දීම, ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත ජාත්‍යන්තර මට්ටමේ සෙවිලි නිෂ්පාදන හඳුන්වා දීම වෙනුවෙන් අපගේ කැප වීම පෙන්නුම් කරනවා.
අපගේ දීර්ඝ කාලීන සහ පුළුල් අත්දැකීම්, නව්‍යකරණයෙන් යුත් නිෂ්පාදන කළඹ සහ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා සමාගමේ නොසැලෙන කැපවීම සමඟින්, සෙවිලි තහඩු හා ඒ ආශ්‍රිත උපාංග නිෂ්පාදන කර්මාන්තයේ නව ප්‍රමිතීන් සැකසීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. අපගේ අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළේ වර්ධනයට සහයෝගය දැක්වීමට හැකි වීම අපට ලොකු ආඩම්බරයක්.” යනුවෙනි.
E.B. Creasy & Co. PLC හි වසර 146 ක විශිෂ්ටත්වය සහ BlueScope Lysaght Lanka (Pvt) Ltd හි සෙවිලි තහඩු හා උපාංග ක්ෂේත්‍රය ආශ්‍රිත ව වසර 30කට අධික පළපුරුද්ද Sterling Steels Limited ආරම්භයට ප්‍රධාන වශයෙන් හේතු විය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ 1993 නොවැම්බර් මාසයේ දී BHP Steel Building Products Lanka (Pvt) Ltd විසින් ආරම්භ කරන ලද Sterling Steels Limited, දිගු කලක් තිස්සේ වානේ සෙවිලි තහඩු සහ ආවරණ පද්ධති නිෂ්පාදනයේ සහ අලෙවියේ නිරත වන සමාගමකි. එම සමාගම E.B. Creasy & Co. PLC විසින් අත්පත් කර ගැනීම හරහා පාරිභෝගිකයින්ගේ විවිධත්වයෙන් යුත් අවශ්‍යතා සඳහා ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන විසඳුම් ලබා දීමේ හැකියාව ලැබෙන අතර, එහි දී වර්ධනයේ හා නවෝත්පාදනය හරහා මෙම ක්ෂේත්‍රය ආශ්‍රිත ව නව යුගයක් නිර්මාණය වන බව සඳහන් කළ යුතු ම කරුණකි.
වසර 30 කට අධික විශිෂ්ට ඉතිහාසයකට උරුම කම් කියන Sterling Steels Limited, උසස් තත්ත්වයේ ZINCALUME® සහ COLORBOND® වානේ භාවිත කරමින් ගොඩනැගිලි නිෂ්පාදන සහ පද්ධති රැසක් හඳුන්වා දෙන අතර, මෙරට වෙළෙඳපොළ තුළ කාර්මික නිෂ්පාදන අශ්‍රිත විශ්වසනීය සැපයුම්කරුවෙකු ලෙස කීර්තියක් ලබා ඇත. පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීම ඉලක්ක කර ගත් මෙම නිෂ්පාදන විවිධ හැඩතලවලින් හා වර්ණයන්ගෙන් ලබා ගත හැකි අතර, Sterling Steels Limited ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ ආශ්‍රිතව දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සඳහා සරිලන ගුණාත්මක විසඳුම් ලබා දීම වෙනුවෙන් පුරෝගාමී ආයතනයක් ලෙස කටයුතු කරයි. මීට අමතරව පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතය සහ බලශක්ති කාර්යක්ෂමතාව තහවුරු කරන නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් Sterling Steels Limited තිරසාරත්වය වෙනුවෙන් සිදු කරන කැප වීම පිළිබිඹු කරයි.
MaxSeam TM 470 සෙවිලි පද්ධතිය, ඕනෑ ම කාලගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන නිෂ්පාදනයක් වන අතර, එය කාර්මික, වාණිජ සහ ගබඩා සංකීර්ණ සඳහා වඩාත් සුදුසු වේ. එමෙන් ම කාර්යක්ෂම බෙදා හැරීමේ ජාලයකින් සන්නද්ධ වූ, උසස් තත්ත්වයෙන් සමන්විත, දෝෂ රහිත MaxSeam TM 470 ඕනෑ ම ප්‍රමාණයකින් ලබා ගත හැකි වීම විශේෂිත ය . ඉහළ ශක්තියකින් යුත් COLORBOND® සහ ZINCALUME® වානේ භාවිතය නිසා මළ බැඳීමෙන් තොර MaxSeam TM 470 නිෂ්පාදනය හරහා ගොඩනැඟිල්ලට අලංකාරයක් එක් කරයි. MaxSeam TM 470 නිෂ්පාදනය, එහි අන්තර්ගත 360° Pittsburgh Double-lock Seam තාක්ෂණය හරහා මෙම නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිත ව භාවිත වන විශිෂ්ටතම අගුළු පද්ධතියෙන් සමන්විත වන අතර, එමගින් වහලයට විශිෂ්ට නිමාවක් ලබා දෙයි.
මෙම උපායමාර්ගික වර්ධනයත් සමඟ Sterling Steels Limited, සිය නව මව් සමාගම වන E.B. Creasy & Co. PLC සමඟ එක් ව ශ්‍රී ලංකාවේ සෙවිළි තහඩු කර්මාන්තය නව මානයකට ගෙන යාමට සූදානමින් සිටින අතර, සිය විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගනිමින් නව්‍යකරණයෙන් සහ උසස් තත්ත්වයෙන් යුත් සෙවිලි සහ ආවරණ නිෂ්පාදන මෙරට පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට එම සමාගම නිරන්තරයෙන් කැප වෙයි.
editor