හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් හි 100කට අධික පිරිසක් NIBM සහතිකපත්‍ර සම්මාන උළෙලේ දී ඇගයුම් ලබයි

හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් හි 100කට අධික පිරිසක් NIBM සහතිකපත්‍ර සම්මාන උළෙලේ දී ඇගයුම් ලබයි

හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් හි පාඨමාලා අවසන් කළ සහතික පත්‍ර ලාභීන් 100කට අධික පිරිසක් වෙත සහතිකපත් ප්‍රදානය පසුගියා දා කුරුණෑගල NIBM ශ්‍රවණාගාරයයේදී පැවැත්වීය.

මෙහිදි NIBM ආයතනය මඟින් ඉගැන්වීම් සිදුකළ මෙම පාඨමාලා තුළදී දිරිදරුවෝ ව්‍යාපෘතිය යටතේ තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි පාඨමාලා සඳහා සහභාගිවූවන්, දීරිලිය ව්‍යාපෘතිය යටතේ ටෙක්නෝ ව්‍යවසායකත්ව පාඨමාලාවන් සඳහා සහභාගිවූවන්,
RISE වැඩසටහන හරහා පුහුණු විශේෂඥයින් ලෙස සහතික ලත් පුහුණුකරුවන් මෙහිදී හඳුනා ගනු ලැබීය. මෙය හෙළ ආයතනය මගින් පුද්ගල සවිබලගැන්වීම සහ ප්‍රජාව තුළ තිරසාර සංවර්ධනයක් ඇතිකිරීමේ අරමුණින් ආරම්භ කරනු ලැබූවකි.


දිරිදරුවෝ ව්‍යාපෘතිය මගින් මේ වන විට විද්‍යාර්ථීන් 800කට අධික ප්‍රමාණයකට ශිෂ්‍යත්ව, වෘත්තීය මාර්ගෝපදේශනය සහ කුසලතා ගොඩනැගීම හරහා සේවකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වන අතර සහභාගිවන්නන් 40 දෙනෙකුට රැකියා අවස්ථා ද නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි.

දිරිලිය ව්‍යාපෘතිය හරහා හෙළ ආයතනය තුළ සේවකයින් අතර ව්‍යවසායකත්ව සංස්කෘතියක් දියුණු කර නිෂ්පාදන සහ අලෙවිකරණය වැනි ක්ෂේත්‍රවල පැය 15,000 කට වැඩි පුහුණුවීම් කාලයක් ලබාදී තිබෙන අතර,  ප්‍රදර්ශන ඔස්සේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට ද අවස්ථාව ලබා දී ඇත. මීට අමතරව RISE වැඩසටහන මඟින් සේවකයින්ගේ මෘදු කුසලතා වැඩි දියුණු කිර්‍රීම සිදු කරයි. 


මෙම සුවිශේෂ උත්සව අවස්ථාව Tesco, Berendina, සහ NIBM හි නියෝජිතයින් සහ හෙළ කළමනාකාරීත්ව කණ්ඩායම, වැඩසටහන් සඳහා සම්බන්ධවූවන් සහ පුහුණුකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවූ අතර, මෙහි විශේෂ ආරාධිතයන් ලෙස Tesco ආයතනය නියෝජනය කරමින් Tesco ශ්‍රී ලංකා මූලාශ්‍ර ප්‍රධානී, අස්මිනා කරීම්, ජ්‍යෙෂ්ඨ විශේෂඥ - වගකිවයුතු මූලාශ්‍ර, සම්පත් විජේපාල සහ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික කළමනාකරු, ප්‍රසන්න ප්‍රනාන්දු, Berendina ආයතන වෙනුවෙන් සාමාන්‍යාධිකාරී - Berendina සංවර්ධන සේවා, දයන්ත ප්‍රනාන්දු සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක ගීත්මි ගුණසේකර සහ NIBM ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන උපදේශක, ආචාර්ය හිමේන්ද්‍ර බලල්ලේ සහ කුරුණෑගල NIBM ප්‍රධානී, සිරිල් ගුණරත්න යන මහත්ම මහත්මීන් සහභාගි විය.


“මෙම අවස්ථාව සහයෝගීත්වයේ ශක්තියට වගේම මැනවින් සැළසුම් කරනු ලැබූ සමාජ සුබසාධන මුලපිරීම් සඳහා මනා සාක්ෂියක්.” යනුවෙන් හෙළ ආයතනයේ සමූහ මානව සම්පත් ප්‍රධානී ඩැවීනා කර්න් මහත්මිය පැවසුවාය. ඇය වැඩිදුරටත් අදහස් දක්වමින්, “ මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වූ සියලුදෙනා සම්බන්ධයෙන් අපි අතිශයින්ම ආඩම්බර වන අතර, ඔවුන්ගේ අනාගතය දීප්තිමත්ව හැඩගස්වා ගැනීම සඳහා මෙම අවස්ථාවන් භාවිතා කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අප බලාසිටිනවා.” යනුවෙන් ප්‍රකාශ කළාය.


මෙම සහතිකපත් ප්‍රදානය ඔස්සේ ශක්තිමත් ප්‍රජාවන් ගොඩනැඟීමට, පුද්ගලයන්
සවිබල ගැන්වීමට සහ තිරසාර සංවර්ධනයක් සහතික කිරීමට අවශ්‍ය අවකාශය
නිර්මාණය කරමින් හෙළ ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු
ලබයි.

හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් පිළිබඳව:


හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් යනු නවෝත්පාදනය, ඇතුළත් කිරීම සහ තිරසාරත්වය සඳහා කැපවී සිටින ගෝලීය ඇඟලුම් නිෂ්පාදකයෙකි. සමාජ සුබසාධනය තම ප්‍රමුඛතම
වගකීමක් කරගත් ව්‍යාපෘති හරහා හෙළ ආයතනය අර්ථවත් සමාජ බලපෑමක්
ඇති කරමින් සේවකයන්, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන් සවිබල ගන්වයි.

NIBM සහතික පත්‍ර ලාභී- කණ්ඩායම 1

NIBM සහතික පත්‍ර ලාභී දරුවෙක්. තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව සහතිකපත්‍රය ලබා දෙන ලද්දේ Tesco ශ්‍රී ලංකා මූලාශ්‍ර ප්‍රධානී, අස්මිනා
කරීම්