මැක්ලරන්ස් සමූහය සහ 3M නවෝත්පාදන ක්ෂේත්‍රයේ සිය හවුල්කරුවන අගයයි

3M-McLarens celebrated partnerships and future innovation at its flagship event on Sept 3 at Cinnamon Life, Colombo.

මැක්ලරන්ස් සමූහය සහ 3M නවෝත්පාදන ක්ෂේත්‍රයේ සිය හවුල්කරුවන අගයයි


3M සහ මැක්ලරන්ස් සමූහය “නවෝත්පාදනය තුළින් කාර්යසාධනය බලගැන්වීම සහ හවුල්කාරීත්වය ඇගයීම” යන තේමාව යටතේ සුවිශේෂ උත්සවයක් 2025 සැප්තැම්බර් 3 වන දින කොළඹ සිනමන් ලයිෆ් හිදී පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීම සහ සහයෝගී නවෝත්පාදනයේ අනාගතය ගවේශනය කිරීමේ අරමුණින් පැවැත්වූ මෙම අවස්තාව, එම ආයතනයන්හි ප්‍රමුඛතම පාරිභෝගිකයන්, C තලයේ විධායක නිලධාරීන්, කර්මාන්ත පාර්ශ්වකරුවන් සහ 3M- මැක්ලරන්ස් ආයතයන්හි නායකත්වයේ සහභාගිත්වයෙන් පැවැත්වීය.


මෙම සුවිශේෂී උත්සව අවස්ථාවේදී 3M- මැක්ලරන්ස් ආයතනයන් හි විශ්වාසවන්ත පාරිභෝගිකයින්ගේ අඛණ්ඩ විශ්වාසය සහ දායකත්වය ගෞරවයට පාත්‍ර කළ අතර, 3M සහ මැක්ලරන්ස් සමූහය අතර වසර හයක සහයෝගීතාවයද සමරන ලදී. මෙම හවුල්කාරීත්වය ඔස්සේ ඉදිකිරීම්, මෝටර් රථ,
පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික විසඳුම් යන ප්‍රධාන ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා ගෝලීය තලයේ සැබෑ නවෝත්පාදනයන් සහ දිගුකාලීන බලපෑමක් ඇතිකරගැනීමේ අවස්ථාව නිර්මාණය වී ඇත.


මෙම විශේෂ අවස්ථාව සම්බන්ධයෙන් 3M- මැක්ලරන්ස් හි ප්‍රධාන වධායක නිලධාරි - අධ්‍යක්ෂ ඩිලාන් සෙනෙවිරත්න මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “3M- මැක්ලරන්ස් විදිහට අපි නිරන්තව අපේ පාරිභෝගිකයින් සහ ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ වෙත අපේ උසස්ම තත්ත්වයේන නවෝත්පාදන හඳුන්වා
දීමට යොමුවෙනවා. එමඟින්නිවාස, වැඩබිම් සහ යටිතල පහසුකම් යන අංශයන්ගේ ඉහළම කාර්ය සාධයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය අප විසින් නිර්මාණය කර දී ඇති අතර, ගෝලීය තාක්ෂණය වැළඳගැනීමේ අවස්ථාවද මෙයින් හිමිකර දී තිබෙනවා.”


තවද මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්තවල කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා සැලසුම් කර ඇති නව 3M- මැක්ලරන්ස් තාක්ෂණයන්ගේ සජීවී ආදර්ශන සහිත ආකර්ෂණීය නවෝත්පාදන ප්‍රදර්ශනයක් ද පැවැත්වීය. මෙමඟින් මෙම සමාගම විද්‍යාත්මක
නවෝත්පාදනයන් සහ ප්‍රායෝගික විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය ඉදිරියට ගෙන යාමට දක්වන කැපවීම නැවත වරක් තහවුරු කිරීමට සමත්ව විය. 


මෙම අවස්ථාවට කලාත්මක මානයක් එක් කරමින් 3M-මැක්ලරන්ස්, ගෝලීය මෙන්ම සම්මානලාභී ශ්‍රී ලාංකීය ගායිකාවක වන උමාරියා සිංහවංශ සමඟ හවුල්කාරීත්වයට එළඹීම සම්බන්ධයෙන් නිවේදනයක්ද සිදුකළේය.එහිදී ඇයගේ පළමු ඉංග්‍රීසි භාෂා සංගීත වීචියෝ නිෂ්පාදනය සඳහා අනුගහ්‍රය දැක්වීමට 3M-මැක්ලරන්ස් ඉදරිපත්ව ඇති අතර, ඒ Scotchlite™ Reflective Material ඇතුළු 3M- මැක්ලරන්ස් හි උසස් ද්‍රව්‍ය නවෝත්පාදනයන් ඇඳුම් නිර්මාණයට ඒකාබද්ධ කරමිනි. ඉතාමත් ආකර්ෂණීය අවස්ථාවක් වූ මෙය 3M-මැක්ලරන්ස් හි කර්මාන්ත සහ නවෝත්පාදන අංශයේ වර්ධනයට වගේම සංගීතය සහ කලා අංශය කෙරෙහි දක්වන කැපවීම තහවුරු කිරීමට සමත් විය.

තවද ඉදිරියේදී ආයතනයක් ලෙස 3M-මැක්ලරන්ස්. ශ්‍රී ලාංකීය සමාජය තුළ, විශේෂයෙන් යටිතල පහසුකම් සහ ගමනාගමන අංශය සඳහා කලාපයට අවේණික මෙන්ම විශේෂ නවෝත්පාදන සහ තිරසාර විසඳුම් හඳුන්වා දීම තුළින් දේශීය පවැත්ම තහවුරු කර ගැනීම අරමුණ වී ඇත.


3M යනු


3M යනු විද්‍යාව සහ තාක්ෂණය පදනම් කර ගනිමින් සියවසකට වැඩි කාලයකු පුරා ලොව පුරා ජිවිත වඩාත් යහපත්, ආරක්ෂිත මෙන්ම ඵලදායි කිරීමේ කාර්ය සඳහා දායකත්වය දක්වන ගෝලී නවෝත්පාදන සමාගමකි. රටවල් 70කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන 3M, භාණ්ඩ 60,000කට වඩා වැඩි
ප්‍රමාණයකින් යුත් නිෂ්පාදන කළඹක් සමඟින් ලොව පුරා විවිධ කර්මාන්තවලට සේවා සපයයි. ශ්‍රී ලංකාව තුළ, 3M වසර දහයකට වැඩි කාලයක් තිස්සේ කර්මාන්ත-අදාළ නවෝත්පාදනයන් ලබා දෙමින්, මැක්ලාරන්ස් සමූහය සමඟ එක්ව, වර්ධනය සහ තිරසාරභාවය ඉහළ නංවන අති නවීන විසඳුම් මගින්
දේශීය ව්‍යාපාරවලට අඛණ්ඩව සහාය වෙයි.

මැක්ලරන්ස් සමූහය යනු


මැක්ලරන්ස් සමූහය යනු, 1949 වර්ෂයේදී ආරම්භ කරන ලද, ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ වසර 75ක පෞඩත්වයකින් යුතු ඉතිහාසයකට උරුමකම් කියන්නකි. ක්‍රම ක්‍රමයෙන් සිය ශක්තිය වර්ධනය කර ගනිමින් වර්තමානය වන විට නාවුක සහ භාණ්ඩ ප්‍රවාහන, ඛනිජ තෙල් හා බලශක්ති, නිෂ්පාදන සහ බෙදාහැරීම, විවෙක ස්ථාන, දේපල සහ උපායමාර්ගික ආයෝජනය යන ක්ෂේත්‍ර පහ ඔස්සේ සිය ශක්තිය වර්ධනය කර ගැනීමට සමත්ව ඇත.ලොව විශාලතම වත්කම් සහිත සමාගම් 500ක් ඇතුළුව අන්තර්ජාතික වශයෙන් පිළිගත් වෙළඳ සන්නාම රැසක් සමඟින් හවුල්කාරීත්වයත් ඇතිකරගැනීමට සමත්ව ඇති මැක්ලරන්ස් සමූහය, විශිෂ්ට අත්දැකීම් සහ කාර්යක්ෂම වෘත්තියවේදීන් 1,600කට අධික පිරිසකගෙන් සමඟින්, නවෝත්පාදනාත්මක ඒකාබද්ධ විසඳුම් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ.