ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහ වඩාත් ආරක්ෂිත ඉන්දියානු සාගර කලාපයක් සහ එක්සත් ජනපදයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇමෙරිකානු ඩොලර් මිලියන 1 ක් වටිනා අති නවීන න්‍යෂ්ටික හඳුනාගැනීමේ උපකරණ පද්ධතියක් ලබා දෙයි.

The U.S. Embassy has provided advanced radiation and chemical detection equipment worth $1 million to the Sri Lanka Navy, enhancing maritime security and threat detection capabilities in the Indian Ocean.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහ වඩාත් ආරක්ෂිත ඉන්දියානු සාගර කලාපයක් සහ එක්සත් ජනපදයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇමෙරිකානු ඩොලර් මිලියන 1 ක් වටිනා අති නවීන න්‍යෂ්ටික හඳුනාගැනීමේ උපකරණ පද්ධතියක් ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහ වඩාත් ආරක්ෂිත ඉන්දියානු සාගර කලාපයක් සහ එක්සත් ජනපදයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇමෙරිකානු ඩොලර් මිලියන 1 ක් වටිනා අති නවීන න්‍යෂ්ටික හඳුනාගැනීමේ උපකරණ පද්ධතියක් ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය බල ප්‍රදේශය තුල න්‍යෂ්ටික, විකිරණශීලී සහ රසායනික තර්ජන හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1 (රුපියල් මිලියන 299) ක් වටිනා අති නවීන
විකිරණ සහ රසායනික හඳුනාගැනීමේ උපකරණ ලබා දෙන ලදී.

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය (DOE/NNSA) සහ එහි න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය (NSDD) හරහා සපයන ලද මෙම අති නවීන උපකරණ, මැයි 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී නිල වශයෙන් භාර දෙන ලදී, මෙම උත්සවයට එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතාද සහභාගී වූහ. මෙම උපකරණ මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්දියානු සාගරයේ සංචාරය කිරීම්,ගොඩබෑම්,සෝදිසි කිරීම්,වැටලීම් (VBSS) සම්බන්ධ මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව වැඩි දියුණු කරනු ලබයි. ඒ සමගම මෙම උපකරණ මගින්, අන්තරායකර රසායනික, විකිරණශීලී සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා අවහිර කිරීමේ හැකියාව ශක්තිමත් කරමින්, ජාතියේ වරායන් සහ සමුද්‍රීය මාර්ග ආරක්ෂා කරයි.

මෙම නවීන උපකරණ, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය දේශසීමා ආරක්ෂා කිරීමට මෙන්ම සමස්ත කලාපයේම ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය මෙවලමකි, යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය පැවසුවාය. න්‍යෂ්ටික හා විකිරණශීලී තර්ජන හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමට නාවික හමුදාවට ඇති හැකියාව වැඩි දියුණු කිරීමෙන්, අපි ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ශක්තිමත් කරනවා පමණක් නොව - ජාත්‍යන්තර නැව් මාර්ග ආරක්ෂා කිරීමට, ප්‍රජාවන් ආරක්ෂා කිරීමට සහ හානිකර ද්‍රව්‍ය ඇමරිකාවේ සහ අනෙකුත් රටවල වෙරළට ළඟා නොවන බවට වග බලා ගැනීම ද සිදු කරන්නෙමු. මෙම හවුල්කාරිත්වය , ජනතාවගේ සුරක්ෂිත බව, ආරක්ෂිත වෙළඳාමක් පවත්වා ගැනීම සහ කලාපීය ආරක්ෂාව සඳහා වන අපගේ හවුල් කැපවීම තහවුරු කරයි.


2024 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ DOE/NNSA අතර අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීමෙන් පසු සිදු කරන ලද පළමු ප්‍රධාන පියවර වන්නේ මෙම උපකරණ ලබාදීමයි. න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණයි. මෙම ප්‍රදානයට අමතරව, පසුගිය මාර්තු මාසයේදී, එක්සත් ජනපද තානාපති කාර්යාලය, DOE/NNSA හරහා, කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේදී ඩොලර් 500,000 ක් වටිනා නව විකිරණ හඳුනාගැනීමේ උපකරණ පරිත්‍යාග කළ අතර, එමඟින් විකිරණශීලී ද්‍රව්‍ය හඳුනා ගැනීමට සහ ගෝලීය සැපයුම් දාම සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රේගුවට ඇති හැකියාව තවදුරටත් වැඩි දියුණු කරන ලදී. මෙම උපකරණය ඉතා වැදගත් වන්නේ එය එදිනෙදා නිෂ්පාදනවලට
භයානක විකිරණශීලී ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම, විය හැකි අනතුරු වලින් ප්‍රජාවන් ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර නැව් මාර්ගවල ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ න්‍යෂ්ටික සහ විකිරණශීලී තර්ජන එක්සත් ජනපද වෙරළට ළඟා වීමට පෙර නැවැත්වීමට උපකාරී වන බැවිනි.


විකිරණ හඳුනාගැනීමේ උපකරණ භාවිතය පිළිබඳ විශේෂිත පුහුණුව සැපයීම මගින් සහ නාවික හමුදාවේ VBSS මෙහෙයුම් හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම තුළින්, NSDD අනාගතයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අඛණ්ඩව සහාය වනු ඇත. වඩාත් ආරක්ෂිත ඉන්දියානු සාගර කලාපයක් සහ එක්සත් ජනපදයේ සුරක්ෂිත බව සහතික කිරීම පිණිස, සමුද්‍රීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම, න්‍යෂ්ටික තර්ජන හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වීමට එක්සත් ජනපදය කැපවී සිටී.
ශ්‍රී ලංකාව තුල එක්සත් ජනපදය විසින් පවත්වා ගෙන යන කටයුතු පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, https://lk.usembassy.gov/ වෙත පිවිසෙන්න, සහ සමාජ මාධ්‍යවල @USEmbassySL අනුගමනය කරන්න.