මැක්සිස් ටයර් සිය වාර්ෂික සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වයි
Maxxis celebrated its Annual Awards Night 2025 on May 24 at Shangri-La Colombo under the theme “Committed to Conquer,” with Chief Guest Mr. Lenny H. K. Lee, Vice President of Maxxis Thailand International, gracing the occasion.
" ජයග්‍රහණයෙහි අධිෂ්ඨානය " යන තේමාව යටතේ පවත්වන ලද Maxxis වාර්ෂික සම්මාන රාත්‍රිය කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිවානයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සමාගමේ උප සභාපති එච්. කේ. ලී මහතා සහභාගී විය.
තායිලන්තයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් සමාගමේ ජාත්‍යන්තර අළෙවි කළමනාකාර ජැක් ලී මහතා, මැක්සිස් ඉන්ටර්නැෂනල් තායිවානයේ අංශ කළමනාකරු කෙනී මහතා , මැක්සිස් ඉන්ටර්නැෂනල් තායිවානයේ අළෙවි නියෝජිත එඩී මහතා මෙන්ම ටයර් හවුස් සමූහයෙහි සභාපති ලෙස්ලි ෆොන්සේකා මහතා , ටයර් හවුස් සමුහයෙහි කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා මහතා , සමූහ අධ්‍යක්ෂ ගයාන් ෆොන්සේකා මහතා , අධ්‍යක්ෂිකා කාන්ති තලගල මහත්මිය සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් පීරිස් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සම්මාන රාත්‍රීය පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා මැක්සිස් අලෙවිකරුවන් 200ක් සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් ද සහභාගී වූ අතර එහිදී මැක්සිස් අලෙවිකරුවන් 60 දෙනෙකු කුසලතා සම්මාන හිමිකරගනිමින් ඇගැයීමට ලක්වීය. මෙහිදී 2024 වසරේ ජයග්‍රාහකයා වූ කොළඹ 02, U & H Wheel සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත පෙරේරා මහතාට හිමි ජය සංකේතය තායිවානයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සමාගමේ උප සභාපති ලෙනී එච්.කේ.ලී මහතා හා ටයර් හවුස් ව්‍යාපාරයේ සභාපති ලෙස්ලි ෆොන්සේකා මහතා, කළමනාකාර අධ්‍යක්ෂක සුනිල් ෆොන්සේකා මහතා විසින් එක්ව ප්‍රධානය කරන ලදී. මෙහිදී දෙවන ස්ථානය කොළඹ 14 විජය මෝටර්ස් සහ ටයර් හවුස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සජිත් සංකලන දිනාගත් අතර තෙවැනි ස්ථානය රවින්ද්‍ර ලංකා ඔටෝ සර්විස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ එච්.ඒ.කේ. ලක්ෂ්මන් මහතා දිනාගන්නා ලදී.
editor